Sinhala story Blog

සැප්තැම්බර් 4, 2010

අපි ජීවත්වන්නෝ -49 එච්චර බඩගින්නක් දැනෙන්නෙ නැහැ නිදාගත්තම

Filed under: Uncategorized — sinhalashortstories @ 5:00 ප.ව.

V
ගලීනා පෙට්‍රොව්නා සෑම උදෑසනකම කෙඳිරි ගෑවාය: “‍මොකද කීරා ඔයාට වෙලා තියෙන්නෙ? කෑව ද නැද්ද කියල ගාණක් නැහැ. සීතල ද කියල ගානක් නැහැ. කවුරු හරි කතා කළාට ඔයාට ඇහෙන්නෙ නැහැ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ ඔයාට?”

සන්ධ්‍යාවේ විද්‍යායතනයෙන් ගෙදරට පිය නඟද්දී ඇයගේ නෙත් සෑම උස තැනැත්තෙක්ම වෙත යොමුවිණ. ඉහළට උස් කෙරුණු කොළරයන් අතරින් නොසන්සුන් ඇස් දකින ඇයගේ හුස්ම ගැනීම නතර වෙයි. ඇය ඔහුව නගරයේ දී දකින්නට බලාපොරොත්තු නොවීය. ඇයට ඔහුව සොයාගන්නට උවමනා නොවීය. ඔහු එයි ද නොඑයි ද කියා ඇය කනස්සල්ලට පත් නොවූවාය. ඔහු තමාට කැමති දැයි ඇය කිසිවිටෙක සිතන්නට නොගියාය. ඔහු සිටිනවාය යන සිතුවිල්ල හැර වෙනත් සිතුවිල්ලක් ඇයට නොවීය. එසේම වෙනත් කිසිවක පැවැත්ම ගැන මතක් කර ගැනීමටත් ඇයට අපහසු වුණි.

එක් දිනක් ඇය නිවසට ගොඩවෙද්දී, දොර හැරුනේ ඉදිමුණ රතු ඇස් ඇති ගලීනා පෙට්‍රොව්නා අතිනි. දොර ඇරෙද්දී ඇතුලට ගලා ආ සීතල හුළං පහරත් එක්කම ඇය වෙත එල්ල වූ මුල්ම ප්‍රශ්නය වූයේ “පාන් අරන් ආව ද?” යන්නයි.

“මොන පාන් ද?” කීරා ඇසුවාය.

“මොන පාන්? ඔයාගෙ පාන්! විද්‍යායතනයේ පාන්! අද තමයි ඔයාට පාන් ලැබෙන්නෙ! මට කියන්න එපා ඔයාට ඒක අමතක වුනා කියල!”

“මට අමතක වුනා.”

“අහෝ, උඩ ඉන්න දෙවියනි!”

ගලීනා පෙට්‍රොව්නා මහත් හිතේ බරකින් අසුනක වාඩි වී සිය දෙඅත් අසරණව කඩා වැටෙන්නට හැරියාය. “කීරා, ඔයාට මොනව ද වෙලා තියෙන්නෙ? ඇයට සලාක ලැබෙනවා පූසෙක්ට කන්න දෙන්න තරම්වත් මදි, ඒකත් එයාට අමතකයි ගෙන්න! පාන් නෑ! අහෝ අනුකම්පා සහගත දෙවියනි!”

අන්ධකාරයේ වූ කෑම කාමරයේ ජනේලය අසල ලිඩියා අසුන් ගෙන සිටියාය. වීදි ලාම්පුවෙන් එන එළියෙන් ඇය වූල් කකුල් ආවරණයක් ගොතන්නීය. ඇලෙක්සැන්ඩර් ඩිමි‍ට්‍රියෙවිච් නිදි කිරා වැටෙයි. ඔහුගේ හිස මේසය මතය.

“පාන් නැහැ,” ගලීනා පෙට්‍රොව්නා දැනුම් දුන්නාය. “උත්තමාවියට අමතක වෙලා.”
ලිඩියා අහංකාර ලෙසින් විරිත්තීය. ඇලෙක්සැන්ඩර් ඩිමි‍ට්‍රියෙවිච් හූල්ලා අසුනින් නැඟිට්ටේය. “මම යනවා ඇඳට,” ඔහු මැතුරුවේය. “එච්චර බඩගින්නක් දැනෙන්නෙ නැහැ නිදාගත්තම.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: