Sinhala story Blog

මැයි 25, 2010

බ්‍යාමප්‍රභාව 4.27 -දැන් ඔබ මා හැර ගොසිනි

Filed under: Uncategorized — sinhalashortstories @ 10:03 පෙ.ව.

මම කුමක් කරන්න ද?
දැන් ඔබ මා හැර ගොසිනි.

කිසිවක් කළ නොහැකිය.
හඬනවා හැරෙන්නට.
සිතත් ගලක්ව ඇත.
දුකක් නොදැනේ.
ගත අඩපණය.
අතපය නැත්‍තා සේය.
නොසෙල් වී සිටිමි.
කරන්නට දැයක් නැත.

ඔබ නැති පාළුව
හද වෙලා පැතිරෙයි.
මතක සටහන්
දෙනෙත් තෙත් කරයි.
කම්පාව
අහෝ!
වේදනාව
දරාගත නොහැකිය.

හද ඉකිබිඳියි නිහඬව
කෑ ගසන්නට
ශක්තියක් ඉතිරි නැත.
කිසිවක් නොදැනෙන
තරමට නැවතත්
සිත නිහඬ වෙලාය.

දෙපයෙන් යළි
හිටගන්නට හැකිවනු ඇත
කවදා හෝ ඉදිරි දවසක
බලා සිටිමි මම ඒ දවස උදාවෙන තුරා.

රමේෂ්ගෙ අප්පයි අම්මයි ගෙනාපු කවි පොතකින් හසන්ති මේ කවි පංතිය කොපි කරගත්තෙ එය පිට කරගන්න බැරුව තිබුණ තමන්ගේම අදහස් සේ හිතට කා වැදිච්ච නිසයි. ඒත් තනියම දුක් වෙන්න ඇයට නොහැකිය. හරිනි සරදා සුරතල් වෙවී හිනැහෙයි. රමේෂ්ගේ ප්‍රියතම විකටයා කියූ සේ ඉ‍ටිපන්දම් ෆැක්ටරිය ගිනිගත් කළ අපි සුබ උපන්දිනයක් යයි ආශීර්වාදයෙන් ගයමු යයි හසන්ති නැවත නැවතත් මතක් කර ගත්තේ ඇස් කඳුළු වලින් පිරී යද්දි. හරිනි සරදා උපදින්නට නියමිත වූ දිනයට පෙර රමේෂ් මෙලොවින් සමුගත්තේය.

Advertisements

ප්‍රතිචාර 5 »

  1. දැන් දැන් දුක හිතෙන සිදුවීම් වැඩි වෙනවා නේද? දැන් මේ කාන්චනමාලා තව දුකක් ගෙනේවිවත්ද ප්‍රීතිටත්

    ප්‍රතිචාර විසින් mier — මැයි 26, 2010 @ 12:12 පෙ.ව.

  2. ane . . . . !!!

    ප්‍රතිචාර විසින් දුකා — මැයි 26, 2010 @ 12:38 පෙ.ව.

  3. Humm… mama eeye ude methenta watune ahamben, google search ekakadi. Kathawata waha watuna. mula indala okkoma kiyawala danuyi iwara unee. Elama Kiri.
    Athatama saahena kaalekin sinhala pothak kiyewwe. Hariyata kaalayak amathaka welaa thibba thanakata giyaa wage..

    Mage wada saahenna paadu una. Project eka dead line ekata kalin denna bari unoth eekata waga kiyanna oone me kathaawa :))…….Ithiri kotas tika enakam maga balagena innawa..THANKS!!

    ප්‍රතිචාර විසින් Asanga Manpitiya — මැයි 26, 2010 @ 3:31 පෙ.ව.

  4. මටත් එහෙම හිතෙනවා @ mier

    😦 😦 😦 😦

    ප්‍රතිචාර විසින් Dish — මැයි 26, 2010 @ 4:46 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: