Sinhala story Blog

ජූලි 7, 2010

අප ජීවත්වන්නෝ -8 ඒයි, පුංචි ඇපල් ගෙඩිය

Filed under: Uncategorized — sinhalashortstories @ 7:27 ප.ව.

කිසිවකුට නොපෙනෙන තැනක තනි වූ මයිල් කබාය ඇඳි කාන්තාව තම අත්බෑගය ගැහෙන හදින් ඇරියාය.

ඉන් ඉවතට ගත් තෙල් කඩදාසියකින් දැවටූ කුඩා පාර්සලය හැරියාය. තමාට තැම්බූ සම්පූර්ණ අලගෙඩියක් ඇතිබව මැදිරියේ උන් කිසිවකුටත් දන්වන්නට ඇයට උවමනාවක් නොවීය. ඇය වියරු ලෙසින් ලොකු කෑලි වලින්, උගුර හිරවෙද්දී, වැසුණු දොරෙන් එපිට කිසිවකුටත් ඇසේ යයි බියෙන්, එය ඉක්මණින් ගිල දැම්මාය.

ඇය දොර හැර එළියට එද්දී නැවතත් එහි ඇතුලතට යන්න සූදානමින් මහත්වරු දෙදෙනා දොර අබියස සිටගෙන සිටියහ.

රාත්‍රියේ දුමින් පිරි සීතලෙන් ගැහුණු අන්ධකාරයේ පැල්ලම් ලෙසින් ලන්තෑරුම් දෙකක් මැදිරියේ දෙපැත්තේ විය. අළු පැහැති රාත්‍රී අහස කැඩුණු ජනේලයෙන් එපිට සෙලවුණි. අසුන්ගත් අප්‍රාණික කළු සිරුරු, රූකඩ මෙන් දුම්රියේ රෝද ලතාවට වැනෙති. සමහරු ගොරවති. සමහරු කෙඳිරි ගාති. කිසිවෙක් කතා නොකරති.

දුම්රිය නැවතුම්පොළක් පසුකරගෙන දුම්රිය ඇදෙනා විට පිටතින් වැටෙන එළියකින් කීරාගේ ගත නැහැවෙයි. ඇයගෙ මුහුණ ඔඩොක්කුවේ වූ නවාගත් අත්වල රැඳී ඇත. කොණ්ඩය පහළට වැටී ඇත. මඳකට වැටෙන එළියෙන් ඇයගේ කොණ්ඩයේ තැනින් තැන දිළිසෙයි.

දුම්රියේ කොහේදෝ තැනක සොල්දාදුවෙකුට එකෝඩියන් එකක් තිබුණි. ගතවන්නා වූ පැයෙන් පැයට, අන්ධකාරය තුරුල් කරගත්, දුම්රියේ දුවන රෝද හා කෙඳිරියන් පසුබිම් කරගෙන, උදාසීන ලෙසින් එහෙත් නවත්වන්නේ නැතුව, බලාපොරොත්තු රහිත ස්වරයකින් ඔහු ගායනා කරයි. ඔහු ගයනා සිංදුව සතුට ප්‍රකාශය කිරීමක් ද නැතහොත් දුක කීමක් දැයි කියා කාටවත් කිය නොහැක. විහිළුවක් ද නැතහොත් අමරණීය වූ ගීතයක් දැයි කිසිවකුත් නොදනියි. කොහෙන් කවුරු පටන් ගත්තා දැයි නොදන්නා එය අරගලයේ මුල්ම සිංදුවයි. මිලියන ගණනින් වූ ජනතාවගේ හඬින් ගැයෙන ඒ සිංදුව දුම්රිය වහලෙන් ද, ගම් පාරවල් වලින් ද, අඳුරු නගරයන්හි පදික වේදිකාවලින් ද ඇසුණි. සමහර හඬවල් හිනාමුසු විය. සමහර ස්වර දුකින් හඬගෑය. අරගලයේ සිංදුව බැනරයක ලියැවුනේ නැත. “පුංචි ඇපල්ගෙඩියේ සිංදුව” සෑම විඩාව දැනුනු උගුරකින්ම ගැයුණකි.

“ඒයි, පුංචි ඇපල් ගෙඩිය,
කොහේට ද ඔබ පෙරළෙන්නේ?”

“ඒයි, පුංචි ඇපල් ගෙඩිය, කොහේට ද ඔබ පෙරළෙන්නේ? ජර්මන් අතකට හසුවුනොත්, ඔබ ආයේ එන එකක් නැත…ඒයි, පුංචි ඇපල් ගෙඩිය, කොහේට ද ඔබ පෙරළෙන්නේ? මගේ ප්‍රියම්බිකාව සුදුයි. මම බොල්ශෙවික්මි….ඒයි, පුංචි ඇපල් ගෙඩිය, කොහේට ද….”

ඇපල් ගෙඩිය මොකක් දැයි කවුරුත් නොදනිති, එහෙත් සියල්ලම සිංදුව වටහා ගත්හ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: