Sinhala story Blog

සැප්තැම්බර් 2, 2010

අපි ජීවත්වන්නෝ -47 ඔයාව දැන ගන්න ඕන නිසා

Filed under: Uncategorized — sinhalashortstories @ 4:00 ප.ව.

“වාඩි වෙන්න.”

“උත්තර දෙන්න.”

“මම වැදගත් පුංචි කෙල්ලෙක්. විද්‍යාතනයේ ඉගෙන ගන්න. නන්නාඳුන කෙනෙකු එක්ක මෙහෙම කතා කළා කියල දැනගත්තොත් දෙමාපියො විසින් ගෙදරින් පිටුවහල් කරන්න ඕන කෙනෙක්.”

ඔහු ඇය දෙස බලා සිටියේය. ඇය තවමත් ඔහු දෙස බලාගෙන ඔහුගේ කකුල් අසලින් වූ පඩි මත වාඩි වී සිටින්නීය. ඇයගේ ඇස් වලින් බියක් හෝ අනුකම්පාව යැදීමක් පෙනෙන්නේ නැත. මුරණ්ඩු වූ සංසුන් ගතියක් පමණි එහි ඇත්තේ. “ඇයි එහෙම ආවේ?” ඔහු ඇසීය.

“ඔයාව දැන ගන්න ඕන නිසා.”

“ඇයි?”

“මම ඔයාගෙ මූණට කැමැතියි.”

“ඔබ පුංචි මෝඩියෙක්! මම වෙනත් කෙනෙක් වුනා නම් මම මීට වඩා වෙනස් විදියකට හැ‍සිරෙන්න ඉඩ තිබුණ.”

“ඒත්, මම දැනන් හිටියා ඔයා වෙනත් කෙනෙක් නොවන බව.”

“ඔයා දන්නව ද ඒ වගෙ වැඩ කරන්නෙ නැතිබව.”

“මම ගනන් ගන්නෙ නැහැ.”

ඔහු හදිසියේම සිනහා වූයේය. “මගෙන් පාපෝච්චාරණයක් අහන්න ඕන ද?” ඔහු ඇසීය.

“ඔව්.”

“මේ තමයි මම…ගෑණියෙක් සල්ලි වලට ගන්න හදපු මුල්ම වතාව.”

“ඇයි අද රෑ උත්සාහයක් ගත්තෙ?”

“මට ඇතිවෙලා තිබුණෙ. මම පැය ගණනක් ඇවිද්දා. මේ නගරයෙ මට අද රෑ ඇතුලට යන්න පුළුවන් කිසිම ගෙයක් නැහැ.”

“ඇයි?”

“ප්‍රශ්න අහන්න එපා. මට අර ගෑණු වෙතට යන්න හිතුනෙ නැහැ. ඒත් ඔයා.. ඔයාගෙ අමුතු හිනාවට මම කැමති වුණා. ඒ වගේ වීදියක මේ වගේ වේලාවක මොනවද ඔයා කලේ?”

“මම එක් කෙනෙක් එක්ක රණ්ඩු වුණා. මට ටැක්සියකට සල්ලි තිබුනෙ නැහැ. ඉතින් මම තනියම ගෙදර යද්දි මට පාර වැරදුණා.”

“ඉතින්, ගොඩාක්ම අපූර්ව සන්ධ්‍යාවකට බොහොම ස්තූතියි. මේක මේ නගරයේ අන්තිම රාත්‍රිය මතක් වෙන්න මට සෑහෙන අමුතු මතකයක්.”

“ඔයාගෙ – අන්තිම රාත්‍රිය?”

“මම හිරු උදාවත් සමඟ පිටවෙලා යනවා.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: