Sinhala story Blog

ජූලි 31, 2010

අප ජීවත්වන්නෝ -23 මේ යුතුකම් ඉටු කරන්න මම කාටද ණයගැති?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:53 ප.ව.

“මම ඉංජිනේරුවෙක් වෙනවා.”

“ඇත්තෙන්ම කියනවා නම්,” වික්ටර් නොමනාපයෙන් පවසයි, “කාන්තාවන්ට ඉංජිනේරු වෘත්තිය සුදුසුයි කියල මම විශ්වාස කරන්නෑ.”

“කීරා,” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් පහත් හඬින් කියයි, “ඔයා කොමියුනිස්ට් අයට අකැමතියි. ඒත් අද තෝරාගෙන තියෙන්නෙ ඔවුන් නූතනයේ වඩාත් ප්‍රියකරන වෘත්තියක් – කාන්තා ඉංජිනේරුවරියක්!”

“ඔබ රතු දේශය වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කරනවා ද?” වික්ටර් අසයි.

“මම ගොඩනැඟිලි හදන්නෙ මම ගොඩනැඟිලි හදන්න කැමති නිසයි.”

“ඒ වුණාට කීරා!” ලිඩියා අන්දුන් කුන්දුන්ව ඇය දෙස බලා සිටියි. “ඒ කියන්නෙ පස්, යකඩ, මලකඩ, පන්දම්, වගේම කිළිටි දහදියෙන් පිරි මිනිස්සු සහ කාන්තාවන්ගෙ සහායක් නැතිව කරන එකනෙ.”

“ඒ නිසාම තමයි මම කැමති.”

“ඒක කොහොමටවත් හැදිච්ච කාන්තාවකට සුදුසු වෘත්තියක් නෙමේ.” ගලීනා පෙට්‍රොව්නා කීවාය.

“ඒක තමයි එකම වෘත්තිය,” කීරා කියයි, “මට කිසිම බොරුවක් කියන්න අවශ්‍ය වෙන්නෙ නැති. වානේ නම් වානේ. අනිත් සේරම විද්‍යා තව කෙනෙකුගෙ අනුමානයක්, තව කෙනෙකුගේ බලාපොරොත්තුවක්, ඒ වගේම බොහෝ අයගේ බොරු.”

“ඔයාට නැත්තෙ,” ලිඩියා කියයි, “ස්ප්‍රීතුව ගැන දේවල්.”

“ඇත්තෙන්ම,” වික්ටර් කියයි, “ඔයාට තියෙන්නෙ ටිකක් සමාජ විරෝධී ගතියක්, කීරා. ඔයා වෘත්තියක් තෝරාගෙන තියන්නෙ ඔයා ඒක උවමනා නිසා පමණයි, ඔයා කාන්තාවක් නිසා, කාන්තාවක් විසින් සමාජයට වඩා ප්‍රයෝජනවත් ලෙසින් යමක් කරන්නට ඇති හැකියාවට කිසිම වැදගත්කමක් නොදී. අපි හැමෝටම සමාජයට ඇති අපේ යුතුකම් සලකා බලන්න අවශ්‍යයයි.”

“හරියටම කාටද වික්ටර් ඔයා යුතුකම් ඉටු කරන්නෙ?”

“සමාජයට.”

“සමාජය කියන්නෙ මොකක්ද?”

“කීරා, ඒක පොඩි ළමයෙක් නඟන ප්‍රශ්නයක් කියල මට කියන්න අවස්ථාව දෙන්න.”

“නමුත්,” කීරා කියයි, ඇයගේ දෙනෙත් භයානක ලෙසින් මෘදුය. විසල්ය. “මට තේරුම් ගන්න බැහැ. මේ යුතුකම් ඉටු කරන්න මම කාටද ණයගැති? ඔයාගෙ අසල්වැසියාට ද? නැත්නම් වීදියේ කෙළවර ඉන්නා ක්ෂාත්‍රිකායය (මිලීෂා) මිනිහාට ද? නැත්නම් සමූපාකාරයේ ඉන්නා ලිපිකරුවාට ද? නැත්නම් අර පෝලිමේ තුන්වැනිය‍ට හිටගෙන හිටි කාන්තාවකගේ තොප්පියක් දා ගත්ත පරණ කූඩයක් අතින් ගත්තු වයසක පිරිමියාට ද?”

“සමාජය කියන්නෙ කීරා සුවිසල් එකතුවක්.”

“එක දිගට බිංදු ගොඩක් ලිව්වට වැඩක් නෑ, ඒක…තවමත් කිසිම අගයක් නැත්තක්.”

“දරුවෝ,” වසිලි ඉවානොවිච් අමතයි, “ඔයා මොනවද මේ සෝවියට් රුසියාවේ කරන්නෙ?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: