Sinhala story Blog

අගෝස්තු 4, 2010

අප ජීවත්වන්නෝ -27 විශේෂ සලකුණු: කිසිත් නැත.

Filed under: Uncategorized — sinhalashortstories @ 5:07 ප.ව.

කොණ්ඩය: දුඹුරු පැහතිය.

කීරාගේ කොණ්ඩය කෙටිය. නළල මැදින් පිටුපසට යවා ඇත. අවුල් වූ කොණ්ඩය ඝනය, හිරුඑළිය එහි ගැට අස්සේ හැංගිලාය. ඇයගේ කොණ්ඩය වනාන්තර කාන්තාවක සේය. ඇයගේ මුහුණ හදිසියෙන් නිමාව දැකි නූතන චිත්‍රශිල්පියෙකුගේ සිතියම් මැස්සෙන් පැන යන ලද චිත්‍රයක් සේය. කෙළින් හා තියුණු සායම් පහරින් වේගයෙන් කටු ගාන ලද අවසන් නොකරන ලද පොරොන්දුවක් සේය.
*
විශේෂ සලකුණු: කිසිත් නැත.

සෝවියට් නිලධාරියා පැන් තුඩින් තීන්ත වැලක් ඉවත්කර ඇඟිලි වලින් රෝල් කර එය සිය කලිසමේ පිසදා හැරියේය.
*
ඉපදුන ස්ථානය හා දිනය: පෙට්‍රොගෑඩය, අප්‍රේල් 11, 1904
*

කීරා ඉපදුනේ කමෙනොස්ට්‍රොව්ස්කිහි අළු පැහැති ග්‍රැනයිට් නිවසේය. ඒ විශාල මන්දිරයේ ගලීනා පෙට්‍රොව්නා වෙන් වූ කොටසක් විය. එහි දී ඇයගේ සේවිකාවෝ දියමන්ති මාල ඇයට පැළඳූහ. එහි වූ අමුත්තන් පිළිගන්නා ශාලාවේ දී ඇය ටැ‍ෆෙටා යටඇඳුම් වලින් සරස් සරස් ගා ගර්විතව හඬ නඟමින්, සේබල් පැළඳි කාන්තාවන් හා සාද පැවැත්වීය. දරුවන්ට මේ කාමරවලට ඇතුල්වීම තහනම් වුනි.

ගලීනා පෙට්‍රොව්නා වෙනත් කාමරයකට ඇතුල්වුනේ කලාතුරකිනි.

කීරා බලාගන්නට ඉංග්‍රීසි ජාතික ගුරුවරියක් සිටියාය. ඇය මනා පැවතුම් ඇති ලස්සන සිනහවකින් යුතු කාන්තාවකි. කීරා ඇයගේ ගුරුවරියට කැමති වුවත් නිතරම තනියෙන් කාලය ගෙවන්නට වඩා ප්‍රිය කළාය, ඒ නිසා ඇය වඩාත් කාලයක් ගෙව්වේ තනිවමය. පවුලේ සැවොම අනුකම්පාව දැක්වූ අබ්බගාත ඥාති දරුවෙක් හා සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කළ කීරාට නැවත එවැන්නකට ඇරයුමක් නොලැබුණි. හොඳ සුරංගනාවිය ආත්මාර්ථකාමී නොවූ දැරියට තෑගි දීමක් ගැන සඳහනක් වූ පළමු පොත ඇය කියවා ජනේලයෙන් පිටතට විසි කළ පසු ගුරුවරිය නැවත ඇයට එවැනි තේමාවක පොතක් ගෙනැවිත් නොදුනි. පල්ලියේ ආගමික සේවාවට සහභාගී වන්නට පවුල හා ගිය ඇය සේවාව මැද දී හොරෙන් එළියට ගොස් වීදිවල අතරමං වී පොලිස් වාහනයකින් නිවසට ගෙනැවිත් ඇරලූ පසු කිසිවෙක් නැවත ඇයට පල්ලියට ගෙන ගියේ නැත.

උස් කඳුගැටයක් මුදුනේ ගඟකට ඉහළින්, ගිම්හාන සංචාරක නිකේතන ප්‍රදේශයක තදබදයෙන් පිටතින් වූ පැත්තක ඉඩකඩ තිබි උද්‍යානයක් මැද ආර්ගුනෝවා පවුලේ ගිම්හාන නිවස පිහිටීය. ගඟට පිටුපා කන්ද බෑවුමේ වූ රූලකින් ඇඳි සේ වූ තණපිටි හා ආරුක්කු කපන ලද පඳුරු අතරින් නම් දැරූ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවූ කිරිගරුඬ ප්‍රතිමාවන්ට නිවස මුහුණ ලා තිබුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: