Sinhala story Blog

ජූලි 11, 2012

ඔයාගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔයාට බැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 2:40 ප.ව.

සෝවියට් විදේශ කොමිස්සාර්ට ග්ලෝරියානා හමුවූයේ නැත.

ටලීට ඔහු හමු වී කතාබස් කිරීම පැවරුණි. ග්ලෝරියානා තමනට සුවය මඳ යැයි කියා ගැලවුනාය. ඇත්තෙන්ම ඇය සිතුවේ නැහැ විදේශ කොමිස්සාර් හා කතාබස් කරන්නට ඇයට හැකියාවක් ඇතැයි කියා. ඒ නිසයි ඇය ඒ වැඩේ ටලීට පැවරුවේ.

ටලී මෙහෙය ඉටු කළේය. මූලික ආචාර සමාචාර අවසන් කළ පසු, සෝවියට් දේශය සිහින මවන්නට ශතක ගණනාවකට පෙර ෆෙන්වික් දනව්ව ස්වාධීන වූ රටක් ලෙසින් ජීවත් වූ බව පරිවර්තකයෙක් සහායෙන් ටලී පැහැදිලි කළේය. ඔහු වැදගත් යැයි පෙන්වා දුන්නේ කුවේඩියම් බෝම්බය අල්ලා ගත් ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව එය වෙන කාටවත් දීමට සූදානම් නැති බවයි. කිසිම රටකට ගැතිවීම හෝ යටත් වී ඉන්නවාට වඩා සම්පූර්ණ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව යුරෝපය සමඟින් අළු වී යාමට කැමති යැයි ඔහු කියා සිටියේ කිසිම රටක නමක් සඳහන් නොකර ය.

“ඔයාගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඔයාට බැහැ,” විදේශ කොමිස්සාර් කිව්වේ ටලී කෙළින් ම කියූවට කෙළින් ම උත්තර දෙමිනි.

“එහෙම කියමනක් ඔයාගෙන් ඇහෙද්දී,” ටලී කීවේය, “ඒක හරි අමුතු කතාවක් තමයි.”

“අපි ඔයාලට ඉදිරිපත් කරන්නෙ අපේ මිත්‍රත්වය, අපේ රතු හමුදාවේ ආරක්ෂාව,” විදේශ කොමිස්සාර් බෙරිහන් දුන්නේ ය.

“අපිට ඕන නැහැ මිත්‍රත්වයක්. අපිට පුළුවන් අපිව ආරක්ෂා කරගන්න,” ටලී උත්තර දුන්නේ ය.

“හා අපි බලමු එහෙම නම් මේ කතාව ග්‍රෑන්ඩ් ෆෙන්වික් කම්කරු ජනතාවට ඇහුනා ම මොකද වෙන්නෙ කියලා,” විදෙස් කොමිස්සාර් බැන වදිමින් පිටව ගියේය. “අපි අපේ රේඩියෝවෙන් පැය විසි හතර පුරා අපේ යෝජනාව නිවේදනය කරනවා. එතකොට දනව්වේ ඉන්න හැමෝම දැන ගනිවී ඔයයි අනිත් රදළ පැලැන්තියයි තමයි ඔවුන්ව මරණයට නියම කළේ කියල. සමාජවාදී සෝවියට් එක්සත් ජනරජයන් සමඟ සදාකාලික මිත්‍ර ගිවිසුමකින් ඔවුන්ට ජීවත්වෙන්නට හැකියාව ඇතැයි ඔවුන්ට ඇහෙන්න සලස්වනවා.”

“ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වෙ කම්කරුවෝ නැහැ,” ටලී හිමිහිට කීවේය. “අනික, අපිට රේඩියෝත් නැහැ.”

එයින් කතාබහ මඳකට නැවතිණ. එහි දී ටලී වෑයමක් ගති. “ඔයාව හිස් අතින් ආපහු මොස්කව් යවන්න ඕන කමක් නැහැ මට,” ඔහු කීවේය. “මට තියෙනවා යෝජනාවක් කරන්න. ඒක ඔබේ රටටත් සෙසු ලෝකයටත් සාමය උදා කරාවි.” ඔහු පරමාණු අවි නීතියෙන් තහනම් කරන සැලැස්මත් ජාත්‍යන්තර සොයා බැලීම් කමිටුව ගැනත් විස්තර කළේය.

“සෝවියට් දේශය,” විදෙස් කොමිස්සාර් කීවේය, “මුල ඉඳලා ම මේ පරමාණු බෝම්බය සහ ඒ වගේ ආයුධ නීති විරෝධී කරන වෑයමේ තමයි හිටියෙ. ඒත් අපි තරයේ කියා සිටිනවා එහි පළමු පියවරක් හැටියට සේරම පරමාණු අවි විනාශ කර දැමිය යුතුයි කියල. ඉතින් ඒකට ඇමෙරිකන්කාරයෝ හැම තිස්සෙම විරුද්ධ වුනා. මොකද එයාලගෙ අභිප්‍රාය තමයි ලෝකෙට ලොක්කෝ වීම.”

“සියළු පරමාණු බෝම්බ විනාශ කරාවි,” ටලී කීවේය. “සේරම ඒත් කුවේඩියම් බෝම්බය නෙමෙයි. ඒක අපි මෙහෙ තියාගන්නව. පුංචි ජාතීන් සංවිධානයේ විශ්වාසයට යටතේ. ඒ පුංචි ජාතීන්ගේ සංවිධානය තමයි ජාත්‍යන්තර පොලිස් බලකාය වෙන්නෙ, ඒකට එක්සත් ජාතීන්ගේ සංවිධානය කවදාක වත් කැමති වුනේ නැති වූවක්.”

විදෙස් කොමිස්සාර් සිනා වූයේය. “ඔයා හිතන්නෙ අපි අපේ සියල්ල අහෝසි කරලා බලය නැති කරගනිවි කියලා ද ඔයාලට බලය දෙන්න?”

“ඔයා කැමති වුනත් නැතත් අපි ලෝකෙට ලොක්කො වෙනවා,” ටලී කීවේය. “ඒත් ඒ සාමයේ නාමයෙන්. ඇත්තෙන්ම, අපි තමයි දැනට ලෝකෙට ම ලොක්කො. ඔයා ටිකක් ප්‍රමාදයි ඒක වටහා ගන්න. අපි කුවේඩියම් බෝම්බය දැන් පිපුරුවොත්, සති හයකින් දහස් ගණනකින් ජනතාව රුසියාවේ මැරෙනවා. ඔයාට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. මැරැනේ නැති අය පතාවි මැරුනා නම් වඩා හොඳයි කියල. මොකද ඒ අයත් විනාශයට පත්වෙලා ඉවරයි එතකොට. පසුගිය සති දෙක තුල දී ආචාර්ය කොකින්ට්ස් මේ බෝම්බය නිසා විසුරුවා හැරෙන විෂ වායුව ගැන පර්යේෂණ පැවැත්වූවා. සමහර විට ඔබ කැමති වෙයි ඒවායේ ප්‍රතිඵලයක් බලන්න.”

About these ads

ප්‍රතිචාර 2 »

  1. mokakada ban meka, keti kathawakda? nawakathawakda? mokutha terenne nane. aduma tharame topic ekakawathadahanko terenna meka mokakada kiyala

    ප්‍රතිචාර විසින් kk — ජූලි 11, 2012 @ 8:07 ප.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. WordPress.comහි බ්ලොග් සටහනක්.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: