Sinhala story Blog

අප්‍රේල් 6, 2010

නොදුටු සොයුරිය වෙතටයි

Filed under: Uncategorized — sinhalashortstories @ 7:54 පෙ.ව.

නොදුටු සොයුරිය වෙතටයි,

මේ ලිපිය කියවන ඔබට අපගේ කෘතඥතාවය පළමුවෙන් පළ කර සිටින්නෙමු. මෙතෙක් කාලයක් මා හා මගේ බාල නැඟණිය ද අපට තවත් සහෝදරියක් ඇති බව නොදැන සිටියෙමු. එක මවකට දාව නූපන්නත් ඔබ හා අප දෙදෙනාගේ පියා එකම අයෙකි. ඔහු හදිසි අනතුරකින් මිය ගියේ ඔබත් අපත් කුඩා කාලයේ දීමය. අපගේ මෑණියන් ද කාලයක සිට ගතකළ පීඩාකාරී රෝගාතූර තත්වයකින් පෙළෙමින් සිට නොබෝදා ජීවිතයෙන් සමුගත්තාය.

ඇයගේ ලියකියවිලි අතර ඇය ඔබගේ තොරතුරු සියල්ල එකතු කළ ලිපි ගොණුවක් ද විය. ඇය ඔබ ගැන අප දෙදෙනාගෙන් වසන් කර තබාගෙන සිටියාය. මේ ලිපිය ලියන්නේ ඔබ ද අප ගැන නොදන්නවා ඇතැයි අනුමානයෙනි. අද දිනයේ දෙමාපියන් නොමැති අප දෙදෙනා මෙන්ම ඔබට ද කුඩා කාලයේ දීම මාපිය සෙනෙහස නොලැබීම අපගේ ද අතිශය කණගාටුව බව ඔබ පිළිගන්නවා ඇතැයි සිතමු.

ඉතින් නොදුටු සොයුරිය, මෙය අප පියා විසින් ඔබ වෙනුවෙන් ආරම්භ කරන ලද්දැයි සිතන බැංකු ගිනුම බා‍රයේ ඔබ වෙත එවන්නේ ඔබ වාසය කරන ලිපිනය නොදන්නා හෙයිනි. අප දෙදෙනා ඔබ දැන හඳුනාගන්නට ඉතා කැමැත්තෙන් සිටින්නෙමු. අපගේ ලිපිනය ඉහත පරිදිය. ඔබගේ සියළු අනාගත අපේක්ෂාවන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යයි අපි ආශීර්වාද කරමු.

සියළු දෙවි රැකවරණයි!

ඔබේ පියාට දාව බිහි වූ ඔබේම සො‍යුරියන් වන,
උත්පලා ප්‍රියංගී නුගකුඹුර හා වත්සලා නේරංගී නුගකුඹුර

Advertisements

ප්‍රතිචාර 9 »

  1. මෙය සත්‍ය කතාවක්නම් අපූරැ සිදුවීමක් නොවැ.

    ප්‍රතිචාර විසින් සජීව විජේවීර — අප්‍රේල් 6, 2010 @ 8:49 පෙ.ව.

  2. එයා ඒවි…….සමහරක් විට වෙන කට්ටියක් ළඟ ඇති..

    ප්‍රතිචාර විසින් neranji — අප්‍රේල් 6, 2010 @ 9:59 පෙ.ව.

  3. හසන්තිට නෑයො හම්බ වෙලාද ?

    ප්‍රතිචාර විසින් සු — අප්‍රේල් 6, 2010 @ 11:05 පෙ.ව.

  4. ඔයාලගෙ නංගීව ඉක්මනට හමුවේවායි පතනවා…අපි කවුරුත් ජිවිතේ තනි වෙලා…ඒත් මට ඔයාලා දෙන්නා ගැන ගොඩාක් පුදුම හිතුනා.ඔයාලා වගේ අයත් මේ ලොකේ ඉන්නවා කියලා දැනෙද්දි හිතට දැනෙන සැනසුම….අකුරු කරන්න පුලුවන් උනානම්…..

    ප්‍රතිචාර විසින් මම දන්නේ නෑ — අප්‍රේල් 6, 2010 @ 11:44 පෙ.ව.

  5. mmm…………..

    ප්‍රතිචාර විසින් සුදම් — අප්‍රේල් 6, 2010 @ 1:51 ප.ව.

  6. තේරුම් ගැනීමට අපහසුයි. ඇත්තක්ද බොරුවක්ද

    ඇත්තක් නම් ඇත්තටම සතුටුයි. මෙහෙම අය ඉන්නවා කියලා හිතද්දි

    ප්‍රතිචාර විසින් රන්දිල් — අප්‍රේල් 7, 2010 @ 12:59 පෙ.ව.

    • රන්දිල් හා අනිකුත් සියළු ප්‍රතිචාර දැමූ අය වෙත,
      මෙය දිගු නවකතාවක (ප්‍රබන්ධයක) කොටසකි. කතාව මුල සිට කියවන්නට දකුණත පැත්තේ “පටුන” වෙත යන්න. මෙම ලිපියේ අන්තර්ගතය මගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ වූ සත්‍යයකි. එහෙම අය ගොඩක් ලාංකික සමාජයේ වාසය කරති. මා දන්නා සහ නොදන්නා මගේ සහෝදර සහෝදරියෝ බොහොමයකි. හැබැයි එය දැන්ම බෙදා ගන්න බැරි තවත් කතාවක්.

      ප්‍රතිචාර විසින් sinhalashortstories — අප්‍රේල් 7, 2010 @ 8:39 පෙ.ව.

  7. ඕන මගුලක් කියලා වැඩ ටික පැත්තකට දාලා තුන්වෙනි කොටසේ අවසානෙට වෙනකම් බැලුවා.

    මොහොතකට වත් මට හිතෙන්නෙ නෑ මේක ගොතපු කතාවක් කියලා . ඒක ගොතපු එකක් කියලා මගේ මනෝ ලෝකය බිඳින්නත් එපා . . .

    ඇත්ත චරිත හෝ මනඃකල්පිත චරිත වේවා මේ කතාවත් චරිතත් ගොඩ නගා ඇත්තේ කිසිවෙකුට ඒවා මනඃකල්පිත ඒවා යැයි හිතනන්වත් ඉඩක් නොදෙන තරම් තාත්වික ලෙස.

    ප්‍රතිචාර විසින් දුකා — අප්‍රේල් 21, 2010 @ 8:26 පෙ.ව.

    • දුකා, ඉල්ලීම ඉටු කරන්නත් එක්ක කියපු විදියටම අද පෝස්ට් එකට නමක් දැම්මා. රස්සාව නැති කරගන්න එපා ගොයියො! කතාවේ අවසානය ළඟයි. ඉතින් හෙමිහිට කියවන්න. අච්චු ගහපු ‍පොතක වගේ තව කොච්චර පිටු තියෙනවාද කියල අන්තර්ජාල කතාවක දැනගන්න විදියක් නෑනේ. ඉදිරි ටික දවසක් මාත් නැහැ. ආපහු එනකොට අන්තිමට දාපු පෝස්ට් එකත් කියවලා ඉවර වේවි. මනෝලෝකයට ජය!!

      ප්‍රතිචාර විසින් sinhalashortstories — අප්‍රේල් 21, 2010 @ 10:41 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: