Sinhala story Blog

මැයි 26, 2010

බ්‍යාමප්‍රභාව 4.28 -ඔයා ඇයට ආදරේ ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 5:59 පෙ.ව.

සමන්ත තමයි කට්ටියෙන් කළින්ම පිටත්වෙලා යන්නෙ.

එයා ගමන් කරන ගුවන්යානය පිටත්වුනාට පස්සෙයි සංජීවනි සහ ෆ්ලෝරියාන් ලන්ඩන් බලා යන ගුවන්යානය ගුවන්ගත වෙන්නෙ. සාගර තවත් දවස් දෙක තුනක් ඉන්න ලැහැස්තිය. රුක්ෂානි තව බොහෝ දවසක් හසන්තිගේ සහයට රැඳී ඉන්න සූදානම.

“ප්‍රීනිට හරිම දුකයි එන්න බැරි වෙච්ච එක ගැන.” හසන්ති කියයි.

ඇයට දුරකතන ඇමතුමක් උදේ පාන්දරින්ම ප්‍රීනිගෙන් ලැබුන. හසන්ති එක්ක කතාව ඉවරවෙලා ප්‍රීනි රුක්ෂානි එක්කයි සංජීවනී එක්කයි වැඩි වෙලාවක් කතා කළේ ඇයි ද කියල හසන්ති දන්නෙත් නැහැ. හසන්ති දැක්කෙත් නැහැ.

පිටත්වෙලා යන අය හා සමුගන්නට ගුවන්තොටුපල වෙත ආපු කට්ටිය මඟීන් පිටත්වෙන පර්යන්තයට ඇතුල් නොවී කාලය කා දමන්න එහි වූ ගුවන් පථය නැරඹිය හැකි ශාලාවක රැඳී සිටියහ. හරිනි සරදාට කිරි පොවන්නට ඒ සඳහා වෙන් වූ කාමරයක් සොයා හසන්ති ගියාය.

ගුවන් පථය වෙත හැරි පුටු පේළියට තබාගෙන සමන්ත, රුක්ෂානි, සාගර, සංජීවනී හා ෆ්ලෝරියාන් ඉහළට නංවන හා පහළට බසින ගුවන් යානාවන් නරඹති.

“මං හරි ආසයි එයාර්පෝට් වලට.” ෆ්ලෝරියාන් කියයි.

“‍ලෝකෙ ඕනම තැනකට යන්න පුළුවන්.” හූ මිටි නොදී අසා සිටින්නෝ ඔහුට සවන් දෙනවාදැයි සැකය.

“ඒ ඔයාට. ලංකාවේ පාස්පොර්ට් තියන මටයි සමන්තටයි වීසා ඕන. කැමති තැනක යන්න බෑ.” සංජීවනී කියන්නේ ෆ්ලෝරියාන් කියන්න අසා සිටින බ‍වට සැක දුරු කරමිනි.

“ම්..එහෙමත් එකක් නේද?” ෆ්ලෝරියාන් ද කළින් පැවති නිශ්ශබ්දතාවයට එක්වුනි.

සාගර දිහා බලා රුක්ෂානි ෆ්ලෝරියාන්ට නොපෙනෙන්නට ඔහු ගැන ඔළුවෙන් ඉඟියක් කළාය. සාගර නැඟිට ෆ්ලෝරියාන්ව එක් කරගත්තේ ගුවන්තොටුපල තුල වටයක් ඇවිද එමු කියාය. පැවති නිශ්ශබ්දතාවයේ හැඟවුනු බරගතිය වටහාගත නොහැකි ෆ්ලෝරියාන් සාගර සමඟ ඉක්මණින් එකතු වුයේය.

“අපි දන්නවා ඔයා ගැනයි කාංචනමාලා ගැනයි.” රුක්ෂානි නිහැඬියාව බිඳ සමන්ත ඇමතුවාය.

“ප්‍රීනි අද උදේ හසන්තිට කෝල් කළා.” සංජීවනී සමන්තට කිසිවක් කියන්නට ඉඩ නොදී කතාවට එකතු වන්නීය.

“ප්‍රීනි අනුමාන කරනවා. එයා වටපිටින් හොයාගෙන. ඒත් හරියටම දන්නෙ නෑ.” රුක්ෂානි කියයි.

“එයාට තියන ප්‍රශ්නෙ ඇත්ත නැත්තට වඩා ඉස්සරහට මොකද වෙන්නෙ කියන එක.” සංජීවනී පැහැදිලි කරයි.

සමන්ත නිහඬය. ඔහු තම සපත්තු දෙකේ හැඩරුව දිහා ඇස් ගහගෙන.

“සමන්ත, මම ඔයාව දන්නෙ පුංචි කාලේ.” රුක්ෂානි සමන්තගෙ සපත්තුවකට පයින් ගැහුවේ ඔහුගේ නෙත් ඉන් මෑත් කරලා ඔවුන් වෙත යොමු කරගන්න. ඒත් සමන්ත ඔළුව ඉස්සුවෙ නැහැ.

“දන්න තරමින් ඔයා කවදාවත් මේ විදියට හැසිරිලා නැහැ. ඒත් හැමදාම ඔයාගෙ ඇස් හැම තැනම යනවා.” රුක්ෂානි කිව්වෙ අවලාදයක් නෙමේ.

“බැලුවට කමක් නෑ සමන්ත ඒත් වැරදි දෙයක් පටන් ගන්න නරකයිනෙ.” සංජීවනී අවලාදය ඇති තැන පෙන්වයි.

හසන්ති හරිනි සරදාව වඩාගෙනම කාමරයකින් පිටතට ඔළුව දා ඔවුන් දෙස බලා අතින් තමා වෙත එන්න යයි සංඥා කරන්නීය. සංජීවනී අසුනෙන් නැඟිට ඇය වෙත ගියාය.

“ඔයා ඇයට ආදරේ ද?” පහත් හඬින් රුක්ෂානි ඉංග්‍රීසියෙන් ඇහුව සමන්ත දිහා නොබල.

සමන්ත නිහඬයි. කා ගැන ද රුක්ෂානි අහන්නෙ? කාංචනමාලා ද? ප්‍රීනි ද?

“සමන්ත, මම ඔයාව නොදන්න කාලේ ඉඳන් ඔයාට කැමැත්තෙන් හිටිය. ඒත් අඳුරගත්තට පස්සෙ ඔයාගෙ හැම තැනම දුවන ඇස් නිසාම තමයි මගේ කැමැත්ත ගැන හොයලා බලන්න ඉඩක් නොදුන්නෙ.”

“මං හිතුවා මං හිතින් මවාගත්ත අදහසක් වෙන්නැති කියල.” සමන්ත තවමත් ඔළුව ඔසවා නැත.

“නෑ නෑ. හිතින් මවා ගත්තු එකක් නෙමේ. එක වැරැද්දක් වුනාට ඔයාගෙ හොඳ ගතිගුණ ගොඩක්. ඔයාව මගේ හොඳම යාළුවො අතරෙ ඉදිරියටත් තියාගන්න ඕන.” ඇය කියයි.

“ඒ ගොඩේ ඉන්න මාත් කැමතියි.” සමන්ත කිව්වෙ ඇහෙන නොඇහෙන හඬින්.

“අපි හදවත්වලින් ගොඩාක් සමීප වෙච්ච අය. ඔයා, ප්‍රීනි, හසන්ති, සංජීවනී, රමේෂ්, සාගර වගේම ෆ්ලෝරියාන්. අපිට අමුතුවෙන් උත්සාහ කරන්න ඕන නෑ යාළුකම තියාගන්න. ඕන දෙයක් කියන්න පුළුවන්. අහන්න කලින් යමක් කරල දෙන්න කැමති. ලෝකෙ ගොඩක් අයට මෙහෙම යාළුවෝ නැහැ සමන්ත.”

දියණිය වඩාගත් හසන්තිත් දරුවාගේ ඇඳුම් මල්ල අතැතිව සංජීවනීත් කාමරයේ දොර හැරගෙන එළියට එති. වටයක් ඇවිදින්නට ගිය සාගර හා ෆ්ලෝරියාන් ද කෙල්ලො දෙදෙනා හා එකතු වෙති. සාගර ඈත සිට රුක්ෂානි දිහා බැලුවේ එන්නට සුදුසු ද නැත්නම් සියල්ලෝ හා තවත් වටයක් යා යුතු ද යන පැනයට පිළිතුරු සොයාගනු පිණිසය. රුක්ෂානි සිනහවකින් එන්න සුදුසු බව කියා පෑවාය.

“මම විවාහක බව කාංචනමාලා දන්නවා. ප්‍රීනිගෙන් වෙන් වෙන්න මගේ කිසිම අදහසක් නෑ. මං ප්‍රීනිට ආදරෙයි. මොන මෝඩකමකට පැටළුනා ද කියල මටවත් හිතාගන්න බැහැ. මෙයා හාවඩ් හදාගෙන ආවේ මගේ උවමනාවකට නෙමේ.” සමන්ත කියා ගෙන ගියේ තමන් වෙත එන පිරිස පැමිණෙන්නට පෙර කියා නිම කරන්නටය.

“ඔයා හරි තීරණය ගන්න.” රුක්ෂානි පැවසුවේ අවවාදයක් දෙන විලසට නොව ඔහු ගනු ලබන නිවැරදි තීරණයට අත් උදව්වක් දෙන්නටය.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. Tack så mycket.
    මාත් හරි ආසයි එයර්පෝට් වලට. ඇති තරම් ප්ලේන් බලන්න පුලුවන් නිසා. අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි වගේ ප්ලේන් බැලිල්ලත් ඇති වෙන්නේ නෑ.

    ප්‍රතිචාර විසින් Asanga — මැයි 26, 2010 @ 6:42 පෙ.ව.

  2. අපො සමන්තනම්……………….

    ප්‍රතිචාර විසින් Dish — මැයි 26, 2010 @ 7:43 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: