Sinhala story Blog

ජූලි 26, 2010

අප ජීවත්වන්නෝ -18 සෝවියට් රස්සාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 3:13 ප.ව.

“ඔයාලට ඇහුණ ද… මොනවා හරි… ෆැක්ටරිය ගැන… මගේ ෆැක්ටරියට මොකද වුනේ?”

ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් පසුබට ලීලාවෙන් අසයි.

“වහලා දැම්මා,” වසිලි ඉවානොවිච් ක්ෂණයෙන් කඩා පැන කියයි. “ඔවුන්ට ඒක පවත්වාගෙන යන්න බැරි වුනා. වහලා දැම්මා. අනිත් සේරම වගේ.”

මරියා පෙට්‍රොව්නා කැස්සාය. “ඔයාට හරි ප්‍රශ්නයක්, ගලීනා, හරිම ප්‍රශ්නයක්! කෙල්ලො දෙන්නා විද්‍යාලයකට යනවා ද? නැත්නම් -කොහොමද ඔයාලට සලාක‍ පොත් ලබාගන්නෙ?”

“හැබැයි -මම හිතුවා- NEP එකත් එක්ක, දැන් පුද්ගලික කඩ තියෙනවානෙ.”

“ඔව් -NEP සහ එයාලගෙ නව ආර්ථික ප්‍රතිපත්තිය, ඔව්, පුද්ගලික කඩවලට අවසර දෙනවා තමයි, ඒත් කාටද සල්ලි තියෙන්නෙ ඒ කඩ වලින් බඩු ගන්න? සලාක සමූපකාර වලට වඩා දහ ගුණයක් ඒ තැන්වල අය කරනවා. මම තාමත් පුද්ගලික කඩයකට ගිහින් නැහැ. අපිට දරන්න බැරි මිලක්. කාටවත් දරන්න බැරි මිලක්. අපිට නාට්‍යයක් බලන්න යෑමත් දරන්න බැරි මිලක්. වික්ටර් මාව එක සැරයක් සංදර්ශනයක් බලන්න එක්ක ගියා. ඒත් වසිලි- වසිලි රඟහලක් ඇතුලට පය තබන්නෙවත් නැහැ.”

“ඇයි ඒ?”

වසිලි ඉවානොවිච් ඔළුව උස්සා බලයි. ඔහුගේ දෑස් තියුණුය. “ඔබේ රට සන්තාපයෙන් ඉන්ඳැද්දි ඔබ නිස්සාර විනෝදය සොයා යන්නෙ නැහැ. මම ශෝකය ප්‍රකාශ කරමින් ඉන්නෙ -මගේ රට වෙනුවෙන්,” යයි ඔහු හැඟුම්බර හඬින් කීවේය.

“ලිඩියා,” අරීනා ඇයගේ සියල්ල පිසදා හරින ස්වරය නැවතත් අවදි කරන්නීය, “ඔයා තාම ආදරයේ රස විඳලා නැද්ද?”

“අසභ්‍ය ප්‍රශ්නවලට මම උත්තර දෙන්නෙ නැහැ,” යයි ලිඩියා කීවාය.

“මම කියන්නම් ඔයාට, ගලීනා,” මරියා පෙට්‍රොව්නා ඉක්මන් වී කැස්සාය, උගුර හිර කරගත්තාය, නැවතත් කතා කරමින් “මම කියන්නම් කරන්න හොඳම දේ: ඇලෙක්සැන්ඩර් රස්සාවක් හොයා ගන්න ඕන.”

ගලීනා පෙට්‍රොව්නා කම්මුල් පහරක් ලද්දියක මෙන් ඉද්ද ගැසී අසුනේ කෙළින් හරිබරි ගැසුනාය. “සෝවියට් රස්සාවක්?”

“ඉතින්…හැම රස්සාවක්ම සෝවියට් රස්සාවල් තමයි.”

“මම ජීවත් වෙනකම් කරන්නෑ” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් බලාපොරොත්තු නොවූ ශක්තියකින් සඳහන් කරයි.

වසිලි ඉවානොවිච් සිය හැන්ද අත හැරියේය. එය හඬනඟා පිඟානේ පෙරළී ගියේය; නිහඬව, හැඟුම්බරව, ඔහු තම මහත් විශාල අත මේසය හරහා දික් කර ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්ගේ අතට අත දුන්නේ මරියා පෙට්‍රොව්නා වෙත තර්ජනය පිරි බැල්මක් හෙළමිනි. ඇය හැකිළිණ, මෙනේරි පිරි හැන්දක් ගිල දමා, කැස්සාය.

“මම ඔයා ගැන නෙමෙයි මුකුත් කි‍ව්වෙ වසිලි,” ඇය යටහත් පහත් ලෙසින් විරෝධය පායි. “මම දන්නවා ඔයා අනුමත නොකරන බව…ඉතින්…ඔයා කවදාවත් අනුමත නොකරන බව…ඒත්, මම හිතුවෙ එයාලට පාන් සලාක, තෙල්, සීනි ලැබෙනවා, සෝවියට් රැකියා කරන අයට – සමහර වෙලාවට.”

“මට සෝවියට් රැකියාවක් ගන්න වෙච්ච දවසට, ඔයා වැන්දඹුවක් වෙයි මරුස්සියා” යයි වසිලි ඉවානොවිච් කියයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: