ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඇත. කෙනෙක් දෙන්නෙක් උගුර පාදන හඬ හා සෙමින් මුමුණන කතාබහ තැනින් තැන ඇසේ. සභාවට මුහුණලා පිහිටි පුංචි වේදිකාවේ දකුණින් තබා ඇත්තේ එක මයික්රෆෝනයක් පමණි. ඊට ආසන්නව ලියකියවිලි රඳවන්නට එක තට්ටුවක් පමණකින් වූ රාක්කයකි. ඒ මත වතුර බෝතලයක් හා වීදුරුවක් ද වෙයි.
සම්මන්ත්‍රණයේ මෙහෙයුම් විධායක නිලධාරියාත් වෛද්‍ය සංගමයේ සභාපතිවරයාත් සමඟ ඇතුල් කාමරයක සිට ශාලාවට පිවිසි රමේෂ් ඔවුන් සමඟ පළමු පේලියේ අසුන් ගත්තේය. හසන්ති වාඩිවී සිටියේ රමේෂ්ගේ පියා හා මව සමඟ ශාලාවේ පසුපස සංගමයේ සාමාජිකත්වය නැති එහෙත් දේශන අසනු කැමති අය සඳහා වෙන්වූ පුටුවල.
“දුවත් සංගමයේ සාමාජිකත්වය ගත්ත නම් ඉස්සරහින්ම වාඩි වෙන්න තිබුණ,” රමේෂ්ගේ මව කියයි.
“ෂ්..ෂ්…” රමේෂ්ගේ පියා ඇයට නිහඬවන්නට යයි මතක් කරයි.
මයික්‍රෆෝනය වෙත සම්මන්ත්‍රණයේ මෙහෙයුම් විධායක නිලධාරියා ළඟාවූ සැණෙකින් සභාවේ සියළු කතාබහ නැවතිණ. ඔහු සංගමයේ සභාපතිවරයා හඳුන්වා දුන්නේය. සංගමයේ සභාපතිවරයා නැඟිට ගොස් රමේෂ් රාජරත්නම් නැමති තරුණ වෛද්‍යවරයා හඳුන්වා දුන්නේ නමේ දැක්වෙන ආකාරයටම මේ ඉන්නේ වෛද්‍ය විද්‍යාවට විශිෂ්ඨත්වයක් ගෙනෙන වෛද්‍ය රජවරුන් අතර වටිනා රත්නයක් කියාය. ශාලාවේ පැතිර ගිය ආචාරශීලී අත්පොළසන් නාදය මැද රමේෂ් මයික්රෆෝනයට ගියේය.
“මාව හඳුන්වා දුන් සභාපතිවරයා අතිශයෝක්තියට බොහොම කැමතියි,” රමේෂ් කීය.
සභාවේ සිනා. සභාපතිවරයාගේ ප්‍රියතම සිසුවා රමේෂ් බව සාමාජිකයෝ කාටත් රහසක් නොවේ.
“වෛද්‍යවරු වශයෙන් අපිට අතිශයෝක්තිය පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම අපිවම හඳුන්වා දෙන්නත් විතරයි,” සභාපතිවරයා කීය.
සභාවේ තවත් සිනා සමඟ ප්‍රීති ඝෝෂා පිරි අත්පොළසන් නාදයක්ද පැතිර යයි.
රමේෂ්ගේ පියා හිස වනමින් හයියෙන් අත්පුඩි ගසයි. රමේෂ්ගේ මවත් හසන්තිත් ඊට එක් වෙති. ඒ වදන් වලින් තම සිත තුල නළියන චංචලභාවය මෙන්ම සභාවේ තිබූ දැඩි ගාම්භීර බවත් සැහැල්ලු කරන්නට සමත්වූ රමේෂ් තම දේශනය පටන් ගත්තේය. පෑන් වලින් කඩදාසි මත සටහන් ලියැවෙන හඬ සහ ලැප් කොම්පියුටර යතුරු පුවරු ඉක්මණින් කොටන හඬ මිසක කිසිවෙක් කතාවේ අවසානය වනතුරු උගුර පෑදුවේ හෝ මුමුණාවත් කතාබහක් කළේ නැත. කිසිවක් හරියාකාරව තේරුම් ගත නොහැකි වුවත් රෝහිණී රාජරත්නම්ද සිය දයාබර පුතණුවන්ගේ වදන් විලාශයට වශී වී සිටියාය.
කන් බිහිරි කරවන තරමට ශාලාව දෙවනත් වන අත්පොළසන් නාදයට හිස නමා රමේෂ් වේදිකාවෙන් බැස්සේය.
“රමේෂ් වතුර උගුරක් බොන්න පවා අමතක කළා.”
සභාපතිවරයා යළි වේදිකාවේ. හේ මූඩිය විවෘත නොකළ වතුර බෝතලය පෙන්වා කියයි. සභාව ඇඟ හිරිකඩමින් විස්තරාත්මක වෛද්‍ය දැනුමෙන් බැහැරව නැවතත් පියවි ලෝකයට පිවිසෙති.
“රමේෂ්ට වතුර ඕනැ නැති වුනාට අපි කෙටි විවේකයක් ගනිමු. මම හිතන්නෙ ගොඩක් දෙනෙකුට ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න. මිනිත්තු 15 කින් අපි ආපහු රැස්වෙමු.”
සභාපතිවරයා වේදිකාවෙන් බහින්නට පෙර රමේෂ් වටකරගත් වෛද්‍යවරු රැසකි. පැවැත්වූ දේශනයේ වැදගත්කම ඔවුන් අගය කරන බව සක් සුදක් සේ සංවිධායකවරුන්ට පැහැදිලියි. ආසියාතිකයෙක් පැහැදිලි උච්චාරණයෙන් සංකීර්ණ වූ වෛද්‍ය විමර්ශනයක් එම සංගමය ඉදිරියේ මනාව ඉදිරිපත් කල ප්‍රථම වතාව ලෙසින් ඩැල්හවුසි විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට මේ දිනය එකතු වෙයි. සභාපතිවරයා රමේෂ්ගේ පිටට අතක් තබාගෙන ඔහුව ශාලාවෙන් පිටතට ගෙන ගියේ ප්‍රශ්න විචාරය පටන් ගන්නට පෙර මඳ විවේකයක් ඔහුට ලබා දෙනු සඳහායි.
ප්‍රශ්න පිළිතුරු අවසාන වන්නට දේශනයට ගත වූවා වැනි කාලයක්ම ගෙවී ගියේය. හසන්තිත් රමේෂ්ගේ පියාත් ඊට සවන් දුන්නේ සභාව කොතරම් හොඳින් දේශනය වටහාගෙන ඇත්දැයි පුදුමයට පත් වෙමිනි. රමේෂ්ගේ අම්මා තම පුත්‍ර රත්නයට මේ වෛද්‍ය සභාව පිරිනමන ගෞරව සැලකිලි දැක හිත පිරි සතුටින් නිහඬව ආඩම්බර වූවාය.
ප්‍රශ්න පිළිතුරු සියල්ලම අවසානයේ රමේෂ් පැමිණ සිටි සියල්ලටම ස්තූති කළේය. සභාපතිවරයාගේ අගනා වදන් අනාගතයේ සාර්ථක කරන්නට තමන් හැකි තරමින් වෑයම් කරන බව සභාවේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඔහු පැවසීය. තම ඉගෙනීමට නිතරම අතහිත දෙන දෙමව්පිය දෙදෙනා වගේම මේ හැම වැදගත් ජයග්රහණයක්ම පිටුපසින් සිටින්නේ හසන්ති නැමති තමාගේ බුද්ධිමත් සහ පියකරු භාර්යාව බවත් රමේෂ් අවසාන වශයෙන් කියා සිටියේ ක්‍රමයෙන් දියුණු තියුණු වූ අත් පොළසන් හඬ සභා ගැබේ පැතිරෙද්දීය.
වේදිකාවෙන් බැස්ස රමේෂ්ව නැවතත් වෛද්‍යවරු පිරිසක් වටකර ගත්තහ. ශාලාවෙන් පිටව යන්නෝ රමේෂ්ගේ දෙමව්පියන් සහ හසන්ති සිටි තැන මඳක් නැවතී රමේෂ්ගේ ගුණ අගයා ඔවුන් තිදෙනාටත් අතට අත දී යන්නට අමතක නොකළහ.
ඔන්න මමත් කියෙව්ව. කතාවෙ ඉතිරිය බලන්නත් එන්නම් මුල් ටික කියවල.
ප්‍රතිචාර විසින් isimbuwa — මැයි 10, 2010 @ 11:02 ප.ව.
isimbuwa, ස්තුතියි. හිමිහිට කියවන්න. දිග කතාවක්නෙ.
ප්‍රතිචාර විසින් sinhalashortstories — මැයි 11, 2010 @ 11:21 පෙ.ව.
ituru tika balanna hambune ada . . .. “antimata kiyewwe piduru sevi kala . . ” post eka . . harima lssanayi kataawa nam . . .maawa mea kathaawen math welaa wage . . . !
ප්‍රතිචාර විසින් දුකා — මැයි 11, 2010 @ 6:59 පෙ.ව.
දුකා, මත්වුනාට ඇබ්බැහියක් නොවේවා!
ප්‍රතිචාර විසින් sinhalashortstories — මැයි 11, 2010 @ 11:25 පෙ.ව.
[…] This post was mentioned on Twitter by Kottu. Kottu said: බ්‍යාමප්‍රභාව 4.16 -සභාවේ සිනා http://bit.ly/dsRg5R […]
පින්ග්කිරීම විසින් Tweets that mention බ්‍යාමප්‍රභාව 4.16 -සභාවේ සිනා « Sinhala story Blog -- Topsy.com — මැයි 11, 2010 @ 10:42 ප.ව.