Sinhala story Blog

සැප්තැම්බර් 18, 2012

කිබිසිනි -මගෙ උදව්වට වත් ආව ද?

Filed under: Uncategorized — arunishapiro @ 8:06 පෙ.ව.

ඉස්තෝප්පු කාමරයෙන් පිටතින් තියා ගන්නා කොපි පොතක ද සටහන් ලියන්නට ලීලා පටන් ගත්තා ය.

‘මේ පොත ඇතුලට ගෙනියන්න එපා’ යැයි ලොකු අකුරින් එහි කවරයේ ඇය ලිව්වා ය. එදා සොයාගත් එංගලන්තයේ ඵෛතිහාසික ගොඩනැඟිලි ගැන වූ පොතේ තිබි රඟහල් ඇතුලත පින්තූර වලින් ඇයට තවත් කොණක් අල්ලා ගන්නට ලැබුණා යැයි ඇයට දැන් පැහැදිලි ය.

රාජකීය ඔපෙරා නිවස නොහොත් කවෙන්ට් ගාඩන් නමින් හැඳින්වෙන්න මුද්ද දා ගත් තමන් ගිය ස්ථානය බව ඇයට ස්ථිර ය. එහි සෙනඟ පිරී ඉතිරෙන්නට සිටි හැටි ගැන ඇයගේ මතකය පින්තූර දිහා බලද්දී අලුත් විය. රඟහලේ පින්තූර ඇති තවත් පොත් ඇත්දැයි ඇය සොයන්නට ගත් උත්සාහය තවමත් ඵල දී නැත. ඉවතට ගෙන නොඑනු හැකි පාඩම් පොත වෙනුවෙන් එහි ඇතුලත දී ද කාලයක් ගෙවන්නට අවශ්‍ය බැවින් උවමනා වූ තරමට එහි ගැවසෙන්නට ඇයට තවමත් ඉඩකඩ සොයාගත නොහැකිය.

කලාතුරකින් ගොඩ වදින ටියුෂන් පංතියකට යද්දී පුස්තකාලයක් සොයා යෑමට ඇයට සිතුණි. එහෙත් කාලය ඊට හරස් වෙයි. අම්මා වැඩ කන්දරාවක් තනිවම කරගෙන යන්නේ නිහඬව. තමාට පැවරී ඇති සුළු කර්තව්‍යයන් පැහැර හැරීමට ලීලාගේ සිත ඉඩ නොදේ. තාත්තා අසලින් වාඩි වී ලීලා ඉස්තෝප්පුවේ පාඩම් කරනා කාලය අම්මාට වෙන කටයුතු වල නිරත වෙන්නට ඉඩක් ලබා දෙයි. කාටවත් නොකියා ඒ කාලයන් හි දී විටින් විට ඉස්තෝප්පු කාමරයට වැදෙන ලීලා තමන් තාත්තා වෙතින් වැඩි ඈතක ඉන්නවා නොවේ යැයි කියමින් සිත හදා ගන්නීය.

රැයක් දෙකක් එහි ගැවසුන ද, එළිය මඳ බැවින්, නිදිමත දැඩි බැවින් එය දිගට ම කරගෙන යා නොහැකි බව ද ලීලාට පසක් වී ඇත. කාලය යනු මේ තරම් වටිනාකමකින් වූවක් යැයි ලීලා කිසිසේත් ම දැන සිටියේ නැති බව ඇයට සිතිණ. ඒ සැනෙන් ඇයට මතක් වූයේ මෙහෙකාරිය කී කතාවයි.”තාත්තා ඉස්තෝප්පුවේ ඉඳන් කාමරයට ගියාට පස්සෙ දැන් කොච්චර වෙලා ගිහින් ද?” යැයි තමා විමසූ විට මෙහෙකාරිය උත්තර දුන්නේ “මේ දැන් මේ මිනිත්තුවකට කලින් නෙ වුනේ,” යැයි ඇය කී බව ලීලාගේ සිහියට නැඟුණි.

යම් අබරණක් දා ගත්තම ගිහින් එන කාලයේ වෙනසක් නැහැ. ඇය තම කොපි පොතේ සටහන් තැබුවා ය.

ඉස්තෝප්පු කාමරයේ පොත් වෙන්කර ගොඩවල් ගසද්දී, රඟහල් ගැන තව පොත් ඇත්දැයි සොයද්දී ඇය නිතරම ඇස ගසාගෙන සිටියේ තාත්තා තමා සේ ආ ගිය තැන්වල සටහන් ලියා තැබූ කොළ එකතුවක් හෝ පොතක් තියේදැයි කියාත් ය. එහෙත් තවමත් එවැන්නක් ලීලාට හමුවූයේ නැත.

ඇතුලට රැගෙන යන පොත් එළියට ගෙන්න නොහැකි නම්, එහෙනම් මෙතෙක් තමන්ට එවැන්නක් හමු නොවූයේ තාත්තා ද එවැනි සටහන් ඉස්තෝප්පු කාමරයෙන් පිටත තියාගන්නා නිසා ද?

ඇය දෙමව්පියන්ගේ නිදන කාමරයට ගියේ ගැහෙන හදවතිනි. අවසරයක් නොමැතිව කාමරයට එන්න එපා යැයි කිසිදා ඔවුන් උවදෙස් දී නොතිබුණ ද හැදියාවෙන් ඇය දෙමව්පියන්ගේ කාමරයට ඇතුල් වූයේ එහි එන්න යැයි කියූ විටෙක පමණි. ඔවුන්ට නොදැනුවත්ව එහි යෑම වැරදි වැඩක් කිරීමක් සේ ඇය සිත පෙළයි. ලීලා උළුවස්ස අසල සිටගෙන කාමරය පුරා නෙත් යැව්වේ පොත් හෝ ලිපි ගොණු හෝ කොතැනක හරි ගොඩ ගැසී ඇත්දැයි බලන්නට ය.

“බේබි මොකෝ මේ, මගෙ උදව්වට වත් ආව ද?” මෙහෙකාරිය ලීලා පසුපසින් හඬ අවදි කරද්දී ලීලා තිගැස්සී උඩ පැන්නා ය.

“අපොයි ඔච්චර බයවෙන්න දෙයක් කිව්වැයි මං,” ඇය සිනාසෙයි. කෙඳි වටකර පරණ කොට්ට උරයක් ගැට ගැසූ කොස්සක් අතැති ඇය කාමරයේ මකුළු දැල් කඩන්නට පැමිණ ඇත.

“දෙන්න ඕක මට, මං මකුළු දැල් කඩන්නම්,” ලීලා මෙහෙකාරිය වෙතින් කොස්ස ඉල්ලා ගත්තා ය. කාමරය අතුගාන්නට ලැබෙන අවස්ථා වල දී සහ මෙසේ මකුළු දැල් කඩන්නට හා ජනේලවල දුහුවිලි පිහිදන්නට අවස්ථාවන් පාදා ගෙන වැඩිපුර මෙහි ආවොත් තාත්තා සටහන් තැබූ පොතක් මේ කාමරයේ සඟවා ඇත්නම් එය සොයාගත හැකිවේවි යැයි ලීලා අපේක්ෂා කළාය.

About these ads

එක් ප්‍රතිචාරයක් »

  1. රසය් රසය් තව ලියන්න!

    Comment විසින් Jay — සැප්තැම්බර් 20, 2012 @ 4:33 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. Create a free website or blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: