Sinhala story Blog

ජූලි 2, 2010

අපි ජීවත්වන්නෝ -5 පැරණි දේවස්ථානය

Filed under: Uncategorized — sinhalashortstories @ 5:57 පෙ.ව.

ආර්ගුනෝව් පවුල පෙට්‍රොග්‍රෑඩ් හැර දමා ගියේ සිසිර ඍතුවේදීය.

ඒ සංසුන් හා සතුටට ළං වුනු චෛතසිකයකින් යුතුව යයි කියනු හැකිය. මෙම ගමන ප්‍රසාදයකින් තොර කෙටි කරදරයක් යයි ඔව්හු සැලකූහ. ඊ ළඟ වසන්තයේ දී නැවත එන්නට හැකිවේ යයි ද ඔව්හු බලාපොරොත්තු වූහ. සීත ඍතුවට අඳින කබා රැගෙන යාමට ගලීනා පෙට්‍රොව්නා විසින් ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රියෙවිච්ට ඉඩ නොදුන්නාය. “ඇයි මෙයා හිතනවා මේක අවුරුද්දක් පුරා පැවතෙයි කියල!” යයි ඇය සිනහා වූවාය. මේක යයි ඇය හැඳින්වූයේ සෝවියට් ආණ්ඩුවයි.

එය වසර පහක් පැවතුණි. 1922 දී නිහඬ, උදාසීන වූ ඉවසීමකින්, මෙම පවුල නැවත පෙට්‍රොග්‍රෑඩ් බලා ආවේ සහමුලින් නැවතත් ජීවිතය ආරම්භ කරනු සඳහාය. ඒ නැවත පටන් ගැනීමක් තවමත් කළහැකි නම් පමණි.

දුම්රියේ රෝද හඬනඟා මුල් වතාවට ගැස්සී ඉදිරියට ඇදෙන අවස්ථාවේ ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්හ. එහෙත් කිසිවක් නොකීහ. ‍ගලීනා පෙට්‍රොව්නා සිතුවේ කමෙනොස්ට්‍රොව්ස්කිහි ඇති තම මන්දිරය ගැනය. එය නැවත ලබාගත හැකිදැයි ඇය කල්පනා කළාය. සිය බාල කාලයේ සෑම පාස්කු මංගල්‍යයක දීම දණගසා ගෙන සහභාගී වුනු පැරණි දේවස්ථානය සිහිකළ ලිඩියා තමා පෙට්‍රොග්‍රෑඩ් ගිය පළමු දිනයේ දීම එහි යෑමට ඉටා ගත්තීය. ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රියෙවිච් සිතන්නේ නැත. කීරාගේ සිහියට හදිසියේ නැ‍ඟුනේ රඟහලක තමා වැඩියෙන්ම අගයන මොහොත නම් ලයිට් නිවී තිරය මඳක් වෙවුලා ඉහළට යන අවස්ථාව බවයි. එසේම එම මොහොතේ ඒ ගැන සිතන්නේ ඇයිදැයි කියා ඇය කල්පනා කළාය.

කීරාගේ මේසය තිබුණේ ලී බංකු දෙකක් මැදිනි. ඔළුගෙඩි දහයක් එකිනෙකා දිහා බලා‍ සිටියහ. එකිනෙකට මුහුණලා වූ තාප්ප දෙකක් මෙන් සීරුවෙන්, දුම්රියේ වැනිල්ලට වැනෙමින්, ඔවුන් පෙනුනේ මඳ අන්ධකාරයේ වූ දුහුවිල්ලෙන් වැසුණු සුදු පැල්ලම් ලෙසිනි. ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රියෙවිච් සහ ඔහුගේ යාන්තමෙන් දිලිසෙන අඬු නැති කණ්ණාඩි කුට්ටම ද, ගලීනා පෙට්‍රොව්නාගේ අතේ ඇති පොතේ පිටුවලටත් වඩා වැඩි සුදකින් වූ ඇයගේ මුහුණ ද, හිරු එළිය මඳක් වැටී පෙනෙන හමෙන් නිමකළ අළුත් ගමන් මල්ලක් අතැති වූ තරුණ සෝවියට් නිලධාරියෙක් ද, නිතර ඇඟ කසන බැටළු හමෙන් නිමැවූ ගඳ ගහන කබායක් පැළැඳි පිටිසර වැසියෙක් ද, එල්ලා වැටුණු තන ඇති ඉතා විඩාවෙන් යුතු නිතරම සන්නියකින් මෙන් තම බඩු පොදි සියල්ලත් දරුවන් සියල්ලත් ගණන් කරන ස්ත්‍රියක් ද, එක පැත්තක සිටින අය වෙති. ඔවුනට මුහුණ ලා ඉන්නේ හිස පීරා නැති පාවහන් නැති දරුවන් දෙදෙනෙකි. හිස නමාගත් සොල්දාදුවෙක් තමාගේ කහ පැහැති බාස්ට් පාවහන් තැබුවේ කිඹුල් හමෙන් නිමකළ සූට්කේසයක් මතය. සූට්කේසයක් සහ රෝස පැහැති දිලිසෙන කම්මුල් ඇති එකම මඟියා වූයේ පෘථුල සිරුරක් ඇති මයිල් කබායක් පැළැඳගත් කාන්තාවය. ඇය අසලින් වූයේ ගෝමර පිරි අතෘප්තිමත් සුදුමැලි මුහුණින් හා බාල දත් පෙළකින් යුතු පිරිමි කබායක් ඇඳ, රතු ලේන්සුවකින් හිසවසා ගන්නා ලද ස්ත්‍රියකි.

ප්‍රතිචාර 2 »

  1. mata podi udauak karana plwanda……….please………..
    coment box akak web seit akata dagana kohomada

    ප්‍රතිචාර විසින් maduka — ජූලි 2, 2010 @ 7:22 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: