Sinhala story Blog

අගෝස්තු 9, 2010

අප ජීවත්වන්නෝ -32 පුරවැසියා යනු ගඩොලක් විතරයි

Filed under: Uncategorized — sinhalashortstories @ 1:57 ප.ව.

වයස අවුරුදු දහතුනේ දී ලිඩියා ග්‍රෑන්ඩ් ඔපෙරා ටෙනර් ගායකයෙකුට පෙම් කළාය.

ඔහුගේ ඡායාරූපයක් සිය ඇඳුම් පෙට්ටිය උඩින් තබාගත් ඇය ඊට අසලින් සිහින් පළිඟු වීදුරුවක බහාලන රතු රෝසමලක් ද තැබුවාය. වයස අවුරුදු පහළොවේ දී ඇය කුරුල්ලන්ට කතා කරන, දුප්පතුන්ට උදව් කරන, අසිසියේ සාන්ත ෆ්‍රැන්සිස් හා පෙමින් බැඳුනාය. කන්‍යාරාමයකට ඇතුල්වන්නට ඇය සිහින මැව්වාය. කීරා කිසි දිනෙක පෙමින් වෙළී නැත. ඇයට වූ එකම වීරයා කුඩා කාලයේ කතන්දරයකින් කියැවූ වයිකිං කෙනෙක්ය. ඒ වයිකිංගේ ඇස් සිය කඩුවට වඩා ඈතකින් නොබැලූ ඇස්ය; එහෙත් ඔහුගේ කඩුවේ තුඩට සීමා බාධක නොතිබුණි. ඒ වයිකිං ජීවිතයේ බාධක කඩා දමා, ජය අත් කරගනිමින්, සුන්බුන් මැදින් යද්දී ඔහුගේ හිසමත හිරු එළියෙන් ඔටුන්නක් පැළඳි අයෙකි. ඔහු එහි බර‍ නොදැන සැහැල්ලු පා තබමින් කෙළින් ඇවිද්දේය. රජවරුන්ට හිනා වූ, පූජකවරුන්ට හිනා වූ වයිකිං දිව්‍ය ලෝකය දිහා බැලුවේ හිස නමා වතුර පොදක් බොන්නට කන්දක් පාමුල වූ දිය කඩිත්තකට නැඹුරු වෙද්දීය. එහි දී අහස පුරා ඇඳි ඔහුගේ සෙවණැල්ල ඔහු දැක්කේය. ඒ වයිකිං ජීවත්වූයේ දෙවියන්වහන්සේගේ මහිමය වූ සතුට හා ආශ්චර්යමත් බව වූ තමන්ම වෙනුවෙනි. ඒ ආඛ්‍යානය කියවන්නට පෙර කියැවූ පොත් මොනවාදැයි කීරාට අමතකය. එයට පසු කියැවූ පොත් මතකයේ තබාගන්නට ඇයට උවමනාවක් නොතිබුණි. නමුත් ඉන්පසු ගතවුනු වසර තුල දී ඒ ආඛ්‍යානයේ අවසානය ඇගේ මතකයේ රැඳින: වයිකිං තමා විසින් යටත් කරගත් නගරයක කුළුනක් අසලින් හිටගෙන සිටිය දී ඔහුගේ සිනාව මිනිසුන් දෙනෙත් ඔසවා දිව්‍යලෝකය දිහා බලා පාන සිනාව වැනිය. නමුත් ඔහුගේ බැල්ම හෙලුනේ පහළටය. ඔහුගේ දකුණු අත හා කඩුව කෙළින් ගැසූ ඉරක් සේය. ඔහුගේ වම් අත කඩුව සේ කෙළින් වූ අතර ඉන් අහසට යොමුකර ඔසවා ගත් වයින් දබරාවක් විය. අරුණළු උදයක පොළවට තවමත් නොපෙනුනු හිරු රැස් ඒ පළිඟු දබරාවට වැදිණ. එය සුදු ගිනිහුලක් මෙන් බැබළීය. එහි රැස් ධාරා පහළින් ඉන්නා අයගේ මුහුණුට එළිය දුනි. “ජීවිතයට,” වයිකිං කීවේය, “එය ඊටම හේතුවකි.”

*

“ඉතින් පුරවැසියෙනි ඔබ සංගමයේ සමාජිකයෙක් නොවේද?” සෝවියට් නිලධාරියා ඇසුවේය. “හොඳ නෑ, හොඳ නෑ. කම්කරු සංගම් තමයි අපේ අනගි දේශයේ යකඩ බාල්ක. එහෙම කිව්වෙ…. කවුද… අපේ අනගි නායකයෙක් තමයි එහෙම කියලා තියෙන්නෙ. පුරවැසියෙක් කියන්නෙ කවුද? ගඩොලක් විතරයි. අනිත් ගඩොල් එක්ක තියලා සිමෙන්තියෙන් බැන්දෙ නැත්නම් වැඩකට නැත්තක්.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: