Sinhala story Blog

ජනවාරි 18, 2010

විරාමය 2 -මම සේරම කළේ රට හදන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 10:05 ප.ව.

නව රජය වැඩ බාරගත් වහාම හිටි ආණ්ඩුවේ බලතල දැරූ අය කරන ලද වැඩ කටයුතු පමණක් නොව ඔවුන්ගේ මානව අයිතීන් ද ප්‍රශ්න කෙරිණ. නව රජය බලයට පත්වූයේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තැබූ වාර්තාගත විශිෂ්ඨ ජයග්‍රහණයකිනි.

බඩගින්න නිසා කළ විප්ලව ජයගත් රටවල් ලොව ඇත. පාසැල් ශිෂ්‍යයා හෝ විශ්වවිද්‍යාල සිසුන් පමණක් විප්ලවයේ යෙදී රටක ආණ්ඩුව වෙනස් කළ රටක් ලොව නැත. එහෙත් රටෙහි ජනතාව එකමුතුව කටයුතු කළ අවස්ථාවන්හි දී පමණක් ආණ්ඩු පෙරළන්නටත් තාප්ප කඩා නිදහස ඇති කරන්නටත් අධිරාජ්‍යවාදීන් හෝ ඒකාධිකාරීන් නෙරපා හරින්නටත් ජනතාවට හැකිවුණි.

නව රජය ‍ජනතාවගේ මෙම ශක්තිය තේරුම් ගනියි ද? ඉතිහාසයෙන් පාඩම් ‍ඉගෙන ගනියි ද? නැතිනම් හිටි රජය කළ වැරදි වලට වඩා වැරදි හා මෝඩකම් ඔවුන් අතින් සිදු වෙයිද?

පෙර රජය බැබළෙද්දී හයිකාරකම් කියා ගත්ත සමහර මැති ඇමතිවරු රටත් දමා පිටරට පදිංචියට ගියහ. තව කෙනෙක් දෙන්නෙක් දේශපාලනයෙන් විශ්‍රාම ගත්හ. පක්ෂය වෙනස් කර නව රජයට හේත්තු වී ඉන් බලය තහවුරු කර ගත්තෝ ද හිටියේ නැත්තා නොවේ. ජනතාව ආර්ථික සහන ලැබෙන තෙක් කට අයා ඉඳිද්දී රටේ සුපිරි ධනවත්තු තම ධනය හා බලය තහවුරු කර ගැනීමේ මාර්ග වල නියතව සිටියහ.

“ඔච්චර බොන්න එපා.”

මේ ධනවතා ඉංග්‍රීසියෙන් පැවසුවේ තම හිතවත් හිටපු ඇමතිවරයා අතට තුන්වන විස්කි වීදුරුවත් වත්කර දෙමිනි.

“මේ ගොල්ලො මේ කෑ ගාන තරමට මම මානව අයිතිවාසිකම් කඩ කරල නෑ.”

ඔහුත් ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුනි. බිල් ක්‍රීම් වලින් දිළිසුණ පොකුටු කොණ්ඩයේ එක ‍ෙරාදක් ඔහු නළල මතට වැටී ඇත. ඒ ඇරෙන්නට බීමත් බවක සේයාවකදූ ඔහු ළඟ නොමැත.

“ඔයා දන්නවානෙ මට සල්ලි හම්බ කරන්න ඕන නම් මාර්ග ඇති වෙන්න තිබුන.”

“ඔව්. ඔව්.”

“මම සේරම කළේ රට හදන්න. රට අප්සෙට් කරන අය වැඩියි. රටට උදව් කරන අය අඩුයි.”

“ඔව්. ඔව්.”

“අපිට ලෝකෙ පිළිගැනීමක් තිබුණ. ඇමෙරිකාවටත් රුසියාවටත් හේත්තු වෙන්නෙ නැතුව අපි නොබැඳි ජාතීන්ගේ රටවල් එකමුතු කළා.”

“ඔව්. ඔව්. ඔක්කොම ඇත්ත. නඩු පටන් ගන්න කළින් විශේෂ අවසර අරගෙන එන්න අපි යමු ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක් පැත්තෙ රස්තියාදුවක් දාලා එන්න. ටිකක් නිවාඩු එහෙම අරගෙන විවේකයක් ගන්න. එතකොට මෙහෙ සැර බැහැලා තියෙයි.”

“හොඳ අයිඩියා එක. ඔයා ලැහැස්ති කරන ඕනම ‍එකක්. මං එන්නම්. මිසිස්ටත් මං හිතන්නෙ සාප්පු යමු කිව්වොත් අකැමති වෙන්නෙ නැහැ. දැන් තරහින් ඉන්නෙ මං එක්කලා. මිනිස්ට්‍රියෙ වාහන නෑනේ ගමන් බිමන් යන්න. ”

වීදුරුවේ ඉතිරිව තිබූ අවසාන මත්පැන් බිංදුවත් කටට හලාගෙන තවත් විස්කි වීදුරුවක් ඔහු වත් කර ගත්තේය. ‍ටික දිනකට රටට පැමිණ සිටි ව්‍යාපාරිකයා හා සංවාදයේ යෙදෙන ඇමතිවරයා පැරදුන පක්ෂයේය.

ප්‍රතිචාර 2 »

  1. එකපාරට මොකදවුනේ කියල හිතාගන්න බැහැ.
    පොඩ්ඩක් තියෙන්න ඕනෙ පිලිවෙල කියන්නවද?
    කතාවට පසු සහ විරාමය කියන්නෙ මොකක්ද?
    ඒව එකපාරට ඇවිත් තියෙන්නෙ කොහෙන්ද?
    පෝස්ට්වල පිලිවෙලේ මොකක්හරි ප්‍රශ්නයක්ද?

    ප්‍රතිචාර විසින් indik — ජනවාරි 18, 2010 @ 10:18 ප.ව.

    • කතාවට පසු කියල දැම්මෙ කතාවේ චරිත ගැන නොව වෙනත් පසුබිම් ගැන කියැවෙන කොටසක් නිසා. පටන් ගනිද්දි කතාවට පෙර කියලා දැම්මා වගේ. විරාමය කොටස තුල වසර කීපයක් ගෙවී යනවා. ඒකයි ‍එහෙම ලිව්වෙ.
      මේ සෙමෙස්ටර් එකේ වැඩ හොඳින් කරගෙන යන්න සුබ පැතුම්!

      ප්‍රතිචාර විසින් sinhalashortstories — ජනවාරි 18, 2010 @ 11:10 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: