Sinhala story Blog

ජූලි 30, 2010

අප ජීවත්වන්නෝ -21 ඒක තමයි අළුත්ම පාස්පෝට් එක

Filed under: Uncategorized — sinhalashortstories @ 6:13 පෙ.ව.

එදා රෑ නින්දට යාමට පෙර පවුලේ සියල්ලෝම සාලයේ රැස්වූහ.

මරියා පෙට්‍රොව්නා ඉතා දුකින් ලී කොට තුනක් ගැනබලා ගිනි උදුන දැල්වූවාය. තිර නොදැමු ජනේල ඔබ්බෙන් කළු අන්ධකාරයෙන් කිසිත් නොපෙනෙන පසුබිම මත කුඩා ගිනිදැල් පත්තු විය. අතින් කැටයම් කරන ලද ලී බඩුවල ඔප දැමූ වක්‍රයන්හි සිහින් ගිනිදැල් නටනු දැකිය හැකිය. ඉරී ගිය කුෂන්වල සෙවැනලි වැටිණ. කාමරයේ වූ එකම පින්තූරයේ ඝන රත්තරන් රාමුවේ රත්තරන් පැහැති රටා පැතිරිණ. ඉන් එහි වූ පින්තූරය සෙවැනලි අතරට එකතු විණ. එය වසර විස්සකට පෙර අඳින ලද මරියා පෙට්‍රොව්නාගේ පින්තූරයකි. එහි ඇය සියුමැලි අතක් ඇත්දත් පැහැති උරහිසකට තබාගෙන සිටින්නීය. අද සාලයේ ඉන්නා මරියා පෙට්‍රොව්නා කහිද්දී වේවලන උරහිස්වල පරණ ගොතන ලද සළුව ගැහෙන අත්වලින් රඳවන්නට තැත් කරන්නීය.

ලී කොට තෙතමනයෙන් යුතුය; නොරිස්සුම් සහගත නිල් ගිනිදැල් බෙලහීන ලෙසින් සූ සූ ගායි. නිවි ගොස් යළි පත්තු වෙද්දී ඒවායෙන් කටුක ගන්ධයෙන් යුතු දුම් පිටවේ.

ගිනි උදුන අසලින් වූ සුදු වලසෙකුගේ සිල්ක් වැනි හම් පලසක කීරා වාඩි වී සිටියාය. ඇය ඒ රුදුරු රකුසාගේ හිස ආදරයෙන් අත්වලින් වටකරගෙන සිටින්නීය. එය ඇය කුඩා කාලයේ සිට ප්‍රිය කරන ලද්දකි. සිය මාමාගේ නිවසට පැමිණෙන හැම අවස්ථාවකම ඇය ඔහුගෙන් ඒ වලසා දඩයම් කළ කතන්දරය අසන්නට කැමැත්ත දැක්වූවාය. ඒ වලසා යළිත් පණ ලබා අකීකරු කෙල්ලෝ හපනු ඇතැයි මාමා තර්ජනය කරද්දී ඇය සතුටින් සිනා වූවාය.

“ඉතින්,” මරියා පෙට්‍රොව්නා කියන්නීය, ඇයගේ අත් ගිනි දැල්වල එළියෙන් සෙලවෙන ආකාරය පෙනෙයි, “ඉතින්, අද ඔබලා නැවතත් පෙට්‍රොගෑඩයේ.”

“ඔව්,” ගලීනා පෙට්‍රොව්නා කියන්නීය, “අද අපි මෙහෙ.”

“අහෝ, දෙවියන්ගේ සාන්ත මව්තුමියනි!” මරියා පෙට්‍රොව්නා සුසුම් හලයි. “සිතන්නට අනාගතයක් තිබීම සමහර අවස්ථාවල දී හරිම කරදරයක්!”

“ඒක හරි.” ගලීනා පෙට්‍රොව්නා කියන්නීය.

“ඉතින්, මොනවද කෙල්ලො ගැන තියන සැලසුම්? ලිඩියා ඩාලිං, ඔයා කදිම තරුණ කාන්තාවක්, නේද? තවම හදවත කාටවත් දීලා නැහැ?” ලිඩියාගේ සිනහව ස්තූති පූර්වක වූවක් නොවීය. මරියා පෙට්‍රොව්නා සුසුම් හෙලයි: “මේ දවස්වල පිරිමි හරිම අමුතුයි. එයාල විවාහය ගැන හිතන්නෙ නැහැ. ඒ වගේම කෙල්ලො? අරීනාගෙ වයසේ දී මම පුතෙක් එක්ක ගැබ්බරයි. ඒත් එයා නිවහනක් හෝ පවුලක් ගැන හිතන්නෙ වත් නැහැ. කලා ඇකඩමිය ගැන විතරයි එයාට. ගලීනා, ඔයාට මතකද එයා නැපි ඇඳීම නවත්තපු ගමන් මගේ ලී බඩුවල කුරුටු ගාන්න පටන් ගත්ත හැටි? ඉතින් ලිඩියා, ඔයා ඉගෙන ගන්න ද යන්නෙ?”

“මට එහෙම අදහසක් නැහැ,” ලිඩියා කීවාය. “වැඩි අධ්‍යාපනයක් ලැබීම කාන්තාවකට සුදුසු නැහැ.”

“කීරා?”

“ පුංචි කීරා විද්‍යායතනයකට යන්න සුදුසු වයසට ඇවිල්ලා යයි සිතීම විහිළුවක් වගෙ නේද?” වික්ටර් කියයි. “ඉස්සරවෙලාම, කීරා, ඔයාට කම්කරු පොතක් අරගන්න වෙනවා -ඒක තමයි අළුත්ම පාස්පෝට් එක, දන්නවාද? ඔයාට දැන් වයස දාසයට වැඩියි. ඊට පස්සෙ…”

“මම හිතනවා,” මරියා පෙට්‍රොව්නා ‍යෝජනා කරන්නට උත්සුක වෙන්නීය, “අද දවසේ වෘත්තියක් වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. කීරාව වෛද්‍ය විද්‍යාලයකට යවන්නෙ නැත්තෙ ඇයි? කාන්තා වෛද්‍යවරියකට හොඳ සලාක ලැබෙනවා!”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: