Sinhala story Blog

ජූලි 20, 2010

අප ජීවත්වන්නෝ -15 ගලීනා! ඩාලිං! මේ ඔබයි!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:02 ප.ව.

“මම ඇයගෙ සහෝදරිය, ගලීනා පෙට්‍රොව්නා ආර්ගුනෝවා.”

ස්ත්‍රිය කිසිත් නොකීවාය. ගෙය තුලට හැරුණු ඇය මහ හඬින් කෑ ගැසුවාය. “මරියා පෙට්‍රොව්නා! මෙන්න කට්ටියක් ඇවිත් ඔයාගෙ සහෝදරිය යයි කියනවා!”

කැස්සක හඬ පිළිතුරු වශයෙන් ගෙයි පිටිපස්සෙන් ගලා ආවේය. ඊ ළඟට සෙමින් සෙමින් පිය නඟන හඬ ද අනතුරුව සුදුමැළි මුහුණක් වයසක ස්ත්‍රියගේ උරහිසින් මතුවිය. මුව විවර වුනේ කෑ ගැහිල්ලක් සමඟය. “උඩ ඉන්න මගේ දෙවියන්වහන්සේ!”

පුළුල් දොර පියන් විගසින් ඇරුණි. සිහින් අත් දෙකක් ගලීනා පෙට්‍රොව්නාව අල්ලා ගති. ගැහෙන පපුවකට ඇය තුරුල් කර ගැනුණි. “ගලීනා! ඩාලිං! මේ ඔබයි!”

“මරුස්සියා!” ගලීනා පෙට්‍රොව්නාගේ තොල් එල්ලා වැටෙන පියරු දැමූ කම්මුලකට ද ඇයගේ නැහැය වැනිලා සුවඳින් වූ සුවඳවිලවුන් වැටි සිහින් වියළි හිසකේ වලට ද හිර විය.

මරියා පෙට්‍රොව්නා කවදත් පවුලේ රූමතිය වූවාය. ඇයගේ සියුමැලි භාවය නිසා ඇය විශේෂ සැලකිලි වලට නිතරම භාජනය විය. ඇයගේ සැමියා සීත කාලයේ හිම මතින් ඇය අශ්ව කරත්තයෙන් නිවසට ගෙනාවේ ඔහු අත් දෙකින් වඩාගෙනය. අද ඇය ගලීනා පෙට්‍රොව්නාටත් වඩා වයසැති පෙනුමකින් යුතුය. ඇයගේ හම කිළිටි වූ හණ රෙදි පැහැය ගති. ඇයගේ තොල්වල රතු පැහැය මඳය. එහෙත් ඇයගේ ඇස්වටා රතු පැහැය වැඩිය.

ඇයට පිටුපසින් ගේ ඇතුලත දොරක් හඬ නඟා ඇරුණි. පියාඹා සේ කාමරයට ආවේ උස් සිරුරින් හෙබි, නොඉවසුම් ගති ලීලාවෙන් යුතු, කුණාටුවක් වැනි හිස කෙස් ඇති, වාහනයක ප්‍රධාන ලාම්පු වැනි ඇස් ඇති තම ස‍හෝදරියගේ දුව, අරීනා ය. ඇයගේ වයස දහඅටකි. ඇයගේ ඇස් විසිඅට වයසැති අයකුගේ පෙනුමින් විය. ඇයගේ සිනහව අවුරුදු අටක් වූවකුගේ වැනිය. අරීනාට පිටුපසින් ඇයගේ නැඟණිය වූ අසියා හිමිහිට අවුත් දොරකඩ ළඟ හිටගත්තාය. ඇය අළුතින් පැමිණි අය දිහා බැලුවේ බුම්මාගෙනය. ඇයගේ වයස අවුරුදු දහඅටකි. ඇයගේ හිසකෙස් කපන්නට අවශ්‍යය. ඇයගේ එක කකුලකට මේස් පළඳන පටියක් ද අවශ්‍යය විය.

ගලීනා පෙට්‍රොව්නා කෙල්ලන් දෙදෙනාව සිපගත්තාය. අනතුරුව අය මහපටැඟිලි වලින් හිටගෙන තම නැඟණියගේ සැමියා වූ වැසිලි ඉවානොවිච්ගේ කම්මුල සිපගන්නට ඉස්සුනාය. ඇය ඔහු දිහා නොබලන්නට උත්සාහ කළාය. ඔහුගේ ඝනට වැවුණු කොණ්ඩය සුදුම සුදු පාටය. ඔහුගේ උස් වූ, ශක්තිමත් දේහය කුදු වී ඇත. අද්මරාල්ටි කණුව කුදු වී ඇතැයි දැක්කා නම් ගලීනා පෙට්‍රොව්නා මේ තරම් තැති ගැන්මකට පත් නොවන්නට ඉඩ තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: