Sinhala story Blog

ජූලි 15, 2012

සත්‍ය පැණි බනිස් එකක්

Filed under: Uncategorized — sinhalashortstories @ 7:57 පෙ.ව.

මුළු සැලැස්ම ඔහුගේ හිතට ආවේ නොසිතූ අවස්ථාවක දී ය.

ඒ නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙක් හා කතාබහේ යෙදී සිටිනා විට දී ය. ඇමෙරිකාව හා ගිවිසුම අත්සන් කෙරුණු වහාම ජනරාල් ස්නිපෙට් ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනා ග්‍රෑන්ඩ් ෆෙන්වික් මාලිගාවෙන් මායිමේ වූ වූ ඇමෙරිකන් තානාපති වෙතට ගෙන යන අවස්ථාවේ දී ය. ආපසු තම රට බලා යන උද්දාමයෙන් යුතු වූ එක් පොලිස් නිලධාරියෙක් “අර ග්ලෝරියානා මාර ලස්සන බඩුවක්,” යැයි කීය.

“ඒකෙන් ඔබ කුමක් ද හරියට ම අදහස් කරන්නේ?” මවුන්ට්ජෝයි සිටුවරයා විමසීය.

“සුකුමල පිටිපස්සක්,” පොලිස් නිලධාරියා උත්තර දුන්නේ ය.

“මට වැටහෙන්නෙ නැහැ,” මවුන්ටජෝයි සිටුවරයා කීය.

“මේ බලන්න, තාත්තේ,” පොලිස් නිලධාරියා කීය, “ඔයාට ඒකෙන් වැඩක් නැහැ ඔයාගෙ වයසේ දී. ඔයාට ඇති භාර්යාවක් සහ දරුවන් රොත්තක්. ඒත් ග්ලොරියානා කියන්නෙ අතිශය රූමත් කාන්තාවක්. සත්‍ය පැණි බනිස් එකක්. කාමය උපදවන කැඩිලක් රථයක්. ඔයාට වැටහෙනවා නම් මම කියන එක. ඉතින් වැඩි දවසක් යන්න කළින් කවුරු හරි වාසනාවන්ත පිස්සෙක් ඇවිත් එයාට ආදර බස් කියලා එයාගේ අතේ සම්පූර්ණ රත්තරන් දායි. දැක්කා ද? කවුද දන්නෙ එතකොට ඔයාලගෙ පුංචි ආදිපාදවරියගේ අලුත් ලිපිනය කොහේ වෙයි ද කියල, සමහර විට පස්වැනි වීදිය, නිව් යෝර්ක් නගරය වේවි නැත්නම් බෙවර්ලි හිල්ස් වේවි නැත්නම් ඒ දෙකම වේවි.”

මේ වන විට ඔවුන් මායිම අසලට පැමිණ සිටියහ. සිරකරුවන් ආපසු බාරදෙන්නට පටන් ගැනුණි. පොලිස් නිලධාරියා කියූ සියල්ල හරියාකාරව තමන්ට වැටහුනා ද නැද්ද යන්න මවුන්ට්ජෝයි සිටුවරයා නිශ්චිතව දැන සිටියේ නැත. ඒත් එහි සාරාංශය කුමක් දැයි වැටහුණු බව හේ සිතුවේය. ඒ සාරාංශය ඔහුව මහත් භීතියට පත් කරන ලදි. ඇමෙරිකානුවෙක් ඇවිත් ආදිපාදවරිය කැමති කරවා ගත්තොත්, එහෙනම් මුළු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ස්වාධීනත්වය අවදානමකට වැටෙනු ඇත. ඊ ළඟ පාලක පරම්පරාව අන්තරායකට පමුණුවනු ඇත.

ඔවුන් මහත් වෙහෙසක් ගෙන සාක්ෂාත් කරගත් සියල්ල අහිමි වනු ඇත. එදා රාත්‍රියේ මහත් සිත් පීඩාවකින් සිටි මවුන්ට්ජෝයි සිටුවරයා බෙන්ටර් මහත්තයා සහ ආචාර්ය කොකින්ට්ස් දෙදෙනා කැඳවා මේ කාරණය ගැන ඔවුන් සමඟ කතාබහ කළේය. ඒ අනතුර මඟ හැරීමේ සැලැස්මක් දියත් කෙරිණ. සැලැස්මේ මූලිකත්වය, එහි ආරම්භය තමන් වෙතින් පටන් ගත්තක් යැයි මවුන්ට්ජෝයි සිටුවරයා මහත් සතුටට පත් වූයේය. ඇයගේ කැමැත්ත ඊට ලබා ගැනීම සඳහා මවුන්ට්ජෝයි සිටුවරයා ආදිපාදවරිය හමුවන්නට ගියේය.

අනිත් අයට අවධානය ගෙන අත්පොළසන් ලබා ගැනීම කමක් නැත. ඔහු තමාට කියා ගති. ඒත් එළියේ රඟන ජවනිකා පිටුපස හසුරුවන තීක්ෂණ මොළය තමයි රාජ්‍ය තාන්ත්‍රිකයේ වැදගත් ම කොටස යැයි හේ තමාට කියා ගති. ඒ ගැන සිතද්දී ඔහුට දැඩි ආඩම්බරයක් සිතට ගලා ආවේය. ඔහුගේ තඹ විට කොණ්ඩයෙන් යුතු හිස කෙළින් ඔසවා ගෙන සිනාවෙමින් ඔහු ගියේ තම වීරයෙක් වූ ඩිස්රායෙලි සිහි කරමිනි.

ග්ලෝරියානා මාලිගාවේ වූ ඇයගේ පුද්ගලික කාර්යාලයේ හිඳගෙන දෙළුම් ගෙඩියක් කමින් සිටියාය. ඇය ගෙඩි බොහොමයක් කා තිබිණ. ඇයට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා විශාල දෙළුම් තොගයක් ගුවනින් එවා ඇත. ඒවායේ පොතු මේසය මත තිබූ රීදි බන්දේසියේ ඉහළට ගොඩ ගසා තිබිණ.

“බනින්න එපා බෝබෝ,” ඇය කීවාය. “ඒවා නරක් වෙනවා දවසකින් දෙකකින් කෑවේ නැත්නම්. අනිත් එක ඒවා කෑම මගේ ස්නායු සංසුන් කරනවා. මේ හැම රටවල් වලින් ම එන නියෝජිතයෝ හම්බ වෙලා කතාබහ කරන්න වෙච්ච නිසා මම හිටියේ නොසන්සුන් බවකින්. මම වැඩියෙන් ම කැමති අර සවුදි අරාබියෙන් ආපු මිනිහට. එයා ප්‍රතික්ෂේප කළා මට කඳ නවන්න. ඔහු කීවා ඒක එයාගෙ ආගමට විරුද්ධ බව. මිනිහෙක්ට ගෑණියෙක් ඉදිරියේ එහෙම නියාලු වෙන්න බැහැ කියල.”

“ඔබ වැනි ආදිපාදවරියක් ඉස්සරහ, කඳ නවා ආචාර කිරීමෙන් නියාලු වෙන්නෙ නැහැ මිනිහෙක්ව එයින් වෙන්නෙ මිනිහා තවත් ඉහළ යන එකයි,” මවුන්ට්ජෝයි සිටුවරයා කීය.

“ඔබ හරි හොඳ පුද්ගලයෙක් ළඟ පාතින් තියාගන්න, බෝබෝ,” ග්ලෝරියානා කීවාය. “වාඩි වෙලා මාත් එක්ක කතා කරන්න.”

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. WordPress.comහි බ්ලොග් සටහනක්.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: