Sinhala story Blog

හැරිසන් බර්ජරොන් -4
“දැන් මම මගේ අගරුජින තෝරන්නම්!”

ඔහු කීවේ බයෙන් වකුටු වී සිටි පිරිස දිහා පහතට බැල්මක් හෙළමිනි. “පළමුවෙන් ම නැඟිටලා හිටගන්න සමත් වෙන කාන්තාව ඇයගේ සහකරුවාව සහ රාජාසනය අයිති කරගන්න!”

මොහොතක් ගෙවී ගියේය. අනතුරුව බැලේ නාට්‍යාංගනාවක් විලෝ ගහක සිහින් අත්තක් සේ පැද්දෙමින් නැඟිට්ටාය.

හැරිසන් ඇයගේ කනේ රැඳී තිබි මානසික ප්‍රතිබන්ධනය ඉවත් කළේය. සිත්ගන්නා සුකුමල වූ ලෙසකින් ඇයගේ ශාරීරික ප්‍රතිබන්ධන ගලවා දැම්මේ ය. අන්තිමට ඔහු ඇයගේ වෙස්මුහුණ ඉවත් කළේය.

ඇය ඇස් අන්ධ කරන තරමට රූමත් ය.

“දැන් -” ඇයගේ අත අල්ලා ගනිමින් හැරිසන් කීවේය, “මේ රැස්වෙලා ඉන්න ජනතාවට නටනවා යන වචනයේ අර්ථය කුමක් දැයි අපි පෙන්නමු ද? සංගීතය!” ඔහු අණ දුන්නේය.

වාදකයෝ කඩිමුඩියේ තම ආසන වලට ගියහ. හැරිසන් ඔවුන්ගේ ප්‍රතිබන්ධන ද ගලවා දැම්මේ ය. “ඔබලාට හැකි පමණ ඉහළින් වාදනය කරන්න,” ඔහු ඔවුන්ට කීවේය. “එතකොට මම ඔබලාව බැරන්, ඩ්‍යුක් හා අර්ල් නැමති පදවි වලට පත් කරන්නම්.”

සංගීතය පටන් ගති. මුලින් ම එය සාමාන්‍ය විය, නොවැදගත්, විහිළු, මුසාවාදයකි. ඒත් හැරිසන් වාදකයන් දෙදෙනෙක්ව ඔවුන්ගේ පුටු වලින් ඉවත් කළේය. ඔවුන්ව බැටන් පොළු මෙන් වනමින් ඒ සංගීතය වාදනය කළ යුතු ආකාරය පෙන්වමින් ගයන්නට පටන් ගත්තේය. ඔවුන්ව නැවතත් පුටුවලට විසි කළේය.

සංගීතය නැවතත් පටන් ගති. එය තිබියාට වඩා බෙහෙවින් මිහිරි විය.

බැරෑරුම් බවකින් හැරිසන් සහ ඔහුගේ අගරැජින සංගීතයට මඳ කාලයක් ඇසුම් කන් දුන්නහ. හරියට තම හදවත් ඒ හා එකම තාලයට ගැහෙන්නට ඉඩ හරින්නට මෙනි.

ඔවුන් ඔවුන්ගේ බර පයැඟිලි වලට බාර දුන්හ.

හැරිසන් තම විසල් අත් කෙල්ලගේ සිහින් ඉඟ මත රැඳුවේය. ඇයට ඉක්මණින් දැනෙන්නට පටන් ගන්නා සැහැල්ලුව හැඟෙන්නට ඉඩක් දුන්නේ ය.

ඉක්බිතිව, සතුට හා ලාලිත්‍ය පුපුරා යවන ලෙසින්, ඔවුන් ඉහළට පැන්නහ.

දේශයේ නීති පමණක් නොව අත්හැරුනේ ගුරුත්වාකර්ෂණයේ හා චලනයේ ද නීති ය.

ඔවුන් ඇදී ගියහ. එකිනෙකා වටා රවුම් කැරකුනහ. ඒ පැත්තට හා මේ පැත්තට වැනුනහ. එක කකුලකින් උඩ පැන්නහ. දිව ගොස් උඩ පැන්නහ. එකතැන කැරකුනහ.

හඳේ මුව පොව්වන් පැන යනවා සේ උඩ පැන්නහ.

මැදිරියේ සිවිලිම අඩි තිහක් පමණ උස ය. ඒත් හැම උඩ පැනිල්ලක් ම නැටුම් නටනා දෙන්නාව සිවිලිම අසලට ම ගෙන ගියේය.

ඔවුන්ගේ අරමුණ සිවිලිම සිප ගැනීම බව හැමෝටම වැටහුණි. ඔවුන් සිවිලිම සිප ගත්හ.

ඉක්බිතිව, තම ආදරයේ හා චේතනාවේ තනිකර බලයෙන් ගුරුත්වාකර්ෂණය නිර්දල කරමින් ඔවුන් සිවිලිමේ අඟල් ඩිංගක් යටින් පාවෙමින් එකිනෙකාව දිගු, දිගු කාලයක් සිප ගත්හ.

එවිටයි ප්‍රතිබන්ධන ජනරාල්වරයා වූ ඩයානා මූන් ග්ලැම්පර්ස් මැදිරියට බැරල් දෙකකින් යුතු මිනුම් දහයක පතරොම් තුවක්කුවක් ද සමඟ මැදිරියට ආවේ. ඇය දෙවතාවක් වෙඩි තැබුවාය. අගරජ හා අගරැජින බිමට වැටෙන්නට පෙර මිය ගියහ.

ඩයානා මූන් ග්ලැම්පර්ස් නැවතත් තුවක්කුවට වෙඩි උණ්ඩ ඇතුල් කළාය. ඇය එය වාදකයන් වෙත එල්ල කළාය. ඔවුන්ගේ ප්‍රතිබන්ධන නැවත පැළැඳ ගැනීමට තත්පර දහයක් දෙන බව කීවාය.

එන්න එතකොටයි බර්ජරොන්ලාගේ රූපවාහිනියේ ටියුබය ඇවිලී ගියේ.

හේසල් අඳුර ගැන යමක් කියන්නට ජෝර්ජ් වෙත හැරුනාය. ඒත් ජෝර්ජ් බියර් කෑන් එකක් ගන්නට කුස්සියට ගිහින් ය.

ජෝර්ජ් බියර් කෑන් එකක් සමඟ ආපහු ආවේය. ප්‍රතිබන්ධන සංඥාවක් ඔහුව සොලවද්දී මඳක් නැවතී සිටියේය. අනතුරුව ඔහු නැවතත් සිටි අසුනටම බර දුනි. “ඔයා අඬලා තියෙනවා” ඔහු හේසල්ට කීවේය.

“ඔව්,” ඇය කීවාය.

“මොකක් ගැන ද?” ඔහු කීවේය.

“මට අමතකයි,” ඇය කීවේය. “රූපවාහිනියේ ගිය ඉතා දුක් සහගත වූවක් ගැන.”

“ඒක මොකක් ද?” ඔහු කීවේය.

“සේරම මගේ මනසේ කැළතිලා අවුල් වෙලා වගෙයි,” හේසල් කීවාය.

“දුක ගෙනෙන දේවල් අමතක කරලා දාන්න,” ජෝර්ජ් කීවේය.

“මම හැම තිස්සෙම කරන්නෙ ඒකයි,” හේසල් කීවාය.

“අන්න මගේ කෙල්ල,” ජෝර්ජ් කීවේය. ඔහු වේදනාවකින් වෙව්ලුවේය. ඔහුගේ ඔළුවේ මිටියම් ඇණ ගහන සද්දයක් නාද වුණි.

“ෂා – මටත් කියන්න පුළුවන් ඒක නම් අපූරු යැයි කියලා,” හේසල් කීවාය.

“ඔයාට ඒක ආයෙත් කියන්න පුළුවනි.” ජෝර්ජ් කීවේය.

“ෂා,” හේසල් කීවාය, “මටත් කියන්න පුළුවනි ඒක නම් අපූරු යැයි කියලා.”

ඒ කෙටිකතාවේ අවසානයයි!

හැරිසන් බර්ජරොන් -3
දොරක් අගුල් වලින් උදුරා ගැලවෙන දැඩි හඬක් ඇසුණි.

රූපවාහිනියෙන් ගලා ආවේ බලාපොරොත්තු නොවූ යමක් දැකි අයගේ බුරන සේ කෑ ගැසිලි වලින් පිරි කාලගෝට්ටියකි. හරියට භූමි කම්පාවකින් වූ තාලයකට නටනවා මෙන් හැරිසන් බර්ජරොන්ගේ පින්තූරය තිරයේ නැවත නැවත උඩ පැන්නේ ය.

ජෝර්ජ් බර්ජනොන් ඒ භූමි කම්පාව නිවැරදි ව හඳුනාගත්තේ ය. ඔහු එය හරියට හඳුනාගත යුත්තක් විය යුතුය මන්ද බොහෝ අවස්ථාවල දී තම නිවහනේ දී ම ඔහු එම හැප්පෙන තාලයටම නටා ඇති බැවිනි. “මගේ දෙවියනේ-” ජෝර්ජ් කීය, “ඒ ඉන්නෙ හැරිසන් වෙන්න ඕනා!”

ඒ වැටහිල්ල ඔහුගේ මනසින් පුපුරා හැරියේ රිය අනතුරක සද්දයක් ඔහුගේ ඔළුවේ පැතිර ගිය හෙයිනි.

නැවත ජෝර්ජ්ට ඇස් හරින්නට හැකි වූ විට, හැරිසන්ගේ පින්තූරය තිරයෙන් නික්ම ගොසිනි. ජීවත්වෙන, හුස්ම ගන්නා හැරිසන් තිරය පුරවන ලදි.

යකට එකිනෙකට වැදෙන හඬ පතුරවමින්, කවටයෙක් සේ, දැවැන්ත හැරිසන් සිටගෙන සිටියේ මැදිරියේ මැද ය. ඔහුගේ අතේ ගලවා දැමූ මැදිරි දොරේ රවුම් අල්ලුව ඇත. බැලේ නාට්‍යාංගනාවන්, තාක්ෂණික සේවයකයන්, සංගීතය සපයන්නන්, හා නිවේදකයන් ද දණ ගසාගෙන ඔහු දිහා බලාගෙන තමන් මිය යතැයි අපේක්ෂාවෙන් සිටිති.

“මම තමයි අගරජු!” හැරිසන් කෑ ගැසුවේ ය. “ඇහෙනවා ද? මම තමයි අගරජු! හැමෝම මම කියන දේ වහාම ඉටු කරන්න ඕන!” ඔහු කකුල් අඩි බිම හැප්පුවේ ය. මැදිරිය සෙලවුණි.

“මම මෙතැන හිටගෙන හිටිය දී” ඔහු බෙරිහන් දුන්නේ ය, “අතපය බැඳ දමා, හරියට ඇවිද ගන්නට බැරිව, රෝගියෙකු මෙන් හිටියත් -මෙතෙක් ජීවත් වූ හැම මිනිසෙකුට ම වඩා ශේෂ්ඨ පාලකයෙක් තමයි මම! දැන් බලාගෙන ඉන්න මම මට පුළුවන් තරම කරා යන හැටි!”

හැරිසන් ඔහුගේ ප්‍රතිබන්ධන බැඳ තිබූ පටි උදුරා ගැලෙව්වේ හරියට තෙත ටිෂූ කඩදාසි මෙනි. ඒ පටි වලින් සහතික කර තිබුණේ රාත්තල් පන්දාහකට ශක්තිය දෙන්නට ය.

හැරිසන්ගේ යකඩ කැබලි ප්‍රතිබන්ධන බිමට කඩා වැටුණි.

හැරිසන් තම මහපටැඟිලි හිසේ වූ පටි වලට දමා තිබූ ඉබ්බා යටින් ඇතුල් කළේය. එය සෙලරි එළවළු කරලක් සේ කැඩී ගියේය. හැරිසන් තම කන් වලට සවි කර තිබූ ඉස් බණු ගලවා බිත්තියේ ගසා සුනු විසුණු කළේය.

ඔහු තම නැහැයේ වූ රබර් බෝලය ගලවා විසි කළ විට අනාවරණය වූයේ හෙණහඬේ දෙවියන් වන තෝර් ව ද ගෞරවාන්විත විශ්මයට පත් කළ හැකි මිනිසෙක් ව ය.

හැරිසන් බර්ජරොන් -2
“ඔයාට ළඟක දී ඉඳලා ගොඩක් මහන්සියි වගේ,” හේසල් කීවාය.

“මල්ලෙ අග පොඩි හිලක් හදන්න අපිට මොනවා හරි ක්‍රමයක් තිබුණා නම්, ඒ ඊයම් බෝල ටිකක් ඉවත් කරන්න. ටිකක් විතරක්.”

“වසර දෙකක් හිරගෙදර තපින්නයි සහ එළියට ගන්න හැම බෝලයකට ම ඩොලර් දෙදාහක දඩයක් ගෙවන්නයි,” ජෝර්ජ් කීවේය, “ඒක ලොකු වාසියක් කියල මම කියන්නෙ නැහැ.”

“ඒත් ඔයාට වැඩ ඇරිලා ගෙදර ආවම විතරක් වත් බෝල ටිකක් අඩු කරගන්න ඇහැකි නම්,” හේසල් කීවාය. “මම කියන්නෙ, ඔයා ගෙදර ඉන්න කොට කා එක්ක වත් තරඟ කරන්නෙ නැහැනෙ. ඔයා නිකම් වාඩි වෙලා ඉන්නවා විතරයිනෙ.”

“මම ඒකෙන් ගැලවෙන්න හැදුවොත්,” ජෝර්ජ් කීවේය, “එතකොට අනිත් මිනිස්සුත් ඒකෙන් ගැලවෙයි. වැඩි කාලයක් නොගිහින් අපි ආයෙත් අඳුරු යුගයට යයි එතකොට. ඔයා ඒකට කැමති වෙන්නෙ නැහැනෙ, එහෙම නේද?”

“මම ඒකට අකමැති වෙයි,” හේසල් කීවා ය.

“ඔන්න එහෙමයි,” ජෝර්ජ් කීය. “මිනිස්සු නීති වලින් ගැලවෙන්න වංචා කරන්න පටන් ගත්තු ගමන් ඔයා හිතන්නෙ සමාජයට මොකක් ද වෙන්නෙ?”

හේසල්ට ඊට පිළිතුරක් සොයාගන්නට හැකි නොවූයේ නම් ඊට පිළිතුරක් දෙන්නට ජෝර්ජ්ට හැකියාවක් නැතිවුණි. ඔහුගේ හිසේ නලාවක් නාද වෙයි.

“හිතන්නෙ ඒක කඩා වැටේවි කියලා,” හේසල් කීය.

“මොකක් ද?” ජෝර්ජ් ඇසුවේ හිස් ලෙසකිනි.

“සමාජය,” හේසල් කීවේ නිශ්චිත බවකින් නොවේ. “ඒක නෙමෙයි ද ඔයා මේ දැන් කීවේ?”

“කවුදැයි දන්නෙ?” ජෝර්ජ් කීය.

රූපවාහිනී වැඩ සටහන හදිසියේ නවතමින් ප්‍රවෘත්ති නිවේදනයක් පටන් ගති. නිවේදනය කුමක් දැයි මුල දී හරියට වැටහුනේ නැත. මන්ද නිවේදකයා, අනිත් හැම නිවේදකයක් සේ ම, සෑහෙන්න දැඩිව පැවති උච්චාරණ දුර්වලතාවයකින් යුතු විය. මිනිත්තු බාගයක් පමණ, ඉහළ ගිය උනන්දුවකින්, නිවේදකයා උත්සාහ කළේ “නෝනාවරුනි, මහත්වරුනි,” කියන්නට ය.

අවසානයේ දී ඔහු උත්සාහය අත්හැර දැමීය, නිවේදනය බැලේ නාට්‍යාංගනාවකට කියවන්නට දුන්නේ ය.

“ඒකට කමක් නැහැ-” නිවේදකයා ගැන හේසල් කීය, “ඔහුට මහන්සියි. ඒක තමයි ලොකු දේ. ඔහු කරන්න උත්සාහ කළා තමන්ට හැකි පමණින්, දෙයියෝ දීපු තරමින්. ඔහුට ලැබෙන්න ඕන හොඳ පඩි වැඩිවීමක් එච්චර මහන්සි වෙලා උත්සාහ කළාට.”

“නෝනාවරුනි, මහත්වරුනි,” බැලේ  නාට්‍යාංගනාව නිවේදනය කියවමින් කීවාය. ඇය වඩාත් ලස්සන රූමතියක් වන්නට ඇත. මන්ද ඇය පැළඳ සිටි වෙස්මුහුණ ඉතා කැත එකක් වුණි. එසේම නාට්‍යාංගනාවන් අතරින් ඇය වඩාත් ම ශක්තිමත් හා වඩාත්ම ලාලිත්‍යයෙන් වූ අය ද බව කිය හැකිය. මන්ද ඇයගේ ප්‍රතිබන්ධන මල්ල රාත්තල් දෙසීයයක් බරැති මිනිසුන් පළඳින තරම් ලොකු වූවකි.

ඇයට හනිකට තම කටහඬ ගැන සමාව අයදින්නට විය. කාන්තාවකට පාවිච්චි කරත හැකි කිසිසේත් සමානාත්මතාවයකින් තොර වූ කටහඬකි ඇයට වූයේ. ඇයගේ කටහඬ දයාබරිතය, බැබලෙන්නකි, කාලයකට සීමා නොවූ මිහිරකි. “සමාවෙන්න,” ඇය කීවාය. තම කටහඬ කිසිත් තරඟකාරී නොවන ලෙසකින් වෙනස් කරගෙන නැවතත් ඇය නිවේදනය කියවන්නට පටන් ගත්තාය.

“හැරිසන් බර්ජරොන්, වයස දාහතරක් වූ,” ඇය කීවේ මයිනෙක් මෙන් කර්කශ හඬකිනි, “මේ දැන් සිරගෙදරින් පළා ගිහින්. එයාව එහි රඳවා තිබුනේ ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කිරීමේ සැක පිට. එයා අති බුද්ධි ප්‍රභාවයකින් යුතු අයෙක්. ඒ වගේ ම දක්ෂ ක්‍රීඩකයෙක්. ප්‍රතිබන්ධන ඇති තරමට ලබා නැති අයෙක්. ඒ වගේ ම ඉතා භයානක අයෙක් හැටියට සැලකිය යුතු කෙනෙක්.”

පොලීසිය විසින් ගත් හැරිසන් බර්ජරොන්ගේ පින්තූරයක් තිරයේ වැටුනේ මුලින් ම උඩු යටිකුරුව ය. ඊ ළඟට හරහට ය. අනතුරුව එය නිවැරදිව දිස්විය. පින්තූරයෙන් දිස්වූයේ හැරිසන් අඩි හා අඟල් පෙන්වන තීරුවක් අසල හිටගෙන ඉන්නා මුළු සිරුරම දක්වන්නකි. ඔහු හරියටම අඩි හතක් උස වූයේය.

හැරිසන්ගේ ඉතිරිය පෙනුනේ බියකරු ලෙසින් ලෙසිනි. එවැනි දැඩි ප්‍රතිබන්ධන කිසිවෙක් මීට කළින් කිසිදාක දරා නැත. ප්‍රතිබන්ධන නිලධාරීන්ට හිතන්නට බැරි තරම් ඉක්මණින් ඔහු තම බාධක ඉස්මතු කරගෙන වැඩුණි. මානසික ප්‍රතිබන්ධනය සඳහා කණට දාන පොඩි රේඩියෝව වෙනුවට ඔහු පැළඳ සිටියේ විසල් කන් බනුවන් යුවලකි. ඔහුගේ ඇස් වල වූයේ තඩි කාච වලින් යුතු කණ්ණාඩි යුගලකි. කණ්ණාඩි වල අරමුණ වූයේ ඔහුට බාගෙට ඇස් පෙනීම නැති කිරීම පමණක් නොව හිසට දරුණු හිස් රුදා ඇති කිරීමටත් ය.

පරණ යකඩ කැබලි ඔහු වටේට එල්ලා තිබිණ. සාමාන්‍යයෙන් එවැන්නක යම් සංමිතියක් ඇත. ශක්තිමත් පුද්ගලයන්ට ප්‍රතිබන්ධන නිකුත් කරන ලද්දේ හමුදා සුකෘත බවකිනි. එහෙත් හැරිසන් දිස්වූයේ හරියට ඇවිදින රොඩු ගොඩක් සේ ය. ජීවිතය ගෙන යන්නට හැරිසන් රාත්තල් තුන්සීයයක් ඔසවා ගියේය.

ඔහුගේ කඩවසම් පෙනුන සමානාත්මතාවයෙන් යුතු කරන්නට, ප්‍රතිබන්ධන නිලධාරීන් ඔහුට හැම විටම රබර් බෝලයක් නාසයේ පැළඳ සිටින්නට අණ කර තිබුණි. ඇස් බැමිවල කෙස් බූ ගාන්නට අණ කර තිබුණි. සුදු පේලියට වූ දත් අතරින් පතර කළු කොන් පැළඳ ඉන්නට අණ කර තිබුණි.

“ඔබ මේ තරුණයාව දැක්කොතින්,” බැලේ නාට්‍යංගනාව කීවාය, “එපා -නැවත මම කියන්නම්, එපා කිසි විටෙක ඔහු හා විචාරයට යන්න.”

හැරිසන් බර්ජරොන්
කර්ට් වොනගට් (Kurt Vonnegut, Jr.) නැමති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා අතින් 1961 දී ලියැවුනු කෙටි කතාවකි මෙය. කොටස් කිහිපයකින් පළ කරන්නෙමි.

හැරිසන් බර්ජරොන්

ගෙවී යන්නේ 2081 වසර ය. පරිසමාප්තියෙන් සියල්ලෝම සමානාත්මතාවය අත් කරගෙන ඇත. දෙවියන් හා නීතිය ඉදිරියේ පමණක් ඔවුන් සමානාත්මතාවය ලබා නැත. ඔවුන් සැලකිය හැකි සෑම සියළු විදියකින් ම සමානාත්මතාවය ලබා ඇත. කිසිවෙක් වෙන අයෙකුට වඩා හපනෙක් නොවේ. කිසිම අයෙක් තවත් අයෙකුට වඩා වැඩි ලස්සනකින් යුතු නොවේ. කිසිවෙක් තවත් කිසිවෙකුට වඩා ශක්තිමත් හෝ කඩිසර නොවේ. මේ සියළු සමානාත්මතාවයන් සිදු වූයේ ව්‍යවස්ථා සංශෝධනයේ 211, 212 සහ 213 වැනි පනත් හේතුවෙනි. එසේම ඒවා නොවැරදී සොයා බලා ස්ථාපිත කරන එක්සත් ඇමෙරිකාවේ ප්‍රතිබන්ධන ජනරාල්වරයාගේ ඒජන්තවරු නිසා ය.

ජීවිතයේ සමහර දේවල් ඒත් සම්පූර්ණයෙන් නිවැරදි ව සිද්ධ වූයේ නැත. උදාහරණයක් ගත්තොත්, අප්‍රේල් මාසය වසන්තයක් නොවී මිනිසුන්ව වියරු කරන ලදි. ඒ දහදිය දමපු මාසයේ තමයි ජෝර්ජ් හා හේසල් බර්ජරොන් දෙදෙනාගේ පුත් හැරිසන් ව ප්‍රතිබන්ධන ජනරාල්ගේ මිනිසුන් විසින් රැගෙන යන ලද්දේ.

එය සැබැවින් ම දුක්ඛිත ය. ඒත් ඒ ගැන ජෝර්ජ් සහ හේසල් දෙදෙනාට වැඩි දුර දිගකට සිතන්නට නොහැකි වුණි. හේසල්ට තිබියේ කිසිත් වරදක් නැති සාමාන්‍ය බුද්ධියකි. එනම් ඇයට කෙටි කාලයකට සීමා වූ උත්සාහයන් වල දී හැරෙන්නට කිසිවක් ගැන සිතන්නට බැරි ය. ජෝර්ජ්ගේ බුද්ධිය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් ඉහළ විය. එහෙත් ඔහුගේ කණකට සවි කරන ඇත්තේ මානසික ප්‍රතිබන්ධන රේඩියෝවකි. නීතියෙන් එය හැම මොහොතක දී ම පැළැඳ සිටින්නට ඔහුට නියම වී තිබිණ. රේඩියෝවේ නාලිකාව රැඳී තිබුනේ ආණ්ඩුවෙන් බෙදා හරින තරංගයකට ය. හැම තත්පර විස්සකට වගේ තරංගය විසින් යම් තියුණු ශබ්දයක් බෙදා හරියි. ඒ ජෝර්ජ් වැනි පුද්ගලයන් තම මොළයෙන් අයුතු වාසි ගැනීම නතර කරන්නට ය.

ජෝර්ජ් සහ හේසල් රූපවාහිනය නරඹමින් සිටියහ. හේසල්ගේ කම්මුල් වල කඳුළු බිංදු වුවත් ඒ මොහොතේ දී ඒවා කුමක් නිසා දැයි ඇයට අමතක වී තිබුණි.

රූපවාහිනියේ බැලේ නාට්‍යාංගනාවන් දිස්වුණි.

ජෝර්ජ්ගේ ඔළුව ඇතුලේ සීනුවක් නාද විය. හොරු පැන්නා යැයි දැනුම් දෙන සංඥාවක් නාද වූ විට තැතිගත් මංකොල්ලකරුවන් සේ ඔහුගේ සිතුවිලි පළා ගියහ.

“ඒක හරි ලස්සන නැටුමක්, අර නැටුම ඒ අය ඒ දැන් කරපු එක,” හේසල් කීවා ය.

“හහ්” ජෝර්ජ් කීය.

“අර නැටුම -ඒක හොඳයි,” හේසල් කීවා ය.

“ඔව්,” ජෝර්ජ් කීවේය. ඔහු බැලේ නාට්‍යාංගනාවන් ගැන ඩිංගක් සිතන්නට උත්සාහ කළාය. ඒ අය එතරම් දක්ෂ අය නොවූහ. කෙසේ හෝ අනිත් අයට වඩා දක්ෂ විය හැකි අය වූයේ නැත. ඔවුන්ගේ ඉනවල් වටා කුරුල්ලන්ට වෙඩි තියන උණ්ඩ බර වලින් පිරුණ බඳ පටි එල්ලුනි. ඔවුන්ගේ මුහුණු වැසෙන්නට වෙස්මුහුණු විය. ඒ ඔවුන්ගේ නිදහස් හා සුකුමල හැසිරිල්ලක් දැක හෝ පියකරු මුහුනක් දැකීමෙන්, ලස්සන නැති තවත් අයෙකුට තමන්ව පූසෙක් ගෙට රැගෙන ආ වසරුක් මෙන් සිතෙන්නට ඇති ඉඩ අහෝසි කරන්නට ය. නාට්‍යාංගනාවන් ප්‍රතිබන්ධන නොකළ යුතු යැයි යාන්තමින් හට ගත් සිතුවිල්ලක් ජෝර්ජ් සලකා බලන්නට පටන් ගත්තේ ය. ඒත් ඔහුට ඒ සිතුවිල්ල ඔස්සේ වැඩි දුරක් යන්නට ඉඩක් නොලැබුණි. ඔහුගේ කනේ වූ රේඩියෝවෙන් ඇහුණු සද්දයෙන් සිතුවිලි සියල්ල හැම අතර විසුරුවා හැරිණ.

ජෝර්ජ් වේදනාවකින් ඇස් වසා ගත්තේ ය. බැලේ නාට්‍යාංගනාවන් අතරින් අට දෙනෙකුත් එසේම වේදනාව පෑහ.

ඔහුගේ වේදනා පිළිබිඹු කරන ඇස් වසා ගැසීම හේසල් දැක්කා ය. කිසිත් මානසික ප්‍රතිබන්ධනයක් ඇයට නැති නිසා, ඒ අළුත්ම සද්දය කුමක් දැයි ඇය ජෝර්ජ් ගෙන් විමසුවා ය.

“ඇහුනේ හරියට කෙනෙක් කිරි බෝතලයකට යකඩ මිටියකින් ගහනවා වගේ,” ජෝර්ජ් කීවේ ය.

“ඒ එක එක විදියෙ හඬවල් අහන්න ඇත්නම් හරි සිත්ගන්නා සුළු වෙයි,” හේසල් කීවේ මඳ ඊර්ෂ්‍යාවකින්. “එයාලට හිතන්න පුළුවන් දේවල්.”

“ආ..,” ජෝර්ජ් කීවේය.

“එකම දේ, මම ප්‍රතිබන්ධන ජනරාල්වරයා නම්, ඔයා දන්නවා ද මම මොකද කරන්නෙ කියලා?” හේසල් විමසුවා ය. අපක්ෂපාතීව බලද්දී හේසල් ප්‍රතිබන්ධන ජනරාල්වරයාට ඉතා කිට්ටු පෙනුමකින් යුතු වූවා ය. ප්‍රතිබන්ධන ජනරාල්වරයා කාන්තාවකි. ඇයගේ නම ඩයානා මූන් ග්ලැම්පර්ස් ය. “මම ඩයානා මූන් ග්ලැම්පර්ස් නම්,” හේසල් කීවාය, “මම ඉරිදාට පල්ලියේ ගංඨාර වගේ සද්දයක් තෝරනවා. ආගම සමරන්න.”

“මට හිතන්න පුළුවන්, ගංඨාර සද්දයත් එක්ක,” ජෝර්ජ් කීවේ ය.

“එහෙනම් ඉතින් ඒවා ගොඩක් හඬ වැඩි කරලා,” හේසල් කීවා ය. “මම හිතන්නේ මට පුළුවන් හොඳ ප්‍රතිබන්ධන ජනරාල්වරයෙක් වෙන්න.”

“අනිත් ඕන කෙනෙක් වගේ හොඳ වෙයි,” ජෝර්ජ් කීවේ ය.

“වෙන කවුද දන්නෙ මට වඩා සාමාන්‍යයි කියන්නෙ මොකක් ද කියලා?” හේසල් කීවා ය.

“හරි,” ජෝර්ජ් කීවේ ය. ඔහු ඉතා යාන්තමින් හිරබාරයේ ඉන්නා තමන්ගේ අසාමාන්‍ය වූ පුතා ගැන සිතන්නට පටන් ගත්තේය. එහෙත් ආචාර වෙඩිමුර විසි එකකින් යුත් නාදය එය නවතන ලදි.

“මදැයි!” හේසල් කීවාය, “ඒක නම් අපූරුයි, නේද?”

ඒක කොතරම් අපූරු වූවා දැයි කියතොත් ජෝර්ජ් තවමත් සුදුමැලි බවින් වෙව්ලයි. ඔහුගේ රතු දෑස් කඳුලින් පිරී ඇත. නාට්‍යාංගනාවන් අට දෙනාගෙන් දෙදෙනෙක් නාට්‍ය ශාලාවේ බිම පෙරළී තම නළල් තල අත්වලින් අල්ලා ගෙන සිටිති.

“හිටපු ගමන් ඔයාට හරි මහන්සි පාටයි,” හේසල් කීවාය. “මේ සොපාවේ දිග ඇරෙන්නෙ නැත්තෙ ඇයි? ඔයාගෙ ප්‍රතිබන්ධන මල්ල කොට්ට උඩ තියන්න පුළුවන් එතකොට, ප්‍රයාදරය.” ඇය අදහස් කළේ ජෝර්ජ්ගේ බල්ල වටා අගුල් දමා එල්ලා ඇති රාත්තල් 47 ක් බර වූ කැන්වස් මල්ල ගැන යි. “යන්න ගිහින් මල්ල තියලා ටිකකට නිවාඩු ගන්න,” ඇය කීවා ය. “මට කමක් නැහැ ඔයා මා හා සමානාත්වයක් නැති වූවාට ඩිංග කාලයකට.”

ජෝර්ජ් මල්ල අතේ තබාගෙන එහි බර බැලුවේ ය. “මට කාරියක් නැහැ,” ඔහු කීවේ ය. “මට ඒක වැඩියක් කියලා දැනෙන්නෙ නැහැ. දැන් ඒක මගේ කොටසක් වගේ.”

“ඔයාට ළඟක දී ඉඳල ගොඩක් මහන්සියි වගේ.

අපි ජීවත්වන්නෝ -377 ඇය සිනාවූයේ කරන්නට හැකි වූ දේවල් බොහොමයක් ගැනයි
හිමිදිරියේ දී ඇය බෑවුමක ගැට්ටක් මත ඇද වැටුනා ය.

ඈතට යන තෙක් පෙනෙන හිම මිටියාවතක අගිස්සේ නැඟ එන හිරු දක්වා විසිර තිබිණ. හිරු පායා නැත. රෝස පැහැති පටියක්, ලා පැහැති වූ, තුරුණු, හරියට පාටක හුස්මක් සේ, හරියට පාටක උපතක් සේ, හිම මතින් නැඟී දිස්නය පතුරුවයි. වෙව්ලමින් ලා පැහැති නිල් පැහැයෙන් වූ ඉහළට මුසු වී යයි. තුනී වේල් පටක් යටින් නිවි නිවී පත්තු වෙන දීප්තියෙන් නිල් පැහැය පැතිර ගියේ ය. හරියට ගිම්හාන සූර්යාලෝකයක පොකුණක හොල්මනක් නොපෙනී යනවා‍ සේ ය. හරියට සියකිරණ ගැඹුරක කිඳි ගොස් ඇති ‍විලක මතුපිට සේ ය. ඒ පටන් ගන්නා දියරයක් වැනි වූ දැල්ලේ හැම අත වූ හිම පෙනුනේ වෙව්ලා, හුස්ම ගනිමින්, සුමට ව දිළිසෙමින් ඇත්තා සේ ය. දිගු තීරු මිටියාවත හරහා පැතිර තිබුණි. සෙවැනැලි සේ වූයේ එළියයි. බරින් වූ, නිල් පැහැති එළිය අගිස්සේ නටන්නට සූදානම් ගිනිදැල් ඇති ලෙසින් පෙනුණි.

මිටියාවතේ ඈතක කුඩා හුදකලා ගහක් දකින්නට තිබිණි. එහි කොළ තිබියේ නැත. එහි සිහින්, දුලබ අතු අතර හිම රැඳී නොතිබුණි. එය තියුණු ලෙසින් ඇදී තිබුනේ අනාගත වසන්තයක ජීවයෙනි. එහි කළු අතු, අත් මෙන්, කරන්නට හැකි වූ බොහොමයක් දේවල් තිබි අනන්තයට දිවෙන ලෝකයක් මතින් හිමිදිරිය වෙත දිග හැර පා තිබිණ.

ඇය කඳු ගැට්ට මත වැතිර, පහළට හැරී අහස දිහා බලා සිටියා ය. සුදු හා නිශ්චල වූ එක අතක් ගැට්ට මතින් පහතට වැටී තිබිණි. ඉන් කුඩා රතු බිංදු හෙමිහිට පෙරළී හිම මතින් බෑවුමට ඇද වැටුණි.

ඇය සිනා වූවා ය. තමන් මිය යන බව ඇය දත්තා ය. ඒත් තව දුරටත් ඉන් කමක් නැත. කිසිම මනුෂ්ය වචන වලින් කිසිදාක කිව නොහැකි යමක් ඇය දැන සිටි බව ඇය දැන් දත්තා ය. ඇය ඒ වෙනුවෙන් බලාගෙන සිටියෙකි. හරියට එය පැවති විදියට ඇයට දැනුණි. හරියට එය ජීවත් වූ ලෙසින් ඇයට දැනුණි. ජීවිතය, ඇය එය විය හැකි වූ ආකාරය දන්නා නිසා පමණකින්, ඇයට දැනුනේ සද්දයක් නැති ගීතිකාවක් ලෙසිනි. රතු බිංදු රූ රා වැටෙන කුඩා හිල යට ගැඹුරු පතුලක, ඒ රතු බිංදු ආපු තැනේ ඉතා පතුලකින් වූ දැයක් ඇය දත්තා ය. එක මොහොතක්, නැත්නම් සදාකාලයක් -යන්න වැදගත් ද? ජීවිතය, පරාජය නොකරන ලද ජීවිතය පැවතිණ. එයට පැවතිය හැකිය.

ඇය සිනා වූවා ය. ඒ ඇයගේ අන්තිම සිනාව ය. ඇය සිනා වූයේ කරන්නට හැකි වූ දේවල් බොහොමයක් ගැනයි.

“අප ජීවත්වන්නෝ” පරිවර්තනය මෙතැනින් නිමාවෙයි. කියවන්න පැමිණි ඔබ සැමට ස්තූතියි.

“අපි ජීවත්වන්නෝ” රචනා තරඟය 10, 11, සහ 12 පංති වල ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා ය. පළමු ත්‍යාගය $3,000; $1000 බැගින් දෙවැනි තෑගි පහකි; $300 බැගින් තෙවැනි තෑගි පහකි, $50 බැගින් තෑගි විසිපහකි; $25 බැගින් තෑගි 80 කි. රචනා බාර ගන්නා අවසන් දිනය මැයි 5, 2012

භාෂාව: ඉංග්‍රීසි

ලෝකයේ ඕනෑම රටක වාසය කරන සිසු සිසුවියන්ට සහභාගි විය හැකියි.

වැඩි විස්තර මෙතැනින්.

අපි ජීවත්වන්නෝ -376 දුර්වල කෙල්ලක් ඉදිරියටම ඇවිද ගියාය
ඇයට උණුසුම දැඩි ව දැනිණ.

හුස්ම ගන්නට අපහසු බවක් දැනිණ. ඇය කබාය ගලවා හිම මත වැටෙන්නට හැරියා ය. ආපහු හැරී නොබලා දිගට ම ඉදිරියට ඇවිද්දා ය.

අහසේ වළාකුළු නිල්, අළු හා තද කොළ පාටින් කැරලි ගැසෙමින් ඈතට පාවී යති. ඇයට ඉදිරියෙන් හිම මත යාන්තම් දැකිය හැකි වූ ඉරක්, විනිවිද පෙනෙන සුදු පැහැයෙන් වූවක් පෙනුණි. ඒත් ඊට උඩින් වූ හිම දිස්වූයේ ඉතා ලා පැහැති කොළ පාටින් ය.

ඇය විසි වී ඉදිරියට ගියා ය. නැවත ගැස්සී පිටුපසට ගියා ය. ඇය දෙනෙත් වලින් කොණ්ඩය පිස ඉවත් කර ගත්තා ය. කකුල් හිර වෙද්දී, ඇය වටා වූ හිම වැනි සුදු ලේස් දිගු මංගල ගවුමක් හැඳගත් වෙව්ලන පැද්දෙන බීමතින් වූ හැඩරුවක් සේ ඇය ඉදිරියට ගියා ය.

ඇයගේ ඉනෙන් ඒ ගවුමේ පිටුපස වූ බිම ගෑවෙන කොටස ගැල වී ගොස් එහි සුදු ලේස් ඇයගේ කකුල් වල හිරවෙමින් ඇය පිටුපසින් ඇදී එයි. ඇය අන්ධ ලෙසින් වැනෙමින් ගියා ය. ඇයගේ කොණ්ඩය සුළඟට හැම අත ගසා යයි. ඇයගේ දෑත් වැනේ. හරියට ඒ දෑත් ද සුළඟට අසු වී වැනෙනවා වැනි ය. ඇය පිටුපස්සට නැවුනා ය. ඇයගේ පියයුරු සුදු ලේස් යටින් මතු වී පෙනුණි. ඇයගේ වම් පියයුර යටින් කුඩා රතු දිය පහරක් සෙමෙන් පහළට ගලා බසී. දිගු තද පැහැති පැල්ලම් ගවුම පුරා දිව ගොස් බිම ගෑවෙන කොටසේ ද පැතිරී ගියේ ය. සියුමැලි ලේස් මල් සුදු සැටින් මත්තේ රතු පාටින් පෙනිණ.

හදිසියේ ම ඇයගේ පෙන වලින් කැටි ගැසී ඇල වී ගිය වියළි තොල් නැවතත් විවර විය. ඇය සුමුදු හඬකින් එක නමක්, උදව් ඉල්ලා කරන ආයාචනාවක්, එහා පැත්තෙන්, මායිමට ඔබ්බෙන් වූ, හරියට පිරිමැදීමක් මෙන්, ඇයගේ හඬ දයාවෙන් හා ප්රීතියකට ළං වූ ස්වරයකින් පිට විය: “ලියෝ! …”

ඇය නැවත නැවතත් මැතිරුවා ය. හඬ තව තවත් වැඩි කරමින්, බලාපොරොත්තු සුන් වූ ලෙසකින් නොව, හරියට ඒ සද්දය, ලෝකයේ වූ ඒ එක සද්දයෙන්, ඇයට ජීවයක් දෙන ලෙසින් කීවා ය: “ලියෝ! … ලියෝ! … ලියෝ! …”

ඇය ඔහුට කතා කරන්නී ය. පවතින්නට හැකි වූ ලියෝ, තමා යන තැන, මායිමට එපිටතින් ජීවත් වන්නට අවස්ථාවක් ලද්දා නම් විය හැකි වූ ලියෝ ට කතා කළා ය. ඇය එනතෙක් ඔහු එහි බලාගෙන සිටියි. ඒ නිසා ඇය යා යුතු යි. එතැන, ඒ ලෝකයේ, මායිමට එපිටත, ඇය වෙනුවෙන් ජීවිතයක් බලාගෙන සිටියි. ජීවත් වූ හැම පැයක ම ඇය අවංක වූ ජීවිතය, කිසිම විටෙක පහතට නොහැර වූ එකම බැනරය, කෙළින් හා ඉහළට ඔසවා ගෙන සිටිය එකම එක, පාවා දිය නොහැකි ජීවිතය, තවමත් ජීවතුන් අතර සිටිය දී පාවා නොදිය හැකි වූව, තවමත් සේවයක් කළ හැකි ජීවිතය වෙනුවෙන්, ඇවිද්දා ය. තව ටික කාලයක් ඉදිරියට, ජීවිතය වෙනුවෙන් තව ටික කාලයක් ඇය ඇවිද්දා ය.

එවිට ඇයට සිංදුවක් ඇසිණ. එහි තාලය මනුෂ්ය හඬක් වන්නට තරමකින් හඬකින් නොයුතු ය. සිංදුව අන්තිම සටන් බිමක පා ගමන් තබන තාලයකි. එය අවමංගල ළතෝනියක් වූයේ නැත. එය ගීතිකාවක් වූයේ නැත. එය යාඥාවක් නොවීය. එය පැරණි ඔපෙරෙට්ටාවක තාලයකි. “කැඩුණු වීදුරුවේ සිංදුව” විය.

සංගීතයේ කුඩා තනු පසු බැස්මෙන් වෙව්ලා ‍ගොස් අනතුරුව පුපුරා ගියහ. ඉක්මණින් පෙරළී, හරියට සියුම් රැළි මෙන්, හරියට වීදුරුවකින් නැඟෙන හඬක් සේ සිහින් හා පැහැදිලි විය. කුඩා තනු උඩ පැන පුපුරා ගොස් හිනා වූහ. හිනා වූයේ සම්පූර්ණ වූ, කොන්දේසි නොමැති වූ, උත්කර්ෂවත් මනුෂ්ය ප්රීතියකිනි.

ගයන්නේ තමන් දැයි ඇය නොදත්තා ය. සමහර විට ඇයට ඒ සංගීතය කොහෙන් දෝ ඇසෙනවා පමණක් ඇති.

එහෙත් සංගීතය පොරොන්දුවක් වූවකි. ඇයගේ ජීවිතය ආරම්භයේ දී වූ පොරොන්දුවකි. එදා ඒ වූ පොරොන්දුව, ඇයට දැන් අහිමි කරන්නට නොහැකි ය. ඇය ඉදිරියට යා යුතු යි.

ඇය ඇවිද ගියා ය. සුදු ලේස් මත රතු පැල්ලම් පැතිර යන, පිම්බී හැම අත විසිරී යන, පූජකවරියකගේ මධ්යකාලීන ගවුමක් හැඳගත්, දුර්වල කෙල්ලක් ඉදිරියට ම ඇවිද ගියා ය.

අපි ජීවත්වන්නෝ -375 ඇය පැනගත යුතුයි
ඇය අමාරුවෙන් ඉදිරියට ඇදුනා ය.

තම දණහිස් වලට දැනෙන දුර්වලතාවය කුමක් දැයි කල්පනා කළා ය. නිල් පැහැ ගැන්වෙන තොල් අස්සෙන් තමන් වෙත රහසින් කියා ගත්තේ: “ඔව් ඔයා දැන් තුවාල වෙලා තමයි. ටිකක් දුර්වල තමයි. ඒක ඉතින් බලාපොරොත්තු වෙච්ච දෙයක්. සිත කරදර කරගන්න අවශ්ය නැහැ,” කියා ය.

උරහිස් ඉස්සරහට නෙරා යද්දී, අතක් ඇලයට හිර වී තිබිය දී, හිම මතින්, කකුල් හිරකර ගනිමින්, දණහිස් එකට හැපෙද්දී, ඇය හරියට බී මතින් වැනෙමින් සේ ඉදිරියට ඇදුනා ය. කුඩා තද පැහැති බිංදු ඇයගේ ලේස් ගවුමේ වාටියෙන් ඉඳහිටක හෙමින් වැටෙනවා ඇය දුටුවා ය. අනතුරුව ඒ බිංදු වැටීම නැවතිණ. ඇය සිනාවක් පෑවා ය.

ඇයට වේදනාවක් දැනුනේ නැත. දුර්වල බවින් වැඩි වන කකුල් දෙකට ඇයගේ අවසාන අවධානය යොමු කරන්නට ඇය සිත යොමා තිබුණි. ඇය යා යුතු යි. ඇය පැනගත යුතු යි. ඇය පැනගත යුතු යි.

තම කටහඬින් ඇයගේ ශක්තියට දෙන ජීව සාන්ද්රණයක් ලෙසින් ඇය තමන්ට රහසින් මතුරා ගත්තා ය: “ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා. ඔයා හොඳ සොල්දාදුවෙක්. දැන් තමයි ඒක ඔප්පු කරන්න හොඳම වේලාව … දැන් … තව එකම උත්සාහයක් … එකම අන්තිම උත්සාහයක්. … ඒක එච්චර නරක නැහැ තවම, නේද? … ඔයාට පුළුවන්. .. ඇවිදින්න විතරයි ඕන … කරුණාකරලා ඇවිදින්න … ඔයා පැනගත යුතු යි …. පැනගත යුතු යි … පැනගත යුතු යි ….”

කබායේ වූ නෝට්ටු රෝලට ඇය අතක් තබා ගත්තා ය. ඒක නැති කරගත නොහැකි ය. ඒක පරිස්සම් කරගත යුතු ය. තව දුරටත් ඇයට පැහැදිලිව කිසිවක් දැකගත නොහැකි ය. ඒක මතකයේ තබා ගත යුතු යි.

ඇයගේ හිස ඉදිරියට කඩා වැටෙයි. ඇය නොනැවතී යා යුතු කකුල් දෙක පෙනෙන සේ, ඒ දිහා බලන්නට සිහින් තීරු දෙකක් පමණක් සේ ඇසිපිය හැර ඇය දෙනෙත් අඩවන් කර ගත්තා ය.

හදිසියේ ම ඇස් ඇර බැලූ විට ඇය හිම මත වැතිර ඉන්නා බව පෙනුණි. ඇය හෙමිහිට හිස ඔසවා කල්පනා කළේ ඇය වැටුණු හැටි අමතක බවයි.

සිහි නැති වී ඇද වැටෙන්නට ඇතැයි ඇය සිතුවා ය. සිහි නැති වී යන ආකාරය කොහොම දැනුනා දැයි ඇය කුතුහලයෙන් සිතුවා ය. මන්ද ඇයට එය වූ හැටි මතක නැත.

නැඟිටින්නට ඇයට බොහෝ වේලාවක් ගතවිණ. ඇය වැටුන තැන රතු පැල්ලමක් තියන බව ඇය දැක්කා ය. ඇය එතැන කාලයක් වැතිර ඉන්නට ඇත. ඇය අමාරුවෙන් ඉදිරියට ඇදුනා ය. ඉක්බිතිව නැවතුනා ය. ඇයගේ දුර්වල දෑස් වල යම් සිතුවිල්ලක් හෙමින් ගොඩ නැඟෙමින් පවතී. ඇය ආපහු ගොස් ඒ රතු පැල්ලම කකුලෙන් ඇදගත් හිම වලින් වසා දැමුවා ය.

ඇය ඉදිරියට ම ගියා ය. කාලගුණය හදිසියේ ම එතරම් උෂ්ණ වී ඇත්තේ මන්දැයි අපැහැදිලි බවකින් කල්පනා කළා ය. ඒ තරම් උණුසුම් වුවත් හිම දිය වී නැත්තේ ඇයි දැයි කල්පනා කළා ය. කොතරම් උණුසුම් දැයි කිවහොත් ඇයට හුස්ම ගන්නට ද අපහසු ය. ඉතින් හිම දිය වී ගියොත් මොකද වෙන්නෙ? ඇයට පිහිනන්නට වෙනු ඇත. එතකොට එහෙනම් ඇය හොඳ පිහිනුම්කාරියකි. ඒක ඇවිදිනවාට වඩා පහසු වේවි. මොකද එතකොට ඇයගේ කකුල් වලට විවේකයක් ලැබේවි.

ඇය වීසි වී ඉදිරියට ගියා ය. ඇය නිවැරදි අතක ගමන් කරනවා දැයි ඇය නොදනී. යන අත ගැන සිතන්නට තිබි බව ඇයට අමතක වී ගිහින් ය. ඇයගේ මතකයේ ඇත්තේ ඇය ඇවිදිය යුතු බව පමණි.

කන්ද හදිසියේ ම තියුණු ප්රපාතයක් අසල නැවතුණු බව ඇය දුටුවේ නැත. ඇය වැටී පෙරළී සුදු බෑවුම දිගේ කකුල් අත් හා හිම අතරින් කරකැවී පහළට වැටුණි.

මුලින් ඇයට එක අතක් හැරෙන්නට වෙන කිසිවක් සොලවන්නට බැරි විය. ඇය මුහුනේ වූ හිම, තොල් වලින් හා මිදුණ ඇසිපිය වලින් පිහිදා ඉවත් කළා ය. සුදු ප්රපාතය පතුලේ සුදු ගොඩක් සේ ඇය ගුලි ගැසී සිටියා ය. මෙවර ඇය නැඟිටින්නට ගත් කාලය පැය ගණනාවක් සේ, වසර ගණනාවක් සේ දැනිණ. අත් ඇඟ ළඟට ගන්නට පමණක් ද, මුලින්, අත්ල බිමට හරවන්නට, වැලමිටි ඇඟට තබා තද කරමින්, කකුල් හරවා, කකුල් එළියට විහිදන්නටත්, අනතුරුව, දණහිස් වලට බර දී, වේවලන අත් වලට හේත්තු වී නැඟිටින්නටත්, හුස්ම ගන්නටත්, හුස්ම ගන්නා විට යටින් කොහේ දෝ පතුලකින් පිහියක් ඇනෙනවා සේ වේදනාවක් දැනෙන්ටත්, එක අතකට බර දී, අනතුරුව ඒ අත හැර දා හිම මතින් නැඟිට, ඇය කෙළින් හිටගත්තේ හති දමමින් ය.

ඇය පියවර කිහිපයක් තැබුවා ය. ඒත් ඇයට ප්රපාතයේ අනිත් පැත්තට නැඟ ගත නොහැකි විය. ඇය වැටුණා ය. එවිට ඇය අත් දෙකෙන් හා දණහිස් වලින් ඉහළට නැඟ්ඟා ය. ඇයගේ උණුසුම් වූ මුහුණ හිම වල බහාලූයේ කම්මුල් සිහිල් කරගන්නට ය.

ඇය කන්ද මුදුනේ දී නැවතත් නැඟිට ගත්තා ය. ඇයගේ අත්වැසුම් නැති වී ගොසිනි. මුව කොන් වල යමක් දැනී ඇය තොල් පිස දැම්මා ය. ඇඟිලි දිහා බලද්දී ඇයගේ ඇඟිලි වල රෝස පැහැති පෙන වලින් වැසී තිබුණි.

ඇයට දැඩි උණුසුමක් දැනිණ. ඇය සුදු සාටකය කොණ්ඩයෙන් ගලවා ප්රපාතයට විසි කර දැමුවා ය. හමා ගිය සුළං වලින් ඇයගේ කෙස් කලාපය හිස පිටුපසට වේවලන කෙළින් ඉරක් සේ හඹා ගියෙන් ඇයට තරමක සුවයක් ඇයට දැනිණ.

ඇය මුහුණ සුළඟට අල්ලා ඔසවමින් ඉදිරියට ම ඇවිද ගියා ය.

අප ජීවත්වන්නෝ -374 ඇය ඉදිරියට යා යුතුය
ඔහු මිදුණු ඇඟිලි වලට කටින් පිඹමින්, සීතලට සාප කරමින්, රයිෆලය උරහිස තබාගෙන හිම මතින් සෙමින් ඇවිද ගියේ ය. කන්ද බැස යාම ඔහුට කමක් නොවීය. එහෙත් කන්ද නැඟ යාම දුෂ්කර ය. ඔහු කන්ද නැඟ්ඟේ කෙඳිරිගාමිනි. ඔහු මුදුනට නැඟ්ඟේ එතැන තනිවම සිටගෙන, සුළ නැහැය හපන විලසකින් වැදී යද්දී, සැතපුම් ගණනාවකට ජීවතුන් අතර ඉන්නා කිසිදු ප්රාණියෙක් දැකිය නොමැති තැනකට පිවිසෙන්නට ය.

එවිට, ඉවාන් ඉවනොව් පුරවැසියා ඈත එපිටක හිම මත යමක් සෙලවෙනවා දුටුවේ ය.

එය සෙලවුනා දැයි ඔහුට හරියටම නිච්චි නැත. ඔහු අඳුරට ඇස් යොමු කර බැලුවේ ය. එහෙත් සුළඟ විසින් කැරලි ගසමින් හිම දුහුවිලි මිටියාවතේ විහිදවමින් යද්දී තමා යමක් දැකි බව වැරදි කල්පනයක් යැයි ඔහුට සිතිණ. එකම දේ, හිම දුහුවිලි නොවන යමක් සෙලවුනා බව දැකීම පමණයි. කට අත් දෙකින් වට කරගෙන ඔහු “කවුද ඔහෙ යන්නෙ?” යැයි කෑ ගැසීය.

කිසිවෙක් උත්තර දුන්නේ නැත. මිටියාවතේ කිසිවක් සෙලවුනේ නැත.

ඔහු කෑ ගැසීය: “එළියට ආවොත් හොඳයි නැත්නම් මම වෙඩි තියනවා!”

කිසිත් උත්තරයක් නොලැබුණි.

ඔහු මඳක් පසුබට විය. බෙල්ල කැසුවේ ය. රෑ අඳුර දිහා ඇස් අයා සිටියේ ය. ඒත් ඔහු ආරක්ෂා විය යුතු ය.

ඉවාන් ඉවනොව් පුරවැසියා රයිෆලය උරහිසට උස්සා වෙඩි මුරයක් තැබුවේ ය.

අඳුර අතරින් නිල් දැල්ලක් ඉරක් ඇඳී ගොස් මොට දෝංකාරයකින් ඈත එපිටතට පෙරළී ගියේ ය. දෝංකාරය නිවී ගිය පසු වෙනස් හඬක් ‍නොඇසුණි. කන්ද යටින් වූ සුදු මිටියාවතේ වෙනත් සෙලවීමක් දකින්නට නොලැබුණි.

ඉවාන් ඉවනොව් පුරවැසියා බෙල්ල කැසීය. ඔහු එතැනට බැස ගොස් සොයා බැලිය යුතු යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඉතා ඈත එපිටතක ය. හිම ඉතා ගැඹුරු ය. සුළං ඉතා සීතල ය. ඔහු අත වනා වෙනතක හැරුණි. “ඉඳුරාවට ම ඒ හාවෙක් වෙන්නැති,” යැයි මතුරා ඔහු කන්ද බැස තමන්ට ගමන් කරන්නට නියමිත වූ මාර්ගයේ ගමන් ගත්තේ ය.

හිම මත බඩ බිමට වැදෙන සේ වැතිර නොසෙල් වී කීරා ආර්ගුනෝවා සිටියා ය. ඇයගේ දෑත් ඉදිරියට විසි වී තිබිණ. සුදු සාටකයෙන් එළියට පැන්න ඇයගේ කෙස් රොදක් පමණක් සුළඟට සෙලවිණ. කඳු මතින් ඇවිද නොපෙනී යන කළු හැඩරුව දිහා කීරා බලා සිටියා ය. ඇය දිගු වේලාවක් එතැනට වී සිටියා ය. ඇයට යටින් හිම මත හෙමින් පැතිර යන රතු පැල්ලමක් දිහා බලා සිටියා ය.

පැහැදිලි ව, තියුණු ව, ඇහෙන තරම් වූ සිතුවිල්ලකින් “ඉතින්, ම‍ට වෙඩි වැදිලා. ඉතින් එහෙමයි එහෙනම් වෙඩි උණ්ඩයක් වැදුනම දැනෙන්නෙ. ඒක එච්චර බියජනක නැහැ නේද?”

ඇය හෙමින් දණ ගැසුවා ය. ඇය අත්වැසුමක් ගලවා එය කබාය වාටියේ තම පපුවේ වම් පැත්තේ වූ මුදල් නෝට්ටු රෝල උඩින් අත ගෑවා ය. වෙඩි උණ්ඩය නෝට්ටු රෝල මැදින් පාසා කරගෙන ගියා දැයි ඇය බිය වූවා ය. එහෙත් එසේ නොවීය. කබායේ කුඩා හිල වූයේ ඊට යටින් ය. ඇයගේ ඇඟිලි වලට ඇලෙන හා රස්නයෙන් වූවක් දැනිණ.

එය එතරම් වේදනා සහිත නොවීය. ඇයගේ ඇලයේ වූ තියුණු කුඩා පිළිස්සුමක් මෙන් දැනුනි. ඇයගේ දෙපා වලට දැනුනු වේදනාවට වඩා අඩුවෙන් දැනුණි. ඇය නැඟිටින්නට උත්සාහයක් ගත්තා ය. මඳක් දෙපැත්තට වැනුනා ය. ඒත් ඇයට සිටගන්නට හැකිවිණ. ඇයගේ කබායේ අඳුරු පැල්ලමකි. ලොම් රතු වලට ඇදී රස්නයෙන් ගුලි වී ඇත. වැඩි ලේ ගැල්මක් නැත. බිංදු කිහිපයක් පමණක් ඇයගේ හමේ රූ රා වැටෙන බව ඇයට දැනුණි.

ඇයට ඇවිදින්නට හැකි ය. ඇයට ඒ මත අත තබාගන ගියොත් එයින් ලේ ගැලීම අඩු වනු ඇත. දැන් ඇය ඉන්නේ මායිමෙන් වැඩි දුරක නොවේ. ඒ ඈත, එපිටත, ඇය එයට බැන්ඩේජ් පටියක් දා ගන්නට හැකිය. ඒක එතරම් දරුණු වූවක් ‍නොවේ. ඇයට එය දරා ගත හැකිය. ඇය ඉදිරියට යා යුතු ය.

අප ජීවත්වන්නෝ -373 ඉවාන් ඉවනොව් පුරවැසියා
ඇයට ඉදිරියෙන් නිල් හිම ඈතට විහිදෙමින් පැතිර බොඳ බවකින් අහසට හේත්තු වී තිබිණ.

රැලි මෙන් විහිද යන හිම ඇය ළං වෙද්දී වෙනස් නොවිණ. තියුණු බවින්, දැඩි බවින්, කුඩා කඳු බෑවුම් මතින් අඳුරට දි‍ව යමින් තිබිණ. සුදු ශංකුවන් අහසට උසට දික් ව පැවතියේ අතු අග වූ කළු පැහැයන් සමඟිනි.

එවිට ඇය කළු රුවක් දැක්කා ය. ඒ රුව සෙලවෙන්නකි. ඒ රුව ඇදී එන්නේ කඳු හරහා, ක්ෂිතිජය හරහා, කෙළින් ගැසි ඉරක ය. කතුරු සේ ඇරෙන වැහෙන කකුල් ඇය දැක්කා ය. උරහිසක රැඳි කුඩා කළු කූරක් ඇය දැක්කා ය. වරක් එය අහස පසුබිම් කරගෙන තියුණු විලසකින් දිලිසුණි.

ඇය බඩ බිමට වැදෙන සේ ඇද වැටුනා ය. මඳ අවධානයෙන්, හරියට නිර්වින්දනයක් මැදින් සේ, ඇයගේ කබා අත් යටින් වූ මැණික් කටුව සීතල හිම විසින් හපා කන ලෙසකින් ඇයට දැනුනා ය. බූට් සපත්තු ඇතුලට ද හපා කන ලෙසකින් සීතල හිම පෙරලී වැටිණ.

අනතුරුව ඇය හිස මඳක් උස්සා බඩගාමින් හෙමිහිට ඉදිරියට ඇදුනා ය. ඈත පෙනෙන කළු හැඩරුව දිහා බලාගෙන ඇය නැවතී බිම දිගා වී නොසෙල් වී සිටියා ය. නැවත බඩගෑවා ය. නැවත නැවතුනා ය. නැවත බලාගෙන සිටියා ය. නැවත බඩගෑවා ය.

ඉවාන් ඉවනොව් පුරවැසියා උපන්නේ 1900 වසරේ දී විටෙබ්ස්ක් නගරයේ හරස් වීදියක බිම් මහලක ය. ඔහු පවුලේ නව වැනි දරුවා ය. වයස අවුරුදු හයේ දී ඔහු සපත්තු මහන්නෙක් යටතේ පුහුණු වන්නට ගියේ ය. සපත්තු මහන්නා ඔහුට හම් පටියකින් පහර දී බක්වීට් කැඳ කන්නට දුන්නේ ය. වයස අවුරුදු දහය වෙද්දී ඔහු තමා විසින් හදන පළමු සපත්තු කුට්ටම, තනිවම හදා නිම කළේ ය. ඔහු එය පැළඳ ගෙන හම් කීරි කීරා ගාද්දී වීදිය දිගේ ඇවිද ගියේ ය. ඉවාන් ඉවනොව් පුරවැසියාට සිය ජීවිතය පුරා මතකයේ තිබෙන පළමු දිනය එය විය.

වයස අවුරුදු පහළොවේ දී ඔහු තම අසල්වැසියෙකුගේ දියණියක් හිස් ඉඩමකට ගෙන ගොස් ඇයව දූෂණය කළේ ය. ඇයගේ වයස අවුරුදු ‍දොළහක් විය. ඇයගේ පපුව කොල්ලෙකුගේ මෙන් පැතලි විය. ඇය විනිවිද යන හඬකින් කෙඳිරි ගෑවා ය. කාටවත් නොකියන ලෙස ඔහු ඇයව පොරොන්දු කරවා ගති. ඇයට කොපෙක් පහළොවක් හා සූකිරි රාත්තලක් ඔහු දුන්නේ ය. ඔහු මතකයේ ඇති දෙවැනි දිනය එයයි.

වයස අවුරුදු දහසයේ දී ඔහු විසින් සත්ය  ජනරාල්වරයෙකු සඳහා පළමු හමුදා බූට් සපත්තු යුගල නිමැවී ය. ෆ්ලැනල් රෙදි කඩකින් කෙළ ගසමින් ඔහු ඒ යුගල තරයේ ඔප දැමීය. ඒ යුගල ජනරාල්වරයා වෙත රැගෙන ගියේ ඔහු විසින් ම ය. ජනරාල්වරයා ඔහුගේ උරහිසට තට්ටු කර ඔහුට රූබලයක් සන්තෝසමක් වශයෙන් දුන්නේ ය. ඔහු මතකයේ ඇති තෙවැනි දිනය එය විය.

සපත්තු මහන්නාගේ වැඩපොල අසල සතුටින් ගැවසුනු කල්ලියක් සිටිය හ. ඔවුන් හිමිදිරියේ අවදි වෙති. ඔවුන් මහන්සියෙන් වැඩ කරති. ඔවුන්ගේ කමිස දහදියෙන් ඔවුන්ගේ සිරුරු වලට ඇලෙන තෙක් වෙහෙසෙති. ඔවුන් රාත්රියේ විනෝද වූහ. වීදි කොනේ වූ තැබෑරුමකට වැදෙන ඔවුන් එකිනෙකාගේ කරවටා අත් දමා ගෙන සතුටු සිංදු ගැයූහ. වීදි කොනේ තිබි නිවසක වැහැරී ගිය කුඩා මිනිහෙක් පියානෝවක් වාදනය කළේ ය. ඉවාන් වඩාත් ම ප්රිය කළේ රෝස පැහැති කිමෝනාවක් ඇඳ සිටි තරබාරු වූ බ්ලොන්ඩ් පැහැ හිසකෙස් ඇති කාන්තාවකි. ඇය ග්රෙචන් නමින් වූ විදේශිකයෙකි. ඉවාන් ඉවානොව් මතකයේ වූ රාත්රියන් ඒවා විය.

ඔහු රතු හමුදාවේ සේවය කළේ ය. හිස මතින් වෙඩි උණ්ඩ හඹා යද්දී සටන් බිමේ වලවල් පතුලේ වූ සොල්දාදුවෝ තඩි රේස් වලට ඔට්ටු ඇල්ලූහ.

ඔහු තුවාල ලද්දේ ය. ඔහු මැරේවි යයි කියන ලදි. ඔහු බිත්තිය දිහා මොට වූ සිතකින් බලා සිටියේ කුමක් වුවත් ගානක් නැතිව ය.

ඔහු සුවය ලද්දේ ය. ඔහු විසින් අතවර කරන ලද රවුම් කම්මුල් ඇති, රවුම් පියයුරු ඇති මෙහෙකාර කෙල්ලක් හා ඔහු විවාහ විය. ඔවුන්ට දාව උපන් පුතා බ්ලොන්ඩ් හිසකෙස් ඇති හැඩිදැඩි කොල්ලෙකි. ඔවුන් ඔහුව ඉවාන් කියා නම් කළහ. ඉරිදා දිනවල ඔවුන් පල්ලි ගියහ. මිල දී ගන්නට හැකි වූ දිනයන් හි දී ඔහුගේ භාර්යාව බැටළු මස් රෝස් කර ළූණු ඉව්වා ය. තම සාය පෘථුල කකුල් මතින් ඉහළට ඔසවා දණගසා ගෙන ඔවුන්ගේ කාමරයේ සුදු පයින් ලීයෙන් වූ බිම අතුල්ලා පිරිසිදු කළා ය. සෑම මාසයකට ම සැරයක් මහජන නාන ස්ථානයක් වෙත ඇය ඔහුව යැව්වා ය. ඉතින් ඉවාන් ඉවනොව් පුරවැසියා සතුටින් සිටියේ ය.

එවිට ඔහුව මායිම් මුර කරන්නට පිටත් කර යවන ලදි. ඔහුගේ භාර්යාව ගම්බද විසූ ඇයගේ දෙමාපියන් හා ජීවත් වන්නට පුතුණුවන් ද රැගෙන ගියා ය.

ඉවාන් ඉවනොව් පුරවැසියා කිසිදාක කියවන්නට ඉගෙන ගෙන තිබුනේ නැත.

ඉවාන් ඉවනොව් පුරවැසියා සමාජවාදී එක්සත් සෝවියට් ජනරජයේ මායිම් ආරක්ෂා කරන්නේ ය.

අප ජීවත්වන්නෝ -372 දැන් අවශ්‍ය නික්ම යාම පමණි
හිම ඇයගේ දණහිස තරම් උසට වැටී තිබිණි.

ඇය තැබූ හැම පියවරක් ම ඉදිරියට වැටෙන්නාක් වැනි ය. ඇය සාය ඉහළට ඔසවා ගෙන එය අතේ ගුලි කරගෙන පියවර තැබුවා ය. ඇය වටේ පැතිර තිබුනේ නිල් පාටක් යැයි නොපෙනෙන නිල් පාටකි. පාටක් යැයි කියත නොහැකි පාටකි. එය ඇය දන්නා ලෝකයේ පැවතියක් නොවේ. ඈත එපිටතට ඇදී යන එය පෙනෙන තෙක් මානයේ හැම අත පැතිර තිබුණි. විටෙක ඇයට, තමා ලෝකයේ තනිවම, ඉතා උස් දේහයකින් යුතුව, පැතලි රවුමක ඉතා ඉහළකින් හිටගෙන ඉන්නවා යැයි සිතිණ. තවත් විටෙක ඒ නිල් පැහැති සුද තමාගේ හිසත් වසා හිරකරන්නට එන බිත්තියක් යැයි සිතිණ.

අහස පහතට ළං වී තිබිණි. අළු සහ කළු පැල්ලම් සහ දවල් කාලයේ දී කිසිම ලෙසකින් මතක් කරගත නොහැකි නිල් පාටකින් ද යුතු විය. පාටක් නොවූ, එළියක් ද නොවූ පැල්ලම් විටින් විට වළාකුළු අස්සෙන් බේරී ඇවිත් ගියේ ය. ඇය ඒවා නොදකින්නට හිස පහත් කරගෙන සිටියා ය.

ඉදිරියේ පෙනෙන තෙක් මානයක ලයිට් එළියක් නැත. ඇය හැර දමා ආ ලයිට් නොපෙනී ගොස් ඉතා දිගු කාලයක් බව ආපසු  හැරී නොබැලුව ද ඇය දත්තා ය. ඇය අතේ කිසිවක් ගෙන ගියේ නැත. සූට්කේසයත් පරණ ඇඳුම් සියල්ලත් ඇය ගමේ දමා ආවා ය. ඉදිරියේ දී ඇයට කබා වාටියේ මසා ඇති මුදල් රෝල හැරෙන්නට වෙන කිසිත් අවශ්ය නොවෙයි. ඉඳහිටක වරක් ඇය ප්රවේසමින් එය අත ගා බැලුවා ය.

දිගු තරප්පු පේලියක ඇවිද යද්දී ඇතිවන හන්දි රුදාවක් මෙන් ඇයගේ දණහිස් වේදනාවෙන් රිදුම් දෙන්නට පටන් ගති. ඇය වේදනාව දිහා මඳ කුතුහලයකින් බලා සිටියේ පිටස්තරයෙකු මෙනි. රිදුම් දෙන ඉඳිකටු අනිනවා සේ කම්මුල් වලට දැණුනි. ඒවා කසන්නට වුවමනාවක් ද ඇතිවිය. විටින් විට ඇය සුදු අත්වැසුම පිටින් කම්මුල් කැසුවා ය. ඒත් කැසීමට වූ වුවමනාව පහව ගියේ නැත.

ඇයගේ බූට් සපත්තු යටින් හිමේ වැදෙන සර සර හඬ මිසක වෙනත් සද්දයක් ඇයට ඇසුනේ නැත. එයින් එපිට වෙනත් සද්දයක් නොඇසෙන සේ ඉක්මණින් ඇවිදින්නට ඇය යත්න දැරුවා ය. ඇය වටා ඇහෙන බිඳී ගිය හඬ ඡායාවන් කොහේදෝ නොපෙනන තැනකින් මතු වී ඇවිදින් ය.

ඇය ඉහත කාලයක පැය යැයි සැලකූ පැය ගණනාවක් ඇවිද ඇති බව ඇය දත්තා ය. මෙහි පැය නැත. ඇත්තේ අඩි පමණි. කකුලක් ඉහළට උස්සා හිමේ පතුලට රිංගා යාමයි. නිමක් නොපෙනන හිම ය. නැත්නම් ඊට නිමාවක් ඇත් ද? සත්යයෙන් ම එයින් ඵලක් නැත. ඒ ගැන සිතන්නට ඇයට අවශ්‍ය නොවුණි. ඇයට හිතන්නට අවශ්ය වූයේ ඇවිදීම ගැන පමණි. බටහිර දෙසට ඇවිදීම ය. ගැටළුව එයයි. මුලු ප්රශ්න සියල්ලේ ම එකතුව එයයි. ඇයට වෙනත් ප්රශ්න තියේ ද? ඇයට උත්තර දිය යුතු ප්රශ්න තියේ ද? ඒවා තිබුනේ නම් -එහි දී- ඒවාට උත්තර සොයාගනු හැකිවනු ඇත. දැන් හිතන්නට අවශ්ය නැත. දැන් අවශ්ය පැන ගැනීම පමණි. මුහුණ දෙන්න සිතුවිලි ඇත්නම් එහේ දී ඇයට හිතන්නට පුළුවන. දැන් අවශ්ය නික්ම යාම පමණි. නික්ම යාම පමණි.

ඇයගේ සුදු ඇත්වැසුම් අස්සේ ඇඟිලි රිදුම් දුනි. ඇයගේ ඇට මිදුළු කිටි කිටියේ තද කර ඇති සේ ය. ඇයගේ හන්දි අඬුවකින් තද කර ඇති සේ ය. ඇයට සීතල ඇති යැයි ඇය සිතුවා ය. එය ඉතා සීතල රැයක් දැයි ඇය කල්පනා කළේ එතරම් තියුණු වූ සිහිකල්පනාවකින් නොවේ.

ඇය ඉදිරියෙන් නිල් හිම ආලෝකවත් වී ඇත. හිමෙන් වැදෙන එළියෙන් අහස ද ආලෝකවත් වී ඇත. ඇයට ඉදිරියෙන්, හිම හා අහස එක්වන පැල්ලමේ වූයේ මීදුමක් පමණි. ඇයගේ මුහුණ ළඟ ඇති වළාකුළු වලට අතින් ගසත හැකි ද නැත්නම් ඒවා සැතපුම් ගණනාවක් ඈතක දැයි ඇයට නිච්චියක් නොවිණ.

ඇය දමා ආ කිසිවක් නැත. ඇය පිටත් වී යන්නේ ශුන්ය්යකිනි. මහ පොළවේ ඇති සුදු හා සත්ය නොවන වැනි වූ ශුන්යයකින් ඇය නික්ම යන්නී ය. ඇයට වෑයම අත්හැර දමන්නට නොහැකි ය. කකුල් දෙකට තවත් සෙලවෙන්නට නොහැකි වූ කල, ඇයට කොහේ‍දෝ තැනක යමක් නැති වූ බව දැනුන විටක, ඇය කකුල් දෙකට ඇවිදින්න යැයි කීවා ය. ඇයට වෑයම අත්හැර දමන්නට නොහැකි ය. ඇය ජීවතුන් අතර සිටින්නී ය. ජීවත් නොවන පොළවක් ඇති කාන්තාරයක ඇය තනි වී ජීවතුන් අතර සිටින්නී ය. ඇය ඇවිද යා යුතු ය. ඇය ජීවත්වන නිසා ඇවිද යා යුතු ය. ඇය නික්ම යා යුතු ය.

සුළඟට අසු වූ හිම කැරලි ගසමින් ඉහළට ඇදී ගියේ ය. ඈත එපිටක පහළට වැටී තිබුණ අහස අල්ලමින් ඒ හිම කැරලි හමා ගියේ ය. තියුණු කළු තීරු අහසේ ඇය දැක්කා ය. දීප්තිමත් දුහුවිලි තිත් නිවි නිවී ඒ වළාකුළු අතරින් පත්තු වී යන හැටි ඇය දැක්කා ය. ඇය තවත් ගුලි වී ඇවිද්දා ය. දෙවුර හකුලා ගෙන ඇවිද්දා ය. ඇයට වෙන කාටවත් පෙනෙන්නට අවශ්ය නොවිණ.

ඇයගේ ඉන අසලින් වේදනාවක් දැනුණි. හැම පියවරක් ම ඇයගේ කොඳු ඇට පෙළ ගස්සනවා වැනි සේ දැනුණි. කුමක් දෝ රිදුම් දුනි. එය පිට දිගේ ඉහළට ඇදී ගියේ ය. ඇය ඇඟිලි වලින් කබායේ වූ රෝල අත ගෑවා ය. එය බලාගත යුතු ය. එය නැතිකර ගත නොහැකි ය. එයත් කකුල් දෙකත් බලාගත යුතු ය. ඉතිරියෙන් ඵලක් නැත.

ගසක් දුටු විට ඇය නතර වූවා ය. හදිසියේ ම හිම මතින් එළියට පැන, ඉහළට ඇදී ගිය සුදු පිරමීඩයක් වැනි වූ දැවැන්ත ‍ෆිර් ගසකි. ඇය කටින් වායුව පිට නොකර, දණහිස් නවා ගෙන, සතෙක් සේ නැවී, ඇහුම් කන් දෙමින් එතැන ම සිටියා ය. ඇයට කිසිත් ඇසුනේ නැත. ඒ පහළට එල්ලී තිබි අතු අතර කිසිවක් සෙලවුනේ නැත. ඇය ඉදිරියට ඇවිද්දා ය. කොපමණ කාලයක් එතැන නැවතී සිටියා දැයි ඇයට නිච්චියක් නොවීය.

ඉදිරියට ගමන් කරනවා ද යන්න ගැන ඇයට නිච්චි නොවීය. සමහර විට ඇය එකතැනම කකුල් ඉහළට ගෙන පහළට දානවා ඇති. වටපිටාවේ හිමෙන් පිරුණ පෙනෙන තෙක් මානයක වෙනත් කිසිවක් නැත. එය කවදා හෝ වෙනස් වෙයි ද? ඇය හරියට සුදු, රළු, බබලනා වූ, කාන්තිමත් මේසයක් මත ඇවිද යන කූඹියෙක් වැනි ය. ඇය දෑත් දෙපැත්තට විහිදා දැමුවා ය. හදිසියේ ම ඇය අවට ඇති අවකාශය ගැන දැනුනා සේ ය. ඇය අහස දිහා බැලුවා ය. ඇයගේ හිස හා උරහිස් පිටුපස්සට කඩා වැටුණි. අර ඉහළ පෙනෙන නිවි නිවී පත්තු වන තිත්, ඒවා නිමක් නැති ලෝක යැයි මිනිස්සු කියති. ලෝකයේ ඇයට ඉඩක් නැද්ද? ඒ මහත් විශ්වයේ ඇයගේ කකුල් රැඳි ඒ කුඩා ඉඩ කඩින් ඇයව වෙනතකට ඇද දාන්නේ කවුරුන් ද? ඇයි ඒ අය එසේ කරන්නේ? ඇය නික්ම යා යුතු ය.

ඒ කකුල් තව දුරටත් ඇයගේ නොවීය. ඒවා රෝද මෙන් පෙරලුනි. ලීවර මෙන් පෙරලුනි. ඉහළට යමින්, නැවෙමින්, පහළට වැටෙමින්, උඩ හා පහළ යමින්, පහළට වැටෙද්දී ඔළු කට්ට දක්වා දිව යන දෙදරීමකින් පෙරලුනි.

හදිසියේ ම තව දුරටත්, විඩාවක් නැති බවත්, වේදනාවක් නැති බවත් ඇයට දැනුණි. තමා නිදහස් හා සැහැල්ලු යැයි ඇයට දැනුණි. ඇය සනීපයෙන් සිටින්නී ය. ඉතා සනීපයෙන් සිටින්නී ය. ඇයට මේ ආකාරයෙන් ඉදිරි වසර ගණනාවක් පුරා ඇවිද යන්නට හැකි ය. එවිට, හදිසියේ ම විදුලි වේගයකින් වේදනාවක් උරහිස් වලින් පැතිර ගියේ ය. ඇය වැනුනා ය. නොසෙල්වෙන කකුලක් ඉහළට යද්දී පැය ගණනාවක් ගෙවී ගියා සේ ඇයට දැනුණි. ඇය නැවතත් ඇවිද්දා ය. ඇය දෑත් නවා කුස උඩින් ගුලි කරගෙන, කුඩා ‍බෝලයක් සේ ගුලි වී ඇවිද්දා ය. එවිට ඇයගේ කකුල් වලට දරන්නට වන බර අඩු යැයි ඇය සිතුවා ය.

කොහේ දෝ තැනක මායිමක් ඇත. එය තරණය කළ යුතු ය. ජර්මන් චිත්රපටියක, හදිසියේ මතු වී නොපෙනී ගිය, අවන්හලක් ඇයගේ සිහියට නැඟුණි. එහි දොරක් උඩින් සංඥා පුවරුවක් විය. සිහින් අකුරු වලින්, විච්චූර්ණ නොමැතිව, රිදී පැහැයෙන් පාට ගාන ලද, එහි චාම් බවෙන් අවඥා කරන මෙන් වූ, අඳුරු සුදු වීදුරුවක -ඩිගි-ඩැගි කැෆේ- යැයි ලියා තිබුණ බව ඇයට මතක් වුණි. ඇය හැර දා යන රටේ එවැනි සංඥා පුවරු නැත. නැටුම් කාමරයක් වැනි වූ පදිකවේදිකා නැත. ඇය මැතිරුවා ය, හඬ ඇහෙන්නේ නැතිව මැතිරුවා ය, වාසනාව උදා කරන මන්ත්රයක් සේ, යාඥාවක් සේ මැතිරුවා ය: “ඩිගි-ඩැගි කැෆේ … කැ ..ෆේ .. ඩිග් … ගි .. ඩැග් … ගි …” ඇය කියන අක්ෂර සමඟ පා තබන්නට ඇය උත්සාහ කළා ය.

කකුල් වලට ඇවිදින්න යැයි තව දුරටත් කියන්නට ඇයට අවශ්ය වූයේ නැත. ඇය හිතුවේ තම කකුල් දුවනවා කියා ය. යම් සහජ ආශයක් ඇයව මෙහෙයවයි. සත්වයෙකුට මෙන් වූ සහජ ආශයක්. ස්ව-ආරක්ෂාව වෙනුවෙන් යම් සටනකට අන්ධ ලෙසින් ඇයව කසයෙන් තලා දුවවයි.

ඇයගේ මිදුණ තොල් අස්සෙන් ඇය රහසින් කෙඳුරුවා ය: “ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා, ඔයා හොඳ සොල්දාදුවෙක් …”