Sinhala story Blog

ජනවාරි 5, 2010

බ්‍යාමප්‍රභාව

Filed under: Uncategorized — sinhalashortstories @ 2:09 ප.ව.

බ්‍යාමප්‍රභාව නම් අපෙන් පිටවන රශ්මියයි. පිටතින් නොපෙනුන ද අප සැම දෙනාටම බ්‍යාමප්‍රභාවක් ඇත. ප්‍රසන්න ජීවිත ගෙවන අයට හිමි සුන්දර වූත්, ආකර්ශනීය වූත්‍ මෙම බ්‍යාමප්‍රභාව හදුනාගන්නට ඔබට බාරය.

කතාව‍ට පෙර

“බුදු අම්මෝ…..”

හයිලෙවල් පාරේ තුන්මුල්ල හන්දියේ වාහන සියල්ල එකවර නැවතෙන හඩ ඇසිණ. මෝටර් බයිසිකලයක එන්ජිම පමණක් නොනැවතීම වැඩ කරන්නට විය. එහෙත් එය තව දුරටත් කොහේවත් යන මෝටර් සයිකලයක් නොවේ. එක තැන නොනවත්වා වැඩ කරන එන්ජිම හැරෙන්නට ස්වල්ප මොහොතකට වෙන කිසිදු සද්දයක් නැත. වෙනදාට තොර තෝංච්යක් නැතිව සිංදු කියන මලිති බටිති කුරුල්ලෝ ද, ඉවක් බවක් නැතිව දොඩවන දෙමලිච්චන් ද, කාටවත් ගරු සරු නොදක්වන කාක්කන් ද නිශ්ශබ්දය. ඊ ළග මිනිත්තුවේ කාලගෝට්ටිය පටන් ගත්තේ දිය පිට වන්නට ඉඩ නොදී තිබූ ජලාශයක වතුර පිටාර ගලන්නා සේය.

“වතුර ඉල්ලනවා..අනේ වතුර ගේන්න..”

“ඔය පුංච් ළමයි අරන් යන්න පැත්තකට..”

“කෝ දෙන්න මෙහාට වතුර එක.. අනේ පව්..”

“පොල් අත්තක්වත් ගෙනාවා නම්..”

“කවුරු හරි පොලීසියට කතා කළාද?”

“නෑ..නෑ..මහත්තය අපි දැක්ක වෙච්ච දේ. බයවෙන්න එපා අපි කියන්නම් සර්ගෙ අතේ කිසි වැරැද්දක් නැති බව. ඔය කරුමෙට වෙන දේවල්. ඕවා වළක්වන්න කාටවත් බැහැ.”

“කාගෙ කවුද කියල හොයා ගත්තද?”

“මේ පැත්තෙ කෙනෙක් නමි නෙමේ. අපි නම් මීට කළින් දැකල නැහැ.”

මේ මාරක රිය අනතුර සිදුවූයේ 70 දශ‍කයේ මුල කාලයේ. හයිලෙවල් පාරේ එදා ගමන් කරපු රථ වාහන සංඛ්‍යාව අද දිවෙන රථ වාහන වලින් දෙසිය තුන්සිය ගුණයකින් අඩුයි. මෝටර් බයිසිකලය හරියට පාලනය කර ගන්නට බැරිව ඉදිරියෙන් ආ රියෙහි ගැටුනෙන් එය පදවා ගෙන ආ තිස් තුන් වියැති දෙදරු පියා එතැනම මිය ගියේය. රිය පදවා ගෙන ආ තැනැත්තාට ගහන්නට හෝ ඔහු පදවා ගෙන ආ රිය පුලුස්සන්ට කවුරුත් ගියේ නැත. ඇබැද්දිය රිය අනතුරකි. විපත මාරාන්තිකය. අවට වාසීන් සැවොම එදා දවස ගත කළේ අන්දුන් කුන්දුන් විලසිනි. හයිලෙවල් පාර අයිනේ කඩ වලින් වෙනදාට බයිලා සිංදු හඩ නැගෙන රේඩියෝවන් ද නිහඩය.

එදා ජනතාව අහිංසකය. කෑ කෝ ගසමින් ළග පාත සිටිනා කා අත හෝ වැරදි පැටවීම වෙනුවට ඔව්හු මිය ගිය තරුණයා ගැන අවංකවම දුක් වූහ. වාහනයකට හිමිකම් කිය හැක්කේ එහෙමත් කෙනෙකුටය. වාහන අයිතිකරුවන් වගේම රිය පදවන්නට දත් අය ද මද විය. රිය අනතුරක් නිසා මරණයට පත් වූයේ එහෙමත් කෙනෙකි.

Advertisements

ප්‍රතිචාර 3 »

  1. කියෙව්වාම දුක හි‍තුනා ලියන්න දිගටම සුභ පතනවා

    ප්‍රතිචාර විසින් wadugebmv — මාර්තු 2, 2010 @ 11:23 ප.ව.

  2. දැනුයි කියවන්න පටන් ගත්තේ..

    ප්‍රතිචාර විසින් අමිල — දෙසැම්බර් 26, 2010 @ 3:53 ප.ව.

  3. I’ve just started to read

    ප්‍රතිචාර විසින් Jay — සැප්තැම්බර් 25, 2012 @ 12:35 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: