Sinhala story Blog

ජූලි 25, 2010

අප ජීවත්වන්නෝ -17 කන දේවල් නිච්චි නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 11:41 පෙ.ව.

“සලාක පොත් -ඒවා සෝවියට් රැකියා ඇත්තන්ට හා ශිෂ්‍යයන්ට පමණයි.

අපිට ලැබෙන්නෙ සලාක පොත් දෙකයි. එක පවුලට සලාක පොත් දෙකයි -ඒක ලෙහෙසි නැහැ. විද්‍යාතනයේ වික්ටර්ට දෙන ශිෂ්‍ය සලාක පොතයි කලා ඇකඩමියෙන් අරීනාට ලැබෙන සලාක පොතයි. මට රස්සාවක් නැති නිසා සලාක පොතක් නෑ. වසිලිට..”

දුවගෙන ගොස් ඉක්මණින් ලිස්සා නැවතිල්ලකට ආවා සේ ඇය කතාව නතර කළාය. සැමියා දෙස හොරෙන් පෑ ඇයගේ බැල්ම හැකිළී ගිය ලද්දකි. වසිලි ඉවානොවිච් කිසිත් නොකියා ඔහුගේ පිඟාන දිහා බලා සිටියි.

මරියා පෙට්‍රොව්නාගේ අතැඟිලි නළියයි. “මේ ඉතා දුෂ්කර කාලයක්. දෙවියන්වහන්සේ අපිට අනුකම්පා කරන සේක්වා. ගලීනා ඔයාට මතක ද ලිලි සැවින්ස්කායා, වෙනත් කිසිම ආභරණ නැතිව මුතු විතරක් පැළඳි කෙනා? එයා දැන් මැරිල. එයා මැරුනේ 1919 දි. එක වුනේ මෙහෙමයි. ඔවුන්ට කන්නට කිසිවක් දවස් ගාණක ඉඳන් තිබිල නැහැ. එයාගෙ සැමියා දවසක් මහපාරේ ඇවිදින කොට බඩගින්නෙ මැරිච්ච අශ්වයෙක් වට කරගෙන උගෙ මස් බෙදාගන්න පොරකන මිනිස්සු පිරිසක් දැකල. ඒ මිනිස්සු අශ්වයාව කෑලි කෑලි වලට කඩාගෙන. එයාටත් ටිකක් ලැබිල. ගෙදර ගෙනැත් ඒක උයල එයාල කෑවා. ඒ අශ්වයා මැරිලා තියෙන්නෙ බඩගින්නට විතරක් නෙමේ. දෙන්නටම හොඳටම අසාධ්‍ය වුනා. වෛද්‍යවරු ඔහුව බේරගත්තා ඒත් ලිලී මැරුණ. 1918 දී ඔහුට තිබුණ සියල්ලම නැතිවුණ…එයාගෙ සීනි ව්‍යාපාරය -ඒක ජනසතු කළේ අපේ හම් සාප්පුව ජනසතු කළ දිනයේම….”

ඇය නැවතත් කතාව නැවැත්තුවාය. ඇයගේ වෙව්ලන ඇස්පිය වලින් ඇය වසිලි ඉවානොවිච් දිහා බලන්නීය. වසිලි ඉවානොවිච් කිසිත් නොකීවේය.

“තව දෙන්න,” පුංචි අසියා බුම්මාගත් මුහුණින්ම තම පිඟාන පෑවේ දෙවන වතාවටත් මෙනේරි බෙදනු පිණිසය.

“කීරා!” අරීනා ප්‍රබෝධමත් ස්වරයකින් මේසය හරහා පැහැදිලි හා මහත් හඬින් කීවේ මෙතෙක් කියූ සියල්ල පිසදා හරින්නට මෙනි. “ඔබ ක්‍රයිමියාවේ දී නැවුම් පළතුරු කෑවා ද?”

“ඔව්. සමහර විටෙක දී,” කීරා කීවාය.

“මම සිහින මවනවා, ඉතාමත් ආශාවෙන් බලාගෙන ඉන්නවා, මැරෙන්න තරම් ඕනෑකමකින් මිදි කන්න. ඔයා මිදි කන්න අකැමති ද?”

“මම කන දේවල් කවදාවත් මට නිච්චියක් නැහැ,” කීරා කියන්නීය.

“”කොහොම වෙතත්.” මරියා පෙට්‍රොව්නා කියාගෙන යයි, “ලිලී සැවින්ස්කායාගෙ සැමියාට දැන් රස්සාවක් තියෙනවා. සෝවියට් කාර්යාලයක ලිපිකරුවෙක්. සමහර අය රැකියාවල් බාර ගන්නවා. අන්තිමේ දී…” ඇය වසිලි ඉව‍ානොවිච් දිහා කෙළින්ම බලාගෙන සිටින්නීය. ඔහු කිසිවක් නොකියයි.

ගලීනා පෙට්‍රොව්නා බයාදු ලෙසින් “කොහොම ද…කොහොම ද අපේ පරණ ගෙදර?” යයි ඇසුවාය.

“ඔයාලගේ? කමෙනොස්ට්‍රොව්ස්කි ගෙය? හීනෙකින් වත් හිතන්න එපා. නාම පුවරු පින්තාරු කරන්නෙක් දැන් එහි පදිංචිය. සහතිකයෙන්ම කම්කරු පංතියෙ. දෙයියො විතරයි දන්නෙ කොහෙන් ඔයාලට නිවහනක් ලැබේද කියා, ගලීනා. මිනිස්සු බල්ලො වගේ පිරිලා ඉන්නෙ.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: