Sinhala story Blog

ජූනි 30, 2010

අපි ජීවත්වන්නෝ -1 පෙට්‍රොග්‍රෑඩ් නගරය වෙත

Filed under: Uncategorized — sinhalashortstories @ 11:34 පෙ.ව.

පෙට්‍රොග්‍රෑඩ් නගරය කාබොලික් ගන්ධයෙන් පිරී ඇත.

යකඩ පරාල ගොන්නක එල්ලු ඉහත කාලයක රතු පාටෙන් වූ බැනරයක් අද රෝස පැහැති අළු පාටක් ගනියි. තට්ටු පොළව දරා ඉන්නා යකඩ පරාළ වීදුරු ආවරණයකින් වූ වහළ දක්වා දිවෙයි. ඒ වීදුරු ආවරණ වසර ගණනක සුළං සහ දූවිල්ලෙන් වැසී ඇති හෙයින් යකඩ පරාළ සේම අළු පැහැතිය. අමතකව ගිය වෙඩි උණ්ඩයකින් කැඩී බිඳී ගොස් ඇති වීදුරු පියන්වල උල් කොටස් අහසට දිස්වෙයි. වීදුරු මෙන්ම අහස ද අළු පැහැතිය. බැනරයට පහළින් එල්ලෙන ඉතා විශාල මකුළු දැළකි. මකුළු දැළට යටින් දිස්වෙන්නේ දුම්රිය තොටුපළේ ඇති සුවිසල් ඔරලෝසුවයි. ඔරලෝසුවේ මුහුණත කහ පැහැතිය. අකුරු කළුය. එහි කටු නැත. ඔරලෝසුවට යට සුදුමැලි මුහුණින් සහ තෙල් පිරි කබා ඇඳගත් සමූහයක් දුම්රිය එනතෙක් බලා සිටිති.

කීරා ආර්ගුනෝවා පෙට්‍රොග්‍රෑඩ් නගරයට ඇතුල් වූයේ දුම්රියේ බඩු පෙට්ටියකට ගොඩවෙන පඩියකය. පාට සෝදා ගිය නිල් පැහැති පරණ සූට් එකක් පැළඳගෙන, හිරු රැසින් පිළිස්සුණු ඇයගේ සිහින් කකුල් ආවරණය කරන සිනිඳු කකුල් වැසුම් නොමැති වුවද, කෙළින් සිටගත්, නිශ්චල ඇය වෙතින් දැක්වුනේ සුඛෝපභෝගී මුහුදු නෞකාවක ගමන් කරනා සංචාරකයෙකු වෙතින් දැක්වෙන කිසි කරදරයක් නොතකන සැහැල්ලු බවයි. පරණ කොටු වැටුන සිල්ක් රෙදි කැබැල්ලකින් ඇයගේ ගෙල ආවරණය වුණි. කෙටි හිසකෙස් අවුල්ව තිබුණු අතර හිස වැසුනේ දීප්තිමත් ගෙජ්ජියකින් වූ හිසට හිරවුන ‍ෙතාප්පියකිනි. ඇයගේ මුව නිසංසලය. ඇයගේ දෙනෙත් මුරණ්ඩුය, වටපිටාව ගැන උද්දාමයකින් යුතුය, ගාම්භීරය, බිය මුසු සුපරීක්ෂාකාරීය, නොදන්නා නගරයකට ඇතුල්වන, තමා එය යටත් කරගන්නේ ද නැත්නම් තමන් එහි දී අවහිරයකට අසුවන්නේ ද යයි නිසිසේ නොදන්නා සටන්කාමීයකුගේ මෙන් මඳක් විසල්ව ඇත්තේය.

ඇය පිටුපසින් ඇත්තේ ජනයා හා බඩු පොදි ඉහින් කනින් පිරුණු මැදිරියකි. බඩු පොදි බැඳ ඇත්තේ ඇඳ රෙදි, පුවත්පත්, පිටිගෝනි කවර වලිනි. මනුෂ්‍යයන් ආවරණය වුනේ දිරා ගිය කබා සහ කම්බා වලිනි. බඩු පොදි නිදන්නට උදව් කරගෙන තිබුණු හෙයින් ඒවායෙහි හැඩයන් සහමුලින්ම වෙනස්ව ඇත. දුහුවිල්ල පිරී, පැලී ගිය, රැළි වැටුන, වියළි සමෙන් වූ මුහුණුවල කිසිම ආවේගයක් ඉතිරිව නැත.

ඉතා සෙමෙන්, විඩාවෙන්, දුම්රිය නැවතිල්ලට ආවේය. රුසියාවේ වනසන ලද තැනිතලා පසුකර ආ දුම්රියේ ගමනාන්තය එයයි. ක්‍රයිමියා සිට පෙට්‍රොග්‍රෑඩ් දක්වා දවස් තුනක ගමන සඳහා සති දෙකක් ගෙවී තිබුණි. අනෙක් සියල්ල මෙන්ම දුම්රිය මාර්ග ද 1922 දී කිසිත් සංවිධානාත්මක ලෙසකින් ක්‍රියාත්මක නොවේ. සිවිල් යුද්ධය නිමාවකට පැමිණ ඇත. සුදු හමුදාවෙහි අන්තිම ලකුණු සියල්ල මකා දමා ඇත. රතු පාලනය අතට තෝන් ලණු ගන්නා සමයක යකඩ රේල් පීලි සහ විදුලි පණිවුඩ යවන කම්බි රෑන් රතු අත්වලින් ගිලිහී අප්‍රාණිකව එල්ලෙමින් පැවතුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: