Sinhala story Blog

අගෝස්තු 5, 2010

අප ජීවත්වන්නෝ -28 තනිවම කාලය ගත කිරීමේ සතුට

Filed under: Uncategorized — sinhalashortstories @ 9:01 ප.ව.

ගිනි කන්දක් පුපුරා ගොස් නැවත මිදී ගිය ගල් හා පස් ගිලගත් අවුල් පටලැවිල්ලක් සේ කන්දේ අනිත් පැත්ත ගඟට මත්තෙන් දිස් විය.

දිය පහර ගලනා පහළට හබල් ගානා අය දෙපැත්තේ වූ කළු ගල්ගුහා වලින්, ඝනට වැඩුණු වන ලැහැබෙන්, දිගන්තයට උස්ව වැඩුණු ගස් අතරින්, දැවැන්ත මකුළුවන් මෙන් ගල් අල්ලාගෙන පැතිර ගිය ගස්මුල් අතරින්, ඩයිනසෝරයෙක් ඔළුව දමතැයි අපේක්ෂා කළහැකිය.

ඇයගේ දෙමාපියෝ නීස්, බියාරිට්ස් සහ වියෙනා වැනි පැතිවල සංචාරය කළ ගිම්හාන සම කිහිපයක දී කීරාට තනිවම ඒ ගල් කන්දේ නිදහසේ සැරිසරන්නට ඉඩ පෑදුනි. එහි රජකම් කළ ඇයගේ නිල් පැහැති සාය ඉරී තිබුණි. සුදු කමිසයේ අත් ගැලවී නැතිව ගොස් තිබුණි. පාවහන් නොපැළඳි පා පතුල් තියුණු වැලි වලින් කැපී තිබුණි. ගලකින් ගලකට පැද්දී යන්නටත්, අත්තක් අල්ලාගෙන හුළ‍ඟේ පාවී තම නිල් සාය පැරෂූටයක් මෙන් උපකාර කරගන්නටත් ඇය හුරු වී තිබුණි.

අතු එකතු කර පාරුවක් සාදාගෙන, ලොකු පොල්ලක ආධාරයෙන් ගඟ පහළට පදින්නට ඇය සමත් වූවාය. අවදානම් ගල්පොතු හා දියසුළි පහුකරගෙන ඇය ගියේය. සටනක විස්මයජනක බව ඇයගේ දෙපතුල් රැඳි දුර්වල පාරුවෙන් දැනෙන ගඟේ හද ගැස්ම ඇය රස වින්ඳාය. එය හමා ආ සුළඟට ඔරොට්ටු වූ ඇගේ ශරීරය පුරා ඒ හැඟීම දිවයන හැටි ඇය රස වින්ඳාය. රුවලක් සේ පිම්බුනු ඇගේ නිල් සාය ඇගේ කකුල්වල නොනැවතී වැදිණ. ගඟට නැඹුරු වූ අතු ඇයගේ නළල පිස දමයි. ඇය ඒවා පහුකරගෙන ගියේ කොණ්ඩ කෙඳි ඒ කොළ අග රඳවාය. ඒ ගස් ඒවායෙහි රතු බෙරි ගෙඩි ඇයගේ කොණ්ඩයේ රැඳවූහ.

ජීවිතය ගැන කීරා පළමුවෙන්ම ඉගෙන ගත් දෙය හා ඇයගේ වැඩිහිටියෝ ඇය ගැන දැනගත්, ඔවුන් කැළඹීමට පත්කළ කාරණය නම්, ඇය තනිවම කාලය ගත කිරීම නිසා ලද සතුටයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: