Sinhala story Blog

ජූලි 5, 2010

අප ජීවත්වන්නෝ -7 සුදු පාන්?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:00 ප.ව.

“මම හිතුවෙ වීදි ගැන. ප්‍රධාන නගරයක වීදි තුල කොයිතරම් දේවල් වලට ඉඩ තියෙනවද, කෙනෙකුට කොයිතරම් දේවල් වෙනවද.”

“ඔයා එහෙම කියන්නෙ සතුටින් නේද? දැන් මේ “වෙලා තියන දේවල්” මදිද? මේ අරගලය නිසා ඔයාට වෙච්ච දේවල්ම ඇතිවෙලා නැද්ද?” ගලීනා පෙට්‍රොව්නා ඇනුම්පද ස්වරයකින් කීවාය.

“ඔව් ඇත්ත.” කීරා කිසිත් වෙනසක් නොදක්වා කියයි, “අරගලය”.

රතු ලේන්සුව බැඳගත් කාන්තාව පැකැට්ටුවක් ඇර එයින් වියළි මාළුවකුගේ කැබැල්ලක් එළියට ගෙන ඉහළ නිදා සිටි අයට මෙසේ කියයි. “පුරවැසියෙනි, ඔබේ බූට් සපත්තු ඉවත් කරගන්න. මම ආහාර බුදින්නෙමි.”

බූට් සපත්තු ‍නොසෙල්වුණි. “ඔබ කන්නේ කටින් මිසක නැහැයෙන් නොවේ.” කටහඬක් පිළිතුරු දුනි.

කාන්තාව මාළුවා සැපීය. වැලමිටෙන් තමන් ළඟින් සිටි මයිල් කබාය ඇඳගත් අයට ඇණ ඇය මෙසේ කියයි. “කම්කරු පංතියේ අපි ගැන කිසිම තැකීමක් නැහැ. මට හරියට මයිල් කබායක් තිබ්බා වගේ. එහෙම තිබ්බා නම් අද මම කන්නෙ වියළි මාළු නෙමේ. එහෙම නම් මම සුදු පාන් කන්නෙ.”

“සුදු පාන්?” මයිල් කබාය ඇඳි කාන්තාව තැති ගත්තාය. “අනේ පුරවැසියෙනි, කවුද සුදු පාන් ගැන අහලා තියෙන්නෙ? මට රතු හමුදාවෙ ඥාති පුතෙක් ඉන්නවා, පුරවැසියෙනි, ඒ..ඒ…මොකද….මම හීනෙකින් වත් සුදු පාන් ගැන හිතන්නෙ නැහැ!”

“නැහැ? මම ඔට්ටුවක් අල්ලන්නම් ඒ වුනාට ඔබ වියළි මාළු අනුභව කරන එකක් නැහැ කියල. කෑල්ලක් ඕනා ද?”

“ඇයි…ඇයි…ඔව්. ස්තූතියි පුරවැසියෙනි. මට ඩිංගක් බඩගිනියි..ඒ…”

“ආ…ඔයාට බඩගිනියි? මම දන්නවා ඔබ මධ්‍යම පාංතිකයෙක් කියා. ඔබ කැමතියි කම්කරුවෙක්ගෙ කටෙන් අන්තිම ආහාර ඩිංගිත්තත් කඩා ගන්න. ඒ වුනාට ඒ මගේ කටින් නෙමෙයි ඔබ කඩාගන්නෙ!”

දුම්රිය මැඳිරිය දිරාපත් දැව, සති ගණන් මාරු නොකළ ඇඳුම්වලින් හා පැත්තකින් වූ ඇරුණු දොරකින් හමා එන ගන්ධයෙන් පිරී ඇත.

අසුනින් නැඟිට කොරිඩෝව පැත්තට වී නිදියන ශරීර උඩින් බයාදු ලෙසින් කකුල් තබමින් මයිල් කබාය ඇඳගත් කාන්තාව එම ඇරුණු දොර වෙත ගියාය.

“පොඩ්ඩකට එළියට එන්න පුළුවන් ද පුරවැසියෙනි?” ඇය එම ඇරුණු දොරෙන් වූ පෞද්ගලික කාමරයේ උන් මහත්වරු දෙදෙනාගෙන් යටත් පහත් ලෙසින් ඇසුවාය. එක් අයෙක් ආසනයේ වාඩි වි සිටි අතර අනෙකා කුණු පිරි බිමේ වැතිර සිටියේය.

සැබැවින්ම පුරවැසියෙනි,” ආසනයේ වාඩි වී සිටි තැනැත්තා ආචාරශීලීව පිළිතුරු දී බිම නිදා උන් අයට පා පහරක් දුන්නේ ඔහුව කූද්දන්නටය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: