Sinhala story Blog

ජූලි 28, 2010

අප ජීවත්වන්නෝ -20 මොන පිස්සු ද, ලිඩියා ඩාලිං

Filed under: Uncategorized — sinhalashortstories @ 10:04 පෙ.ව.

පුටුවක් කරකවා ඇදගත් වික්ටර් කීරා අසලින් වාඩි වූයේය.

“ඉතින් අන්කල් ඇලෙක්සැන්ඩර්,” සුදු පැහැයෙන් බැබළි දත් පෙළක් විහදා ඔහු ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් ඇමතීය. “පෙට්‍රොගෑඩයට නැවත එන්න ඔබ තෝරාගෙන තියෙන්නෙ හරිම චිත්තාකර්ශණීය සමයක්. දුෂ්කර කාලයක් තමයි සහතිකයෙන්ම. කුරිරු කාලයක්. නමුත් ඒ වගේම වඩාත්ම චිත්තාකර්ශණීය සමයක්, අනිකුත් සේරම ඵෛතිහාසික ව්‍යසන කාලයන් වගේම කාලයක්.”

ගලීනා පෙට්‍රොව්නා ප්‍රශංසාවෙන් සිනහවක් පෑවාය: ‍”මොනවද ඔබ හදාරන්නෙ, වික්ටර්?”

“තාක්ෂණ විද්‍යා ආයතනයේ. විද්‍යුත් ඉංජිනේරු ශිල්පය. විද්‍යුත් මාධ්‍යයට වඩාත්ම මහත් අනාගතයක් තියෙනවා. රුසියාවේ අනාගතය සමඟ. ඒත් තාත්තා එහෙම හිතන්නෙ නැහැ…අරීනා, ඔයා කවදා හරි කොණ්ඩෙ පීරනවා ද? ඔයාගෙ සැලසුම් මොනවාද අන්කල් ඇලෙක්සැන්ඩර්?”

“මම කඩයක් අරිනවා,” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් නිවේදනය කළේ ගාම්භීර වූ, ආඩම්බරයට ලංවූ හඬකිනි.

“ඊට මුදල් අවශ්‍යයයි, අන්කල් ඩිමිට්‍රියෙවිච්.”

“අපිට ටිකක් ඉතුරු කරගන්න පුළුවන් වුනා, දකුණේ දී.”

“උඩ ඉන්න දෙවියනේ!” මරියා පෙට්‍රොව්නා හඬගෑය. “ඉක්මණින් වියදම් කරලා දාන්න වෙයි. කොළ සල්ලි වියදම් වෙන හැටියට -බලන්න, පහුගිය සතියෙ පාන් රාත්තලක් රූබල් හැටදාහක්. දැන් ඒක හැත්තැපන්දාහක්!”

“අළුත් ව්‍යාපාරයන්ට, අන්කල් ඇලෙක්සැන්ඩර්, මේ අළුත් යුගයේ හොඳ අනාගතයක් තියෙනවා,” වික්ටර් කියයි.

“ආණ්ඩුව තම අඩිය තියලා පාගලා දානකම්,” වසිලි ඉවානොවිච් දොම්නසින් කියයි.

“බය වෙන්න දෙයක් නෑ තාත්තෙ. අයිතිය පවරාගත් කාලය ඉවරයි. සෝවියට් ආණ්ඩුවට අද තියෙන්නෙ වඩාත්ම ප්‍රගතිශීලී වූ ප්‍රතිපත්ති කටු සටහන්.”

“ලේ වලින් ඇඳි කටු සටහන්,” වසිලි ඉවානොවිච් කීවේය.

“වික්ටර්, එයාල දකුණෙ අඳින්නෙ හරිම විහිළු ඇඳුම්,” අරීනා ඉක්මණින් කට දැම්මාය. “ඔයා දැක්ක ද කීරාගේ ලී සෙරෙප්පු?”

“ආ හරි, ජාතීන්ගේ සංගමය. ඒ එයාට දාල තියන නම. සාමය ආරක්ෂා කරන්න හදන නිසා. සෙරෙප්පු බලන්න හරි කැමතියි මම.”

කීරා කිසිත් තැකීමක් නැතිව කකුල ඉස්සුවාය. ඇයගෙ කෙටි සාය කකුලේ වැඩි හරියක් ආවරණය කළේ නැත. එය කිරාට නොවැටහුණාට වික්ටර් සහ ලිඩියා දුටුවහ.

“ඔයාගෙ වයසේ දි කීරා,” ලිඩියා කාරණය පැහැදිලි කරන සේ කීරා අමතයි, “දැන් දිග සායවල් අඳින්න ඕනා.”

“මොන පිස්සු ද, ලිඩියා ඩාලිං,” වික්ටර් කතාව නිම කරමින් පවසයි, “කෙටි සායවල් තමයි කාන්තා ශෝභනත්වයේ මුදුන් පෙත්ත. කාන්තා ශෝභනත්වය තමයි කලාවේ මුදුන් පෙත්ත.”

*

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: