මේ කතාව ලියන අරුණි ශපීරෝ වෙතින්.
කතාව මෙතැනින් පසු පටන් ගන්නේ යෙහෙළියන්ගේ විශ්වවිද්‍යාල ජිවිතය සමඟ.
කමෙන්ට් එකකින් පෙන්වා දී ඇති පරිදි පහුගිය ෙකාටසේ අවසාන කාල පාරාසය තුල ලංකාවට පෙනුනු වල්ගා තරුව මා මට ඕනෑ හැටියට නම් කරගෙන ඇත. සමාවන්න. ඒ කාලයේ පෙනුනු වල්ගා තරු දැන ගැනීමට කැමති අයට ඒ ගැන පෙන්නා දුන් ප්රතිචරායෙන් සොයා ගැනීමට ද පුළුවනි. ඒ ප්‍රතිචාරයට බෙහෙවින් තුති.
මෙම කතාව පොතක් වශයෙන් පළ කළේ 2004 දී. කතාව හා චරිත මනඃකල්පිත බව ද සිදුවීම් සියල්ල, දේශපාලන හා සමාජීය රටාවන් කතාව රසවත් කිරීමට යොදා ගත් බව හා එම නිසාම එහි ඵෛතිහාසික නිවැරදි බව තහවුරු කිරීමට හෝ කාලයකට අනුකූලව ඉදිරිපත් කිරීමට වෑයමක් නොගත් බව එම මුල් පොතේ සටහන් කළෙමි. මුල් පොත කියැවූ ටික දෙනා දෙවැන්නක් ඉල්ලූ නිසා දෙවන කොටසක් ලියූවෙමි.
එහෙත් දෙවැන්න 2005 දී පළ කරද්දී එම පෙරවදනම දැම්මා මිස ඊ ළඟ කොටසේ චරිත දෙකක් සත්‍ය වූ චරිත බව සඳහන් කරන්නට අමතක කළෙමි. ඒ නීති විද්‍යාලයේ කැන්ටිමේ සේවය කළ ස්වර්ණක්කා සහ සුනිල් අයියාය. ඔවුන් රත්තරන් හදවත් ඇති වාසනාවන්තයෝ දෙදෙනෙකි. ඔවුන් මගේ මෙන්ම නීති සිසු සිසුවියන්ගේ මතකයේ සදා රැඳුන අය හා එක් වූ අය යයි කිම නිවැරදි වෙයි.
මා නීතිය මාස කිහිපයක් හදාරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේය. 1986 දී උපාධියක් ලබාගත් පසු තවත් උපාධියකට හදාරන්න අවසර තිබුණි. නීති පීඨයේ මා වැඩි කලක් නොසිට රටෙන් පිට වී ගියේ වැඩිදුර දර්ශනය හදාරනු පිණිසය. මා නීති විද්‍යාලයට ගියේ එහි උගත් මිතුරියක් හමුවට පමණි.
අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා තරඟයන් සඳහා තරඟ වැදීමට මෙන්ම අපේ ක්‍රීඩා පිල් වලට ජය පතන්නට අනෙක් විශ්ව විද්‍යාල වලට ගිය අපේ එදා ගමන් සුන්දරය. මා කැළණිය විශ්ව විද්‍යාලයේ ටෙනිස්, බැඩ්මින්ටන් සහ පිහිනුම් කණ්ඩායම් වල ද මලල ක්‍රීඩා තරඟයන් ද දිනා ඇත. කාන්තා පිහිනුම් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත්තෙමි. සුහද තරඟයන් වලින් විනෝදයෙන් අන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දැන හැඳින ගත්තෙමු. දේශපාලනයේ තරඟ මෙන් නොව ක්‍රීඩා තරඟ වල තම දක්ෂතාවය පැහැදිලිව ඔප්පු කරනු හැකි නිසාද මන්දා අපි තරඟ අවසානයේ වලි දා ගත්තේ නැත්තෙමු.
කතාවේ පසුබිමට ඇතුලත් බොහෝ සිදුවීම් මා අසා දැක ඇති ඒවායින් සකස් වූ නිසා ඒවා මගේ අත්දැකීම් යයි නොසිතන්න. චරිතයන්ගේ පෙරළි කතාව රසවත් කරන්නටය.
අප්පට සිරි.
The two blogs by female authors i have been following was Aruni’s and this, never knowing it’s the same person. The writing style in this story reminds me of that of Inspector Maigret books, laid back, relaxed, and even action being described in a rather even tone.
I pointed out the Haley thing purely out of trivial interest, not as a correction.
ප්‍රතිචාර විසින් stormcrow — ජනවාරි 19, 2010 @ 1:05 ප.ව.