Sinhala story Blog

අගෝස්තු 8, 2010

අප ජීවත්වන්නෝ -31 එරෙහිවන අඩුම සංඛ්‍යාව

Filed under: Uncategorized — sinhalashortstories @ 2:14 ප.ව.

“එක අතකට,” සෝවියට් නිලධාරියා කියයි, “පිරිමි අපිට වඩා සහෝදර කාන්තා පක්ෂයට වාසියක් තියෙනවා.

ඔයාලට අපේ සමූහාණ්ඩුවෙ අනාගතය වන බාල පරපුර හදාවඩා ගන්න පුළුවන්. කිළිටි, බඩගින්නෙ ඉන්න දරුවො බොහො‍මයක් අද. එයාලට අපේ කාන්තවන්ගෙ ආදර රැකවරණය අවශ්‍යයයි.”
*

සංගමයේ සාමාජිකත්වය: නැත.
*

කීරා යාල්ටාවේ පාසැලට ගියේය. පාසැලේ කෑම කාම‍රයේ මේස ගණනාවක් විය. දවල් ආහාර විවේකයේ දී මේ මේසයන්හි කෙල්ලෝ දෙදෙනෙක්, හතරදෙනෙක් හා දුසිමක් බැගින් වාඩි වී සිටියහ. හැම විටම කීරා අසුන් ගත්තේ කෙළවරක වූ මේසයකය -තනිවමය.

දිනක් ඇයගේ පංතියේ ළමුන් හැමට අණ දෙන, අතට අත දෙන, සිනහවක් මුව අග තිබි පංතියේ ජනප්‍රියම ළමයාගේ අප්‍රසාදය දිනාගත් ගෝමර වැටුණු පුංචි කෙල්ලක් මුළු පංතියම වර්ජනය කළහ.

එදින දවල් ආහාර කාලයේ දී, කෑම කාමරයේ කෙළවරේ වූ කුඩා මේසය ශිෂ්‍යාවන් දෙදෙනෙක් ගෙන් යුතු විය: කීරා සහ අර ගෝමර වැටි පුංචි කෙල්ලයි. බක්වීට් කැඳ බාගයක් අනුභව කරමින් සිටි ඔවුන් දෙදෙනා අතරට කුපිත වූ පංති බාර ගුරුතුමිය ආවාය.

තරහෙන් ඇස් දිළිසෙමින් “ඔයා මොනවද කරන්නෙ කියා දන්නවාද, ආර්ගුනෝවා?” යයි ඇය ඇසුවාය.

“කැඳ කනවා,” කීරා පිළිතුරු දුන්නාය. “ඔබ වාඩි වෙන්නෙ නැද්ද?”

“ඔයා දන්නවාද මේ ගෑණු ළමයා කරල තියන දේ?”

“මම ඒ ගැන මාත්‍රයක් වත් දන්නෑ.”

“දන්නෑ. එහෙනම් ඇයි මෙහෙම ඔයා එයාට උදව් කරන්නෙ?”

“ඔබට වැරදීමක්. මම මෙහෙම කරන්නෙ එයාට නෙමේ. මම මෙහෙම කරන්නෙ තවත් ගැහැණු ළමයි විසි අට දෙනෙකුට එරෙහිව.”

“වැඩි පිරිසකගේ කැමැත්තට පිටුපාන එක හපන් කමක් කියලා ඔයා හිතනව ද?”

“මම හිතන්නෙ මොකක් හරි කාරණයක හරි වැරැද්ද පිළිබඳ සැකයක් ඇත්නම්, ආරක්ෂිත හා හොඳ පැවැත්ම වන්නෙ යමකට එරෙහිවන අඩුම සංඛ්‍යාව ඉන්න පැත්ත තෝරා ගැනීමයි…කරුණාකරල මට ලුණු පාස් කරනවා ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: