Sinhala story Blog

සැප්තැම්බර් 1, 2010

අපි ජීවත්වන්නෝ -46 එහෙනම් ඔබ කවුද?

Filed under: Uncategorized — sinhalashortstories @ 4:21 ප.ව.

“කොයි මිනිහාට ද?”

“ඔයාව මේකට යොමු කළ මිනිහා?”

“මම…,” ඇය වික්ශිප්ත වූවාය. නොසිතූ සිතුවිල්ලකින් පුදුමයට පත් වූවාය. “නෑ. මම එයාට ආදරේ කළේ නැහැ.”

“ඒක හොඳයි.”

“ඔයා..කවදා හරි…” ඇය ප්‍රශ්නයක් පටන් ගත්ත ද එය අවසන් කරනු නොහැකි බව දැනගත්තාය.

“එයාල කියනවා මට වෙන කවුරුත් ගැන හැඟීමක් නැහැ මං ගැන විතරයි හැඟීමක් ඇත්තෙ කියල.” ඔහු පිළිතුරු දුන්නේය. “ඒකත් එච්චර ලොකු හැඟීමක් නෙමෙයි.”

“කවුද එහෙම කියන්නෙ?”

“මට අකමැති කෙනෙක්. මම දන්නවා මට අකැමති බොහොම දෙනෙක්.”

“ඒක හොඳයි.”

“ඒත්, ම‍ට කවදාවත් හමුවුනේ නැහැ ඒක හොඳයි කියපු කෙනෙක්.”

“ඔව්. ඔයා එහෙම එක්කෙනෙක් දන්නවා.”

“මට ඒ කවුද කියලා කියන්න පුළුවන් ද?”

“ඒ ඔයාමයි.”

ඔහු නැවතත් ඇය වෙත නැඹුරු විය. ඔහුගේ ඇස් අන්ධකාරයේ ඇයව සෙවීය. අනතුරුව අහක් වී උරහිස් හකුළා දමා, “ඔයාට වැරදිලා. ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමේ මම. මට හැමදාම ඕන වුනේ සබන් විකුණන සෝවියට් ලිපිකරුවෙක් වෙලා බඩුගන්න එන අය එක්ක හිනාවෙන්නයි,” කීය.

“ඔයා ගොඩක්ම ගොඩාක් අසතුටකින් ඉන්නෙ,” ඇය කීවාය.

ඔහුගේ මුහුණ ඇය වෙත ඉතා ළංවුණි. ඔහුගෙ ප්‍රාශ්වාසය ඇයගේ තොල් වලට දැනුණි. “කවුද ඔයාගෙ අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙ? ඔයා හිතනවා ද ඔයාට කැමති කරවාගන්න පුළුවන් කියල මාව? බොරුවට එහෙම හිතන්න එපා. ඔයා ගැන මොනවත් හිතන්න මට වැඩක් නැහැ. ඔයා මං ගැන කොහොම හිතනව ද කියන එකත් මට වැඩක් නැහැ. මම ඔයාගෙ ඇඳට අරන් ගිය අනිත් හැම මිනිහෙක්ම වගෙ. ඉස්සරහටත් අරන් යන අය වගෙ.”

“ඔයා අදහස් කරන්නෙ ඔයාට අනිත් හැම මිනිහෙක් වගේම වෙන්න ඕන කියල. ඒ වගේම මගේ ඇ‍ඳේ වෙන කිසිම මිනිහෙක් ඉඳලා නැහැ කියලත් හිතන්න ඔයාට ඕන.” ඇය කීවාය.

ඔහු ඇය දෙස නිහඬව බැලීය. අනතුරුව ඔහු “ඔබ වීථි කාන්තාවක් ද?” යයි හදිසියේම ඇසීය.

“නැහැ,” ඇය සංසුන්ව උත්තර දුන්නාය.

ඔහු උඩ පැන නැඟිට්ටේය. “එහෙනම් ඔබ කවුද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: