Sinhala story Blog

ජූලි 18, 2010

අප ජීවත්වන්නෝ -13 නවතම ප්‍රවෘත්ති පුරවැසියෙනි!

Filed under: Uncategorized — sinhalashortstories @ 10:10 ප.ව.

ඔවුන් සියල්ලෝම කුලියට දුවන එක අශ්ව කරත්තයකට නැඟ්ගහ.

කීරා වාඩිගත්තේ බඩුපොදි උඩය. අශ්වයා පා සොලවමින් කීරාගේ කකුල් හරහා මඩ පහරක් එල්ල කර ගමනාරම්භ කළේ නෙව්ස්කි ප්‍රොස්පෙක්ට් පැත්තටය.

නගරයේ කොඳු පෙළ සේ කෙළින් පෙනෙන පුළුල් දීර්ඝ මාවත ඔවුන් ඉදිරියේ විය. ඈතකින් අතක් ඔසවා ගෙන ගර්වාන්විත ආචාරයකින් පිළිගන්නා සේ දිස්වෙන අද්මරාල්ටියේ සිහින් රත්තරනින් වූ කොත අළු පාටෙන් වෙළාගත් මීදුම අතරින් පෙනුනි.

පෙට්‍රොගෑඩය වසර පහක අරගලයක් දැක්කේය. මෙයින් වසර හතරක් එහි හැම කඩයක්ම හැම වීථියක්ම වැසුණු කාලයකි. ව්‍යාපාර ජනසතු කිරීම නිසා මකුළු දැළින් හා දුහුවිලි වලින් වැසී තිබුණු වීදුරු ‍ජනේලයන් පසුගිය වසරේ සබන් හා සෝදන රෙදිකඩ සමඟින් නව තීන්ත හා නව අයිතිකරුවන් දුටූහ. රටේ නව ආර්ථික ප්‍රතිපත්තිය නිසා තාවකාලික වූ ප්‍රතිවිරුද්ධ එකඟතාවයකින් පෞද්ගලික වූ කඩ කිහිපයක් විවෘත කරන්නට ආණ්ඩුව පුරවැසියනට අවසර දී තිබුණි.

දිගු කාලයක නින්දකින්, නෙව්ස්කි පැත්ත සෙමින් සෙමින් අවදිවන්නට පටන් ගෙනය. තවමත් එහි නෙත් ආලෝකයට හුරුව නැත. ඉක්මණින් ඇරි ඇස් විවෘත වූයේ විසල්වය, බියෙනි, අයාගත් ඇස්වල විශ්මිත බව පිරී තිබුණි. දැන්වීම් පුවරු කපුරෙදි කැබලි වලින් නිම කරන ලද, එකිනෙකට එකිනෙක සමාන නොවූ අකුරු වලින් ලියන ලද වූහ. පැරණි පුවරු කිරිගරුඬින් නිමවන ලද නැති වී ගිය මිනිස්සුන්ගේ සො‍හොන් කොත් වැනිය. රත්තරන් අකුරින් අමතක වී ගිය නම් උඩින් අළුත් හිමියන්ගේ නම් ලියැවුණි. වීදුරුවල උණ්ඩ පහරින් හිල් වුනු තැන් එසේම විය. සාප්පු නැති නාම පුවරුවන් ද නාම පුවරුවන් නැති සාප්පු ද පැවතියේය. නොයෙක් පැහැයෙන් වූ රෙදි කැබලි වලින් එළලන ලද වර්ණවත් ඇතිරිල්ලක් සේ නගරය පුරා ජනේලයන් අතරමැදින්, වැසුණු දොරවල් වලට ඉහළින්, ඉරිතැලී ගිය සිමෙන්ති බදාම අතර හා ගඩොල් තාප්පවල අලවන ලද ‍පෝස්ටර් කැපී පෙනුණි. ඒවායෙහි රතු කමිස ඇඳගත්, කහ පැහැති ලෙළදෙන තිරිඟු කරල්, රතු බැනර්, නිල් රෝද, රතු ලේන්සු සහ අළු පැහැති ටැක්ටර්, රතු දුම් ගහන පෙට්ටි යනාදිය වූහ. වැස්සෙන් තෙමී ගොස් පුස්බැඳි, කිසිත් චාරයක් නැතිව, සොයාබැලීමක් නැතිව, සීමාවක් නැතිව එකක් මත එකක් ගසා තිබූ පෝස්ටර් ගණනාවක් ද ඇතිබව දැකිය හැකිවිය.

එක වීදි කොණක, මහළු කාන්තාවක් පසුබට ලීලාවකින් බන්දේසියක් මත තැබූ ගෙදර දී පිසින ලද කේක් විකුණයි. මඟීන් ඇය පසුකරගෙන ඉක්මන් ගමණින් ගියහ. කවුදෝ “ප්‍රාව්දා! කෘස්නායා ගසේටා! නවතම ප්‍රවෘත්ති පුරවැසියෙනි!” කියා කෑ ගසයි. තවත් අයෙක් “සැකරින්, පුරවැසියෙනි!” කියා හඬදෙයි. “සිගරැට් ලයිටර් සඳහා ගිනි ගල්, පුරවැසියෙනි, ඉතා ලාබයි!” කියා තවත් අයෙක් හඬ නඟයි. බිම ඇත්තේ සූර්යකාන්ත ඇට කා දැමූ පොතු හා මඩය. ඉහළින් ඇත්තේ හැම නිවසකින්ම හැම වීදියක් තුළම පාට වෙනස් වී රෝස පැහැයෙන් වැනෙනා පාරට නැවුනු රතු බැනර්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: