Sinhala story Blog

ජූලි 1, 2010

අප ජීවත්වන්නෝ -3 අඬු නැති කණ්ණාඩි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:10 ප.ව.

ඉඩකඩ මදි හෙයින් කීරාගේ දෙපා රැඳුනේ ඇයගේ පියාගේ ඔඩොක්කුවෙහිය.

ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රියේවිච් ආර්ගුනෝව් ඔහුගේ මුල්ලට වී වෙහෙස නිසා හාංසිව සිටියේය. එකිනෙක බැඳි අත්වලට ඔහුගේ බඩ රාක්කයක් වුණි. ඔහුගේ ඉදිමුණු රතු ඇස් නිදිමතට බාගෙට පියැවී ඇත. ඉඳහිට කට බාගෙට ඇරී ඇතිබව වැටහෙන ඔහු සුසුමක් හෙළා තිගැස්සී ඇහැරෙයි. ඔහු හැඳ සිටියේ අණ්ඩ දැමූ කාකි කබායකි. පතුල ගෙවී ගිය ගැමියන් පළඳින උස් පාවහන් දෙකකින් ද, “යුක්-රේනියන් අල” යයි තවමත් කියවත හැකි අකුරු පෙනෙන ගෝනි කමිසයකින් ද ඔහුගේ දේහය ආවරණය කෙරුණි. මෙය සිතා මතා කරන ලද වෙස්වළා ගැනීමක් නොවෙයි. ඒ ඇලෙක්සැන්ඩර් ඩිමිත්‍රියේවිච් සතු ඇඳුම් සියල්ලම විය. තමා පැළඳ ඉන්නා අඬු නැති කණ්ණාඩි කුට්ටමේ ගැට්ට හොඳ රත්තරන් යයි කිසිවෙක් හැඳින ගනීවි යයි ඔහු කරදර සිතින් පසුවිය.

ඔහුගේ වැලමිටට හිරව සිටිනා ගලීනා පෙට්‍රොව්නා, ඔහුගේ බිරිඳ, ඇයගේ කඳ කෙළින් තබාගෙන අතැති පොත නහයට ළං කරගෙන ඉන්නට සමත් වූවාය. ඇයට තම පොත රැක ගන්නට හැකි වුනත් ආසන සඳහා වූ තරඟයේ දී සිය කොණ්ඩා කටු සියල්ල නැතිවුණි. ඇයගේ වෑයම නිසා පවුලටම මෙම මැදිරියට ඇතුල් වන්නට හැකියාව ලැබුණි. එය ප්‍රංශ භාෂාවෙන් වූ පොතක් බව අනිකුත් මඟියන්ට නොපෙන්වා සිටීමට ඇය පරිස්සම් වූවාය.

විටින් විට තමාගේ අනගිතම පොට්ටනිය තිබූ තැනම ඇත්දැයි බලන්නට කල්පනාකාරී වන ඇය එයට කකුලෙන් අනියි. එය ඔතා ඇත්තේ කතිර මැස්මෙන් එම්බ්‍රොයිඩර් කරන ලද මේස රෙද්දකිනි. එහි අඩංගු වූයේ යුද්ධයට පෙර වියානාවෙන් මිල දී ගත් ලේස් යට ඇඳුම් කිහිපයක අන්තිම වැරහිලි සහ ආර්ගුනෝව් පවුලේ නමෙහි මුල් අකුරු කෙටූ ආහාර අනුභවය සඳහා උපයෝගී කරගන්නා රිදී ආම්පන්නයි. බූට් සපත්තුවෙන් වැසුණු කකුල් ‍කොරිඩෝවට දමාගෙන මේසය යටට වී ගොරවමින් නිදින සෙබලකුගේ හිසට එම පොදිය කොට්ටයක් වීම ඇයගේ හිතට නුරුස්සයි.

ලිඩියා, ආර්ගුනෝව් පවුලේ වැඩිමහල් දියණියට, ඉඳ ගන්නට ලැබුණේ කොරිඩෝවෙහිය. ඒ අර සෙබලාගේ බූට් සපත්තු අසලිනි. බඩු පොදියක් මතය. මැදිරියේ ඉන්නා සෑම මඟියෙකුටම මෙසේ ගමන් කිරීම තමාට හුරු පුරුද්දක් නොවන බව දැන්වීමට ඇය උත්සුක වූවාය. සමාජීය සුපිරි බව පිටතින් පෙනෙන සලකුණු මඟීන් ගෙන් සැඟවීමට ඇය කිසිම උත්සාහයක් ගත්තේ නැත. එවැනි සුපිරි සලකුණු තුනක් ඇය ආඩම්බරයෙන් පෙන්නුම් කළාය. ඉන් පළමුවැන්න නම් ඇයගේ සායම් දිය වී ගිය වෙල්වට් ඇඳුම් කට්ටලයේ බ්ලවුස් එක මැදින් වැටුන මිලාන වී ගිය රත්තරන් ලේස් වලින් නිමැවූ ගෙල වටා පළඳින කෙටි සළුවකි. දෙවැන්න ඉතා සූක්ෂම ලෙසින් එලලන ලද සිල්ක් අත්වැසුම් යුගලයකි. තුන්වැන්න ඕඩිකොලෝන් බෝතලයකි. ඉතා කලාතුරකින් සැරයක් ඒ බෝතලය එළියට ගන්නා ඇය ඉන් බිංදු කිහිපයක් මනා ලෙසින් ප්‍රවේසම් කරගෙන ඉන්නා ඇයගේ අත්වල තවරා ගන්නීය. ඉන් අනතුරුව ඒ බෝතලය දෙස ප්‍රංශ පොතට වසන් වී ඇස් කොණින් ගිජු ලෙසින් බලනා සිය මෑණියන් වෙතින් ඇය මෑත්කර වහාම සාක්කුවට දමා ගන්නීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: