Sinhala story Blog

අගෝස්තු 31, 2010

අපි ජීවත්වන්නෝ -45 ඔහු ඒ තරම් වටිනවා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 6:57 ප.ව.

“මම හිතුවා මම ඔයාට ප්‍රශ්න අහන්න එපයි කිව්ව කියල.”

බිත්තියට හිර වී වාඩි වී ඉන්නා කෙල්ල දිහා ඔහු බැලීය. නිහඬ හා ස්ථිර වූ එක් අළු පැහැති ඇසක් ද, ඊට උඩින් කොණ්ඩා කැරැල්ලක් ද, කළු කබා සාක්කුවේ ඔබාගත් සුදු මැණික්කටුව ද, එකිනෙකට තද කරගත් කකුල් වැසි කළු සිහින් මේස් ද ඔහු දැක්කේය. අන්ධකාරයේ ඔහු ඇයගේ සිහින් මුව හා ගැහෙන සිහින් සිරුර ඇති පැල්ලම අනුමානයෙන් සිතාගත්තේය. ඇය වෙත නැඹුරු වී “මගේ දිහා මහ අරුම පුදුමයක් දකින විදියට බලාගෙන ඉන්න එක නවත්තන්න. මට බොන්න ඕන. මට ඔයා වගෙ කෙල්ලක් ඕන. මට පහළට වැටෙන්න ඕන. ඔයාට අරන් යන්න හැකි තරම් පහළකට යන්න ඕන,” ඔහු රහසින් කියන්නට විණ.

“ඔයා දන්නවා, ඔයාට බයයි ඔයාට අවශ්‍ය තරම් පහළට වැටෙන්න බැරි බවට,” ඇය කීවාය.

ඔහුගේ අත ඇයගේ කකුල් වැස්මෙන් ඉවත් විය. ඇය වෙත තවත් ළංවී බලා “ඔයා මේ වෘත්තිය කොපමණ කාලයක් සිට කරනවා ද?” යයි හදිසියකින් ඇසීය.

“ඔහ්…එච්චර කාලයක සිට නෙවෙයි.”

“මම හිතුවා.”

“සමාවෙන්න. මම හැකි තරම් උත්සාහ කළා.”

“උත්සාහ කළා? මොනවට ද?”

“අත්දැකීම් ඇති විදියට හැසිරෙන්න.”

“පුංචි මෝඩි. ඇයි එහෙම කළේ? මම කැමතියි ඔයා ඔය ඉන්න විදියට. ඔය ගොඩක් දකින අමුතු ඇස් වලට…මේකට….එන්න හේතුව මොකක් ද?”

“මිනිහෙක්.”

“ඔහු ඒ තරම් වටිනවා ද?”

“ඔව්.”

“කොයිතරම් රුචියක් ද?”

“මොනවට ද?”

“ජීවිතයට.”

“ඒ රුචිය නැතිව ගියාම මන්දැයි කෙනෙක් මේසයට තවත් වාඩි වෙන්නෙ?”

ඔහු හඬනඟමින් සිනහා වුනේය. ඔහුගේ සිනහව හිස් ජනේල අතරින් හිස් බවින් හා සීතලෙන් දෝංකාරය දුනි. “සමහර විට මේසය යටින් කැබති බිඳිති ටිකක් අහුල ගන්න වෙන්න ඇති. ඔයා වගෙ – විනෝදය තවමත් ගෙන දෙන…ඔයාගෙ තොප්පිය අයින් කරන්න.”

ඇය තොප්පිය අයින් කළාය. අළු ගල් බිත්තිය පසුබිම් කරගත් ඇයගේ අවුල් වූ කොණ්ඩය කොළ මත නටනා විදුලි එළියෙන් රස්නය ඇති සිල්ක් සේ දිළිසුණි. ඇයගේ කොණ්ඩයේ කැරලි අතරින් ඇඟිලි යවා ඇයගේ හිස ඇයට රිදුම් දෙන තරමින් තදින් අල්ලා ළං කරගත් ඔහු මෙසේ ඇසීය. “ඔයා ඒ මිනිහට ආදරේ කළා ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: