Sinhala story Blog

සැප්තැම්බර් 3, 2010

අපි ජීවත්වන්නෝ -48 ආයේ කවදද එන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 5:26 ප.ව.

“ආයේ කවදද එන්නෙ?”

“කිසි දිනක එන්න බලාපොරොත්තුවක් නැහැ.”

ඇය හෙමිහිට නැඟිට්ටාය. ඔහුට මුහුණ ලා සිටගත්තාය. “ඔයා කවුද?” ඇය ඇසීය.

“ඔයාව විශ්වාස කළත් මට ඒක ඔයාට කියන්න බැහැ.”

“ඔයාට ආයෙ කවදාවත් නොඑන්න යන්න දෙන්න බැහැ.”

“මම කැමැතියි ඔයාව ආයේ දකින්න. මම වැඩි දුරක යන්නෙ නැහැ. මම ආයෙ එන්නත් පුළුවන්.”

“මගෙ ලිපිනය දෙන්නම්.”

“එපා. ඔයා තනියම නෙමෙයිනෙ පදිංචිය. මට කාගෙවත් ගේකට ඇතුල් වෙන්න බැහැ.”

“මට එන්න බැරි ද ඔයාගෙ ගෙදරට?”

“මට ගෙයක් නැහැ.”

“ඒත්..එතකොට..”

“අපි මෙහෙම කරමු. මාසයකින් අපි මෙතැන දීම හමුවෙමු. එතකොට මම තවත් ජීවතුන් අතර සිටිනවා නම්, මට ආයෙත් නගරයට ඇතුල් වන්න පුළුවන් වුනොත්, මම මෙතැනට ඔයාව හමුවන්න එන්නම්.”

“මම එන්නම්.”

“නොවැම්බර් දහ වැනිදා. ඒත් අපි දවල් කාලයේ හමුවෙමු. හවස තුනට. මේ පඩිපෙළ ළඟ.”

“ඔව්.”

“ඉතින්, ඒකත් අපේ මේ විකාර හමුවීම වගේම වැඩක්. දැන් ඔයාට ගෙදර යන්න කාලේ ඇවිත්. මේ රෑ යාමේ එළියෙ ඉන්න හොඳ නැහැ.”

“ඒත්, ඔයා කොහෙද යන්නෙ?”

“මම එළිය වැටෙනකන් ඇවිදින්නම්. තව පැය කිහිපයක් පමණයි. එන්න.”

ඇය වාදයට නොගියාය. ඔහු ඇයගේ අත අල්ලා ගති. කැඩුණු ගේට්ටුවේ නැමී ගිය උල් මැදින් ඔවුන් පැන ගියහ. පාර පාළුවට ගොස්ය. ඈතක සිටි ටැක්සි රියැදුරෙක් ඔවුන්ගේ පා හඬ ඇසී ඔළුව උස්සා බැලීය. ඔහු ටැක්සිය කැඳවූයේය. අශ්වයෝ හතරදෙනාගේ කුර වැදෙනා හඬින් නිහඬ පරිසරය දෙදරා ගියේය.

“ඔයාගෙ නම මොකක්ද?” ඇය ඇසුවාය.

“ලියෝ. ඔයාගෙ?”

“කීරා.”

ටැක්සිය පැමිණියේය. ඔහු රියැදුරාට මුදල් නෝට්ටුවක් දුන්නේය. “ඔහුට කියන්න ඔයාට යන්න ඕන දිහාව.” ඔහු කීරාට කීය.

“ගිහින් එන්න,” කීරා කීවාය, “මාසයක‍ට.”

“මම ජීවතුන් අතර සිටියොත්,” ඔහු පිළිතුරු දුන්නේය, “ඒ වගේම, මට අමතක නොවුනොත්.”

ඇය අසුනට නැඟ එහි දණ ගසා කරත්තයේ පිටුපසින් බලා සිටියාය. කරත්තය ඈතට යද්දී, ඇයගේ හිසකෙස් හැම අත දුවද්දී ඇය තමා දිහා බලාගෙන සිටගෙන ඉන්නා මිනිසා දිහා බලා සිටියාය.

ටැක්සිය වංගුව පසුකර ගිය පසු ද ඇය දණගසා ගෙනම සිටියාය. එහෙත් ඇයගේ හිස නැමුණි. ඇයගේ අත අසරණව අල්ල උඩු අතට හැරී අසුනේ රැඳුණි. ඇයට අතේ ඇඟිලිවල ලේ ගැහෙන ආකාරය දැණින.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: