Sinhala story Blog

ජූලි 19, 2012

කොහොම ද මගේ තාත්තා මගේ අම්මාට විවාහ යෝජනාව කළේ?

Filed under: Uncategorized — sinhalashortstories @ 8:18 පෙ.ව.

ඔහු වයින් වීදුරු දෙකක් සහ වයින් බෝතලයක් රැගෙන විත් වීදුරු වලට වයින් ඩිංග ඩිංග වත් කළේය.

නොසන්සුන් නිහැඬියාවක් පැතිරිණ. ග්ලෝරියානා තම වයින් වීදුරුවේ නාරටිය දිහා බලාගෙන සිටියාය. පියර්ස් ඇය දිහා බලා සිටියේ ඔහුගේ පුතා ඔහුගෙන් උරුම කරගත් තීක්ෂණ වූ කෙළින් බැල්මෙන් ම ය.

“ඔබගේ හිතේ මොකක් හරි දෙයක් තියෙනවා,” ඔහු අවසානයේ දී කියා සිටියේය, “ඉතින් මේ පැත්තේ ආවේ ඒ හේතුව නිසා නම් ඇයි මට ඒක කියලා හිතෙන් අයින් කරගන්නෙ නැත්තෙ?”

“ඉතින්,” ග්ලෝරියානා කීවාය, “මම බලාපොරොත්තු වුනේ ටලී දකින්න.”

“ටලී? එයා වනාන්තරයට ගිහින්. තව මිනිත්තු විස්සකින් විතර ආපහු ඒවි.”

“මට එයාට කියන්න දෙයක් තියෙනවා.”

“ඔබ කැමති ද එයා ආවම මම පිටත් වී ගියොතින්?”

“නැහැ අවශ්‍ය නැහයි කියල මම හිතන්නෙ. මේක ඔබටත් බලපානවා, මම හිතන විදියට.”

“ඔහ්.”

තවත් නිහැඬියාවක් පැතිරිණ.

“බැස්කොම්බ් මහත්තයා,” ග්ලෝරියානා හදිසියේ ම කීවාය, “කොහොම ද මගේ තාත්තා මගේ අම්මාට විවාහ යෝජනාව කළේ?”

“ඉතින්,” පියර්ස් පුදුමයෙන් කීය, “මම එතැන හිටියේ නැහැ, ඒත් ඒක ලොකු වෙනසක් කරන්නෙ නැහැ මොකද වෙනත් ගොඩක් දෙනෙක් එතැන සිටි නිසා. ඒ වාර්ෂික ධනු ශිල්ප තරඟය පැවැත්වෙච්ච දවසෙ. ඔයාගෙ අම්මා, ඔයා දන්නවානේ එන්නෙ දනව්වෙ දකුණෙන්, ඇයත් තරඟකාරියක් වූවා. එයා හොඳ දස්කම් පෑ නිසා මිශ්‍ර අවසන් තරඟයේ දී ඔයාගෙ තාත්තාට එරෙහිව තරඟ කරන්නයි සිද්ධ වුනේ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල හැමෝම වගේ ඔයාගෙ තාත්තාත් අම්මාව දැක්ක ගමන් කවුද කියා දැන සිටියා. ඒත් තරඟය දවස වෙන තෙක් කවුරුත් ඒ දෙන්නාට දෙන්නාව නිල වශයෙන් අඳුන්නලා දීලා තිබ්බෙ නැහැ. අවසන් ජය වෙනුවෙන් තාත්තා තමයි මුලින් දුනු හරඹය කළ යුතු වූවේ. ඔහුගේ ඊ තලය නියම තැනට විද්දා. ඒත් ඔයාගේ අම්මා ඇයගේ ඊ තලය ඔහුගේ ඊ තලය හරියට ම මැදින් පසාරු කරගෙන යන්න විද්දා. ඉතින් තරඟයේ නීති රීති අනුව ඔයාගේ අම්මා තමයි ජය අත් කරගෙන රීදි දුන්න හිමි කරගත්තේ. ඒක ඇයට ප්‍රදානය කළා ම, ඔහු පුටුවෙන් බැහැලා ඇවිත් ඇයව ඔසවා ගෙන හැමෝම මිනිස්සු ඉස්සරහා කෑ ගහලා කිව්වා මෙහෙම: “ග්ලෝරියානා ඔයා තෑග්ග දිනුවා, ඒත් මම තෑගි දෙකක් දිනනවා. ඔයාලා හැම ඉදිරිපිට ම මම කියනවා මම ඇයව විවාහ කරගන්නවා කියල.” ඉතින් ඔන්න ඔහොමයි ඒක සිද්ධ වුනා කියල කියන්නෙ.”

“අපොයි මට කොහොමට වත් ටලී ව උස්සන්න බැහැ,” ග්ලෝරියානා බාගයක් කියා ගත්තේ තමාට ම ය. එය පියර්ස්ට ඇහුනා නම් ඔහු කිසිවක් කීවේ නැත. ඒත් ඔහුගේ ඇස්වල දීප්තිමත් බවක් විය.

“බැස්කොම්බ් මහත්තයා, කරුණාකරලා හිතන්න එපා මම අශෝභන විදියට හැසිරෙනවා කියල, ඒත් කොහොම ද ඔබ බැස්කොම්බ් මහත්මියට විවාහ යෝජනා කළේ?”

“ඔබට ඇත්ත කියනවා නම්,” පියර්ස් සිනා මුසු මුහුණින් පිළිතුරු දුන්නේ ය, “මම ඇහුවේ නැහැ. ඇය තමයි මගෙන් ඇහැව්වෙ.”

“ඇය කොහොම ද එය කළේ?” ග්ලෝරියානා දැඩි උනන්දුවකින් ඇසීය.

“මට සේරම විස්තර මතක නැහැ. මගේ මුල් පොත ලියන කාර්යබහුල තත්වයෙන් මම හිටියෙ. මම ඇයට ආදරය කළා. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මම ඇයට ආදරය කරන බව. මම රොබින් කුරුල්ලෝ ගැන ලියන පරිච්ඡේදය පටන් අරගෙන හිටියෙ. ඒත් උන්ගෙ බිත්තර කොච්චර කාලයක් රකිනවා ද කියන එක ගැන නිශ්චිතව ම නොදැන. ඉතින් ඒක ලිවීම පැත්තකට දාලා ටිකක් හිටියා. මම එලිසබෙත්ගේ පියා හමුවෙන්න ගියා. ඔහු එක්ක කතා කර කර සිටිය දී ඔහු ඇහැව්වා මෙහෙම: “ඒක නෙමෙයි පියර්ස් මෙන්න මගේ දුව අහනවා මම කැමති ද කියලා ඔයාගේ මාමණ්ඩි වෙන්නට. මම ඒකට හරි කැමතියි, ඔයා කැමති නම්.” මට හරියාකාරව අල්ලා ගන්න බැරි වුනා ඔහු කියන්නෙ මොකක් ද කියල. ඒ අහිංසක මනුස්සයාට දෙතුන් පාරක් ඒක කියන්න සිද්ධ වුනා මට තේරුම් යවන්න. ඊට පස්සෙ හැබැයි ඔව් මම කොච්චර සතුටෙන් ඉපිල ගියා ද කිව්වොත් -මම හිතන්නෙ, ඔව් මම මිනිහාව ඉම්බා. එයාගෙ දුවට අතට අත දුන්නා.”

ඔහු කොතරම් සතුටින් සිනා වූයේ ද යත් ඇස් වල පිරුණු සතුටු කඳුළු කිහිප වරක් පිහදන්නට ද සිද්ධ විය. ඔහු සිනාවෙමින් සිටිය දී ටලී නිවසට ඇතුල් වූයේය. ඔහු ග්ලෝරියානා දැක දොර ළඟ අවිනිශ්චිත ලෙසින් නතර වුනි. ඔහුගේ කඩවසම් දේහයෙන් දොරකඩ පිරී ගියේය.

About these ads

එක් ප්‍රතිචාරයක් »

  1. good

    Comment විසින් roshan — ජූලි 19, 2012 @ 11:00 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. Get a free blog at WordPress.com

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: