Sinhala story Blog

ජූනි 26, 2012

ඔවුන් දෙන සේනාංක දහය වෙනුවට විස්සක් දෙන්නම් කියන්න ඕන

Filed under: Uncategorized — sinhalashortstories @ 8:00 පෙ.ව.

“ඔවුන් හරි සටන්කාමීයි, ඒ රුසියානුවෝ,” යුද හමුදා ජනරාල්වරයා බාගයක් කියා ගත්තේ තමන්ට ම ය.

“ඔවුන් ස්ටාලින්ග්‍රෑඩ් වල මාර පෙරලියක් කලේ. ටැංකි සෑහෙන්න සංඛ්‍යාවක් සහ අවි ආයුධ කොච්චර උවමනා වුනා ද එයාලව ඉවත් කරන්න. හමුදාවේ ඉල්ලීම් කප්පාදුව කොංග්‍රසය විසින් කවදාවත් නොකළ යුත්තක්. මම හිතුනා යාන්තමට මේ වගේ දෙයක් සිද්ධ වේවි කියලා කවදා හරි.”

“ගොඩක් බෝම්බ දාන්න පුළුවන් අය වැදගත් යුද ටැංකි වලට වඩා,” ගුවන් හමුදා ජනරාල්වරයා කීවේය.

“අවශය නැහැ අපට බාල්ටික් පැත්තෙන් ගහන්නයි මධ්‍යධරණී මුහුදෙන් ගහන්නයි යුද නැව් තියෙනවා නම්,” අද්මිරාල්වරයා කතාවට පැන්නේ ය.

තිදෙනා ම එකිනෙකා වෙත රෞද්‍ර බැල්ම වල් හෙළා ගත්හ.

“මහත්වරුනි,” ජනාධිපතිවරයා සංසුන්ව කීවේය, “අපි තාම යුද්ධයකට ගිහින් නැහැ. පහුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධි වුනාට, ඇමෙරිකාවට යුද්ධයක් ප්‍රකාශ කරන්න කොංග්‍රසයේ අවසරය ඕනා.”

රාජ්‍ය ලේකම්වරයා හරස් අතට දමාගෙන තිබි කකුල් මෑත් කළේය. මේ ක්‍රියාව ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික හමුවන් වල දී සැලකුනේ ඔහුට යමක් කියන්නට ඇති බව ඉඟි කරන්නක් සේ ය. එහි වැදගත්කම කැබිනෙට්ටුවේ සියල්ලෝ ම දත් නිසා හැමෝම ඔහු වෙත අවධානය යොමු කළහ.

“මට ලැබුණ අද උදේ රහස් බසින් එවපු පණිවිඩයක් ක්‍රෙම්ලිනයේ ඉන්න අපේ තානාපතිවරයා වෙතින්. ඒක මේ රැස්වීමට එන්න කළින් ඉතා අමාරුවෙන් පරිවර්තනය කර කියවා තේරුම් ගන්නට පුංචි කාලයක් විතරයි මට තිබ්බෙ. ඔහුගේ කටහඬ තිතිරකු විය. ඔහුගේ ටයි පටිය සේ ම කාන්තියෙන් සහ ප්‍රභාවයෙන් තොර වූවකි. “පණිවුඩයේ තිබුණ ක්‍රෙම්ලිනයේ අරමුණු ගැන අදහස් අන්තර්ගත වෙලා.”

ඔහු තම ලිපිගොණුව ඉතා නිවැරදි හැසිරිල්ලකින් විවෘත කළේය. එයින් සිහින් නිල් පැහැති කොළයක් එළියට ගති. “මෙන්න පණිවුඩය,” ඔහු කීවේය. “රහසිගතයි, සැබැවින් ම.” ඔහු ග්‍රිෆින් සෙනෙට් සභිකයා දිහාට බැල්මක් යොමු කළේය.

‘අද උදෑසන ප්‍රසිඩියම් චන්දය ප්‍රකාශ කළේ රතු හමුදාවේ සේනාංක දහයක් ඇමෙරිකාවේ ප්‍රහාරයකින් ග්‍රෑන්ඩ් ෆෙන්වික් බේරා ගනු පිණිස එහි ආරක්ෂාව සඳහා යවන්නටයි. විදේශීය කටයුතු කොමිස්සාර්වරයා සහාය හා ආරක්ෂාව සපයන සාකච්ඡා සඳහා කතාබහටත්, මොස්කව් වල සුරක්ෂිතව තබන්නට කුවේඩියම් බෝම්බය ඉල්ලා ගැනීමටත් පිටත් වෙයි. විස්තර කුරපයිය සමඟ. -හැන්කොක්.’

“කවුද කුරපයියා?” යුද හමුදා ජනරාල්වරයා විමසීය.

“ඒ රාජ්‍යතාන්ත්‍රික කුරපයිය,” ලේකම්වරයා කියුවේ මඳ සිනාවකිනි. “පුද්ගලයෙක් නෙමෙයි.”

“ඒක ආයෙත් කියවන්න,” ජනාධිපතිවරයා ඔවුනට බාධා කළේ මඳ එරිස්සල්ලකිනි. රාජ්‍ය ලේකම්වරයා එය නැවත කියැවීය.

“ඒක ගැන මොකද හිතන්නෙ? ඔයා හිතන්නෙ ඔවුන් ආක්‍රමණය කරන්නට සැරසෙනවා කියා ද?” ජනාධිපතිවරයා ඇසුවේය.

“රැසියානුවෝ මොකක් ද අදහස් කරන්නේ කියා නිශ්චිතව ම වටහා ගැනීම හැම තිස්සෙම දුෂ්කරයි,” ලේකම්වරයා එකට එක කියන්නාක් මෙන් කීවේය. “විශේෂයෙන් ම අපිට මේ වගේ කුඩා රහස් බසකින් ලියපු පණිවුඩයක් තෝරලා බේරලා කියන්නෙ කුමක් දැයි අවබෝධ කරගන්න සිද්ධ වෙද්දී. හැන්කොක් ඉතා දැඩි සේ අවධානයෙන් මේ වගේ පණිවුඩයකට තම වචන ඉතා හොඳින් තෝරා බේරා පාවිච්චි කරන කෙනෙක්. මේ රතු හමුදා ආරක්ෂාවට යවනවා කියන එක අපිට වටහා ගන්න පුළුවන් ඒ යන්නෙ අවට ග්‍රෑන්ඩ් ෆෙන්වික් මායිමේ රැඳිලා සිට ඕනෑම වේලාවක ආක්‍රමණයට සූදානමින් ඉන්නට බවයි. ඒ තැන ඔස්ට්‍රියාවේ නියුෆෙල්ඩන් වෙයි. ඒක තියෙන්නෙ දනව්වේ සිට සැතපුම් දෙසියයක් දුරින්. ගොඩ බිමින් යන හමුදා වලට පැය පහක් යයි. අහසින් යනවා නම් පැයකට අඩුයි. අපිට අනුමාන කරන්න පුළුවන් රුසියන් සේනාංක වැඩියෙන් අහසින් යාවි කියල. අපිට ඇති තරම් අත්දැකීම් තියෙනවා මේ මිත්‍රත්වය සහ එකිනෙකාට සහාය දී ගැනීමේ යෝජනාව එයාලගෙ ඒකාධිපති ක්‍රමවේදය අනුව සෝවියට් දේශයට එකතු කරගන්නා බවට දෙන දැන්වීමක් කියාත්.”

කම්පනය නිසා ඇති වූ දැඩි නිහැඬියාව බින්ඳේ සෙනෙට් සභික ග්‍රිෆින් විසිනි.

“අපි වහාම ඵලදායක වූ ප්‍රතික්‍රියාවන් දියත් කරන්න ඕන, ජනාධිපති මහත්තයා,” ඔහුගේ කටින් පිටවුණි. “සෝවියට් යෝජනාව හා සමාන වෙන්න අපිත් යෝජනා කරන්න ඕන මිත්‍රතත්වය සහ එකිනෙකාට සහාය පළ කිරීම. ඔවුන් දෙන සේනාංක දහය වෙනුවට අපි විස්සක් දෙන්නම් කියන්න ඕන. මට විශ්වාසයි,” ඔහු එකතු කළේය, “කොංග්‍රසය ඊට සම්පූර්ණයෙන් පක්ෂව චන්දය ප්‍රකාශ කරාවි කියල.”

About these ads

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

The Shocking Blue Green Theme. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: