Sinhala story Blog

ජූලි 1, 2010

අපි ජීවත්වන්නෝ -4 බයිනේත්තු පිරුණු ට්‍රක් රථ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:38 ප.ව.

ආර්ගුනෝව් පවුල පෙට්‍රොග්‍රෑඩ් හැරගොස් වසර හතරකි.

වසර හතරකට පෙර ප්‍රධාන නගරයට එපිටෙන් වූ ආර්ගුනෝව්ගේ රෙදිපිළි කර්මාන්ත ශාලාව ජනතාවගේ නාමයෙන් ජනසතු කෙරිණ. ජනතාවගේ නාමයෙන් සියළු බැංකු ජාතික අයිතියට බාර කෙරුණි. ආර්ගුනෝව් සතු බැංකු රක්ෂිත තැන්පතු පෙට්ටි කඩා දමා ඇර ඒවායෙහි වූ දෑ හිස්වුණි. බැබැලෙන බෝල්රූම් ශාලාවල ගලීනා පෙට්‍රොව්නා ආඩම්බරයෙන් ගෙල පැළඳි රතුකැට හා දියමන්තියෙන් වූ මාල, සාදයකින් පසු නුවණක්කාර ලෙසින් තැන්පත් කෙරුනේ මෙම රක්ෂිත බැංකු තැන්පතු පෙට්ටිවලය. දැන් ඒවා නැවත කිසිදා නැවත දකින්නට නොලැබෙන ලෙස නොදන්නා අත් වෙතට ගොසිනි.

නොදන්නා නුහුරු අවදානමක හෙවනැල්ලක් නගරය පුරා පැතිර වීදි කොන්වල අඳුරේ ඝන මීදුමක් මෙන් රොක් වෙද්දී, රාත්‍රියේ හදිසියේම වෙඩි හඬ පුපුරද්දී, ගඩොල් පාරවල් මත බයිනේත්තු පිරුණු ට්‍රක් රථ දුවද්දී, කඩවල්හි වීදුරු ජනේල රැවිදෙමින් කඩා හැලෙද්දී, ආර්ගුනෝව් පවුල ඇතුළු ඔවුන්ගේ සමාජ පංතිය ගිනිගොඩක් මත වූ හිම කැට මෙන් ඉක්මණින් දියවී ගියහ. ඔවුන්ගේ ගෞරවනීය වූ මන්දිරයේ ග්‍රැනයිට් ශාලාවල, මහත් මුදල් ප්‍රමාණයක් අතැතිව හා ඉතිරිව තිබූ රන් අබරණ කිහිපයත් සමඟ සීනුව වැදෙනා හැම අවස්ථාවකම ඔවුන් බියෙන් සැලුණහ. නගරයෙන් පළා යාම ඔවුන් දැකි, ඔවුන්ට තෝරා ගන්නට වූ එකම මාර්ගය විය.

විප්ලවකාරී අරගලයේ ගෙරවිල්ල ඒ දිනවල පෙට්‍රොග්‍රෑඩ්වල අභාවයට ගොස් තිබුණි. රතු ජයග්‍රහණයේ සුන්‍ය බලාපොරොත්තු මැද නගරයේ එසේ වුවත් දකුණු රුසියාවේ කෙත් යායන් සිවිල් යුද්ධයෙන් ඇවිලෙමින් තිබුණි. දකුණේ බලය සුදු හමුදාව අතේ වුණි. සුදු හමුදා කැඩුණ කොටස් ලෙසින් අති විශාල රුසියානු ගම් නියම්වල විසිරුණි. කැඩුණු රේල් පාරවල්, නොදන්නා පාළු ගම්මාන මැදින් ගමන් ගත් මෙම හමුදාව තමන්ගේ වැදගත්කම නොදත්තේය. ඔවුන් පාට තුනකින් යුත් බැනර් රැගෙන ගියෝය. සිය හතුරා ගැන නොඉවසිල්ලත්, අන්දුන් කුන්දුන් පිළිකුළත් ඔව්හු පෙන්වූහ.

ආර්ගුනෝව් පවුල පෙට්‍රොග්‍රෑඩ් වෙතින් නික්ම ගියේ ක්‍රයිමියා වෙතටය. රතු බන්ධනයෙන් ප්‍රධාන නගරය මුදවා ගන්නා තෙක් එහි රැ‍ඳෙන්නටය. අමුත්තන් පිළිගන්නා පිළිගැනීම් ශාලාවේ ඇති දිගු කණ්ණාඩිවල පිළිබිඹු වූ එල්ලෙන සුවිසල් පළිඟු පොකුරු පහන් ද, සුවඳ මුසුකළ මයිල් කබා, හිරු දිලෙන සීත සමයේ හිමිදිරි පාන්දර දුවන විශිෂ්ඨ වර්ගයේ අශ්වයන් ද, එවන් විසල් මැදුරු ඇති පෙට්‍රොග්‍රෑඩ්හි වඩාත්ම සුවිශේෂී කමෙනොස්ට්‍රොව්ස්කි මාවතට ඇරුණු අනගි ජනේල ද හැර දමා ඔව්හු ගියහ. දරුණු ලෙසින් හැමූ ක්‍රයිමියාවේ සීත සුළං ඔවුනට තදබදයෙන් යුතුව නැවතී සිටි සිදුරු සහිත ගලෙන් නිමැවුන උෂ්ණ කාලය සඳහා පමණක් නිමැවුන කුඩා නවාතැන කිසිසේත්ම ප්‍රමාණවත් නොවුනි. ඔවුන් තේ පානය කළේ සැකරින් සමඟය. ආහාරය පිණිස ලන්තෝරු තෙලෙන් බැදි ලූණු කෑහ. මහ රාත්‍රියේ වෙඩිමුර පැවැත්වුණි. එහි වාසය කළ වසර හතර තුල දී සෑම උදෑසනකම බියෙන් අවදිවන ඔව්හු නගරය කා අතට ගොස් එදින ලෙල දෙන්නේ රතු කොඩියෙන් ද නැතහොත් පාට තුනෙන් වූ බැනරයෙන් ද යයි සොයා බලති.

ක්‍රයිමියාව වාර හයක් අතින් අතට පාස් වුනි. 1921 දී අරගලයේ නිමාව ළඟා වූයේය. සුදු මුහුදු වෙරළේ සිට කළු මුහුදු වෙරළ දක්වාත්, පෝලන්තයේ මායිම සිට චීනයේ කහ ගංඟා දක්වා ද රතු කොඩි ජයග්‍රාහී ලෙසින් එසවුනේ “අන්තර්ජාතික” ගීතයටත්, ලෝකයාගේ දොර රුසියාවට වැහෙන යතුරු කරකැවෙන සද්දයටත් අනුවය.

ප්‍රතිචාර 3 »

  1. good also it

    ප්‍රතිචාර විසින් NUWAN KUMARA — ජූලි 23, 2010 @ 5:21 පෙ.ව.

  2. meke ,mavil kaba,kiyana wachane galapenawada?

    ප්‍රතිචාර විසින් dinupa — ජූනි 6, 2011 @ 2:36 ප.ව.

    • dinupa,
      ඔයා හරි. මටත් ගැටළුවක්. ලොම් කබා කිව්ව නම් වඩා නිවැරදි ද? මම පස්සෙ එහෙමත් දැම්ම. ඒත් වඩා නිවැරදි මොකක් ද යන්න තීරණයක් ගත්තෙ නැහැ!!

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජූනි 12, 2011 @ 1:37 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: