Sinhala story Blog

ජූනි 30, 2010

අප ජීවත්වන්නෝ -2 කැබරේ නාට්‍යාංගනාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 2:27 ප.ව.

න්‍යාය පත්‍රයක් නැත.

කාල සටහන් නැත. දුම්රියක් පිටත්වන්නේ හෝ පැමිණෙන්නේ කවර වේලාවකටදැයි කීමට කිසිම කෙනෙක් නොදනියි. දුම්රිය එන බව අපහැදිලි ඕපාදූපයක් ලෙසින් පැතිර යද්දී මඟ දිග වූ සෑම දුම්රිය පොළකටම නොඉවසිලිමත්, හික්මීමක් නැති ගමන්මඟියෝ රොක් වූහ. ඔව්හු පැය ගණන්, දවස් ගණන් මඟබලා සිටියහ. රැඳී නොසිටි‍යහොත්, දුම්රිය තොටුපළෙන් බැහැරට ගියොත් ඊ ළඟ මිනිත්තුවෙහි හෝ ඊ ළඟ සතියෙහි එන දුම්රිය මඟහැරේ යයි ඔවුන් සිතූහ. නවාතැන් ගන්නා කාමරවල කසල පිරි බිම මනුෂ්‍යයන්ගේ ශරීරවලින් ආ ගන්ධයෙන්ම යුක්ත වුනි. මඟීන් තමන් රැගෙන ආ බඩු පොදි බිම තැබූහ. ඒ බඩු පොදි මත තම සිරුරු තැබූහ. අනතුරුව නිදා ගත්හ. ඉවසිල්ලෙන් ඔවුන් වියළි පාන් පොතු සහ සූර්යකාන්ත ඇට හැපූහ. සති ගණන් ඇඟලා සිටි ඇඳුම් ගැලවූයේ නැත. මෙසේ අවසානයේ දී තමන් අපේක්ෂාවෙන් සිටි දුම්රිය කෙඳිරිගාමින්, පිඹමින් තොටුපළ වෙත ළඟා වූ කළ, පිරිස එයට ගොඩ වූයේ රෞද්‍ර වූ බලාපොරොත්තු සුන් සිතින් හා මිටි කරගත් අතපය වලිනි. මුහුදුපරවල එල්ලෙන බෙල්ලන් සේ ඔවුන් දුම්රියේ පඩිවල, බෆර්වල, වහලෙහි එල්ලුනහ. ඔවුන්ගේ බඩු පොදි නැතිවිය. දරුවන් නැතිවිය. සීනුවක් නොගසා කිසිම දැනුම් දීමක් නොමැතිව හදිසියේම දුම්රිය ධාවනය පටන් ගනියි. කෙසේ හෝ ගොඩවුනු අයත් රැගෙන එය පිටත් වෙයි.

කීරා ආර්ගුනෝවා ගමන ආරම්භ කළේ බඩු පෙට්ටියක නොවේ. ගමනාරම්භයේ දී ඇයට සුවිශේෂී ආසනයක් තිබුණි. තෙවෙනි පංතියේ මැදිරියක ජනේලය අසල මේසයක් විය. මැදිරියේ මුල් තැනක් ගත්තේ ඒ මේසයයි. එහි වූ මඟීන්ගේ අවධානයේ මුල් තැනක් ගත්තේ කීරා ය. තරුණ සෝවියට් නිලධාරියෙක් ඇගේ සිරුරේ ඡායා දර්ශකය සහ පිටතින් වැටෙන එළියෙන් කැඩුණු ජනේලයේ ඇති ඉරි හැඩ ප්‍රශංසාවෙන් නැරඹීය. ප්‍රථුල දේහයකින් වූ, මයිල් කබායක් ඇඳි කාන්තාවක්, කෙල්ලගේ මුරණ්ඩු ඉරියව්ව පෙන්නුම් කරන්නේ ෂැම්පේන් වීදුරු අතරින් සිටගත් කැබරේ නාට්‍යාංගනාවක් යයි සිත සිතා ඇය දෙස කුපිත බැල්මක් දැක්වූවාය. නමුත් නාට්‍යාංගනාවගේ මුහුණ කෙතරම් දැඩි, අභිමානවත් සංසුන් බවකින් යුතු වූවේද තමා සිහියට එන්නේ කැබරේ මේසයක් ද නැතහොත් ප්‍රතිමා තලයක් දැයි කාන්තාව කල්පනා කළාය. සැතපුම් ගණනක් ගෙවෙන තෙක් එම මැදිරියේ උන් මඟීන් දැක්කේ රුසියාවේ කෙත්වතු, පිට්ටනි පසුබිම මත විදුලි පණිවුඩ රෑන් සමඟින් සුළඟට උරුවන් බානා සේ පළල් නළල මත සුළඟට දිවයන දුඹුරු පැහැති කොණ්ඩයෙන් පිරි ගර්විත රුවෙහි අඩ පළුවකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: