Sinhala story Blog

මැයි 1, 2012

සීමාවක් නෑ මිනිස් කැමැත්තට

Filed under: Uncategorized — sinhalashortstories @ 4:44 ප.ව.

“හොඳටම ප්‍රමාණවත්,” කොකින්ට්ස් කීවේය.

මිලියන දෙකක වර්ග සැතපුම් ප්‍රමාණයක් සුන්නත් දූලි කරන්න. සමහර විට ඊටත් වැඩියෙන්. ඔයා දන්නවානේ මේ අපි විද්‍යාඥයෝ කොහොම අය ද කියල. අපිට කිසිම දෙයක් සහතික කරන්න බැහැ අත්හදා බලන්නෙ නැතිව.”

අනිත් දෙදෙනා සිලින්ඩරය දිහා බැලුවේ කුතුහලයත් සම්භ්‍රමයත් මිශ්‍රිතව ය.

ආරක්ෂක ලේකම්වරයා මුලින් ඇමතීය. ඔහු සිය ඇඟිලි තුන යටිතොලට තබා, පාසැල් වයසේ කොල්ලෙක් මුළු පංතිය ඉදිරිපිට ප්‍රශ්නයක් අසද්දී සේ නොසන්සුන් බවක් පෙන්වමින්, “ඒ මොකක් ද?” යැයි ඇසුවේය.

“කුවේඩියම්,” කොකින්ට්ස් උත්තර දුන්නේ ය. “මිහිපිට වසර බිලියන ගණනාවක් ඈතට යනකම් නොතිබිච්ච හයිඩ්‍රජන් වර්ගයක්. කොච්චර ඈතක දී තිබ්බා ද කියල කියන්න අමාරුයි. මම කියද්දී මේ හයිඩ්‍රජන් වර්ගයක් කියල ඔයාල දැනගන්න ඕන මම මේ එහෙම කියන්නෙ විද්‍යාඥයෝ නොවන අයටයි කියල.” ඔහු සමාව අයදින කුඩා සිනාවක් පෑවේය. “ඒක, අපි කියමු, මිනිහා වඳුරාට ඇති සමානකමට හා සමාන වූ තරමකින් තමයි ඒකෙ තියන හයිඩ්‍රජන් වතුරට සමාන වෙන්නෙ. එහි පවතින පරම අණු සැලැස්ම ගැන මම විස්තර කරන්න යන්නෙ නැහැ. ඒක ඉතා සංකීර්ණයි. එහි න්‍යෂ්ටියේ ඇති මහත් වෙනස්කම් තමයි දැනට සොයාගෙන ඇති වැදගත්ම සාර්ථකත්වය.”

“මහත් වෙනස්කම්?” ආරක්ෂක ලේකම්වරයා විමසීය.

“න්‍යෂ්ටිය එකතු කරලා බැඳලා තියන බලය ගැන ඉඟියක් දෙන්නෙ ඒකෙන්,” ග්‍රිෆින් සෙනෙට් සභිකයා කීවේ තමන් යමක් දන්නවා යැයි ගෑවිච්ච මඳ ඉහළ තත්වයකිනි. “ඒකෙන් තමයි මනින්න පුළුවන් න්‍යෂ්ටිය කැඩුනාම කොච්චර බලයක් පතුරුවා හරිනවා ද කියන්න, එහෙම නේද, ඩොක්ටර්?”

“ඔව්,” කොකින්ට්ස් උත්තර දුනි. “ඒත් එච්චර විස්තර වලට ගියොත් එක්කෝ ඔයාල අන්දුන් කුන්දුන් වෙයි නැත්නම් වැරදියට පටලවාගෙන වටහා ගනියි අර පරමාණු බෝම්බයත් එක්ක -ප්ලුටෝනියම් බෝම්බය හරියට කිව්වොත්- එකේ සියයට එකකින් දහයෙන් එකක ප්ලුටෝනියම් තමයි ඉන්ධන වලට හරවන්නෙ. ඒත් කුවේඩියම් බෝම්බයෙන් පුළුවන් සියයට දහයක කුවේඩියම් ඉන්ධන වලට හරවන්න. එහෙම විසුරුවා හරින ඉන්ධන ඒකකයක් හැටියට ගත්තම අර ප්ලුටෝනියම් බෝම්බයෙන් විසුරුවා හරින්නට වඩා වඩාත් ශක්තියෙන් යුතුයි.

“තව විස්තර කරනවා නම්, මේ විදියෙ හයිඩ්‍රජන්, අර මම කිව්ව විදියට, වසර බිලියන ගණනකට වඩා ඉහතක දී පෘතුවියේ තිබ්බ, නිසා තමයි පෘතුවිය දැවෙමින් තිබ්බ, සමහර විට සූර්යයා තුල වන ඌෂ්ණත්වයට වඩා දහස් ගුණයකින් වැඩි ඌෂ්ණත්වයකින් තිබ්බ, ගෘහලෝකයක් වූයේ. මේ කුවේඩියම් ඔක්කොම ඉවර වෙලා ගියාම, ඝන වූ න්‍යෂ්ටියක් බවට පත් වුනාට පස්සෙ පෘතුවිය තවත් වසර මිලියන ගණනාවක් දැවෙමින් පැවතුනා නිවිලා ගිහින් ජීවය උපදින්න කළියෙන්.

“අපි හිතන්නෙ මේ කුවේඩියම් තමයි මුලින් ගින්න ඇති කළේ. සූර්යයා තුල කුවේඩියම් නැහැ. ඒවා ඔක්කොම කල්ප ගණනාවකට පෙර දැවිලා ඉවරයි. ඇත්තෙන්ම අපි දන්න විදියට සක්වල වෙන කොහේවත් කුවේඩියම් නැහැ, ඔය මේසේ උඩ තියන ටික හැරෙන්නට.”

“ඔයා කියන්නෙ වෙන කොහේවත් නැහැ?” ග්‍රිෆින් සෙනෙට් සභිකයා විමසීය.

“කොහේවත් නැහැ මෙතැන විතරයි,” කුඩා සිලින්ඩරයට ඇඟිල්ල දිගු කරමින් ආචාර්ය කොකින්ට්ස් පිළිතුරු දුනි.

ඔරලෝසුවෙන් පැය භාගය වැදුනේ ය. එහි සද්දෙයන් තැතිගත් බ්ලුජේ කුරුල්ලන් උද්‍යානය හරහා ඉගිළී ගියහ.

“මේක මොකක් ද කරන්නෙ?” ජනාධිපතිවරයා ඇසීය.

කොකින්ට්ස් එය අතට ගත්තේය. ඔහුගේ බෝතල් අඩි කණ්ණාඩි වලට අඟල් කිහිපයක් ඉදිරියට එය ගෙනැවිත් එය දිහා බැලුවේය. ඉතා අපුල ලෙසකින් එය නැවතත් මේසය මත තැබීය.

“විනාශ කරන්න අවශ්‍ය මිනිසාගේ කැමැත්ත කුමක් වේද අන්න ඒක කරයි. ඒක පරමාණු බෝම්බය හරියට දරුවෙක්ගෙ සෙල්ලම් බඩුවක් ගාණට ගෙනේවි. බෝම්බයක් ලෙසින් මහාද්වීපයක් විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් ඒක අයිති ජාතියට ලබා දේවි. කෙටියෙන් කිව්වොත් ඒක අපේ යුද්ධ එක පහරකට සීමා කරාවි. ඇත්තෙන්ම, කුවේඩියම් තියන ප්‍රමාණය ඇරුණාම ඊට වඩා වෙන ගැටළුවක් නැහැ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් පුපුරන අවි හදන සීමාවක්. තියරියට අනුව අපිට පුළුවන් මුළු උතුරු ඇමෙරිකා මහාද්වීපය ම මේ මහපොළවෙන් පුපුරා යවන්න. සමහර විට දකුණු ඇමෙරිකාවත් එක්කම.”

ප්‍රතිචාර 2 »

  1. කෙටි වුනත් විශිෂ්ඨ ප්‍රබන්ධයක් !!!

    ප්‍රතිචාර විසින් chathuranga Perera — මැයි 2, 2012 @ 12:20 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.