Sinhala story Blog

අප්‍රේල් 7, 2012

ගර්ජනය කළ මීයා -බාල වයින් හදා ඒ වයින් බී ජීවත්වෙන කිසිත් ජාතික ආඩම්බරයක් නැති

Filed under: Uncategorized — sinhalashortstories @ 7:26 පෙ.ව.

අර්බූදය පැන නැඟියේ බහුතර ජන මතය පෙන්වන පැත්තක් නොතිබි නිසා ය. ඒ නිසා හරියටම දෙකඩ වූ පැති දෙකෙන් නායකයෙකුට සභාව අමතන්නට අවසර දීමට හැමෝම එකඟ වූහ. අනතුරුව තීරණයක් ගැනීම බාර වූයේ ආදිපාදවරියටයි.

විවිධ පාට වලින් යුතු කකුල් ආවරණ වලින් ද, කබායකින් ද, දිගු අත් විහිදෙන්නා වූ තුඩාවකින් ද උත්කර්ශවත් ලෙසින් සැරසී සිටි මවුන්ට්ජෝයි සිටුවරයා මුලින් ම තම දියාරුවිරෝධවාදීන් පැත්ත නියෝජනය කරමින් කතාව පැවැත්වීය. දැන් මැතිවරණය අවසන් නිසා දියාරුවිරෝධවාදය ගැන ඔහු වෙනදාට වඩා අඩු වේගයෙන් තතු පැහැදිලි කළේය. ග්‍රෑන්ඩ් පිනෝ වලට වතුර එකතු කිරීමෙන් මුලින් යම් ලාභයක් ලැබුණත් අවසානයේ එයින් වයින් වලට අපකීර්තියක් ලැබ මුළු අපනයන සියල්ල අහිමි වන්නට ඉඩ ඇති බව හේ පෙන්වා දුන්නේ ය.

දැඩි අධිෂ්ඨානයකින් තම අදහස් පිණිස පෙනී සිටි ටිකක් තරබාරු වූ ඩේවිඩ් බෙන්ටර් මහතා දියාරුවාදීන්ගේ පැත්ත නියෝජනය කරමින් ඊ ළඟට තම අදහස් ඉදිරිපත් කළේය.

වයින් වලට එකතු කරන්නට යෝජනා කරන්නේ සියයට දහයකට වැඩියෙන් වතුර නොවන බව හේ පෙන්වා දුන්නේ ය. එයින් එහි රසයට හානියක් නොවේ යැයි ද, එහෙත් එහි ප්‍රතිඵලයක් වශයෙන් නිෂ්පාදනය වැඩි වී ආදායම වැඩි වී එයින් නිසි සේ අයවැය පාලනය කළොත් ආදිපාද දනව්වට අවශ්‍ය ආහාර වැනි ආනයන බඩු ගෙනෙන්නට හැකි බව ඔහු කීවේය. ඒ ප්‍රතිඵල ම ගෙන දෙන කුමන සැලැස්මක් ද දියාරුවිරෝධීවාදීන්ට ඇත්තේ යැයි ද ඔහු විමසීය.

ඒ ප්‍රශ්නයට මවුන්ට්ජෝයි සිටුවරයා කෙළින් උත්තරයක් දුන්නේ නැත. එහෙත් නැවතත් ඔහු විවේචනය කළේ දියාරුවාදීන්ගේ සැලැස්මයි. ඒක එහෙම කළත් -එහෙම විශ්වාසයකට කිසිම වැදගත් මිනිහෙක් කැමැත්ත පළ කලේ නැතත්- සියයට දහයක් පමණක් වතුර එකතු කිරීමෙන් එහි රසයට හානියක් නොවූවත්, දියාරුවාදීන් ඉදිරිපත් කරන ලෙසින් සියයට දහයක් පමණක් වතුර වයින් වලට එකතු කිරීමට සීමා කිරීම කොතරම් කාලයක් පවත්වා ගෙන යන්නේ දැයි ඔහු විමසීය.

දැනට ඇති අවශ්‍යතා පිරිමසින්නට වයින් ආනයනය සියයට දහයක් වැඩි කිරීමෙන් පුළුවන් වූවාට අනාගතයේ ඒ අවශ්‍යතා වැඩි නොවෙතැයි සහතික කරන්නේ කොහොම ද? ලෝක වෙළඳපොලේ වූල් සහ ආහාර මිල ඉහළ යමින් තිබේ. ලබන වසරේ දී තව වැඩියෙන් මුදල් අවශ්‍ය වෙයි. ඊට පසුව එන අවුරුද්දේ දී ඊටත් වඩා වැඩියෙන් මුදල් අවශ්‍ය වෙනු ඇත. දියාරුවාදීන් හිතන්නේ හැමදාම තව ටිකක් වැඩි වැඩියෙන් හැමදාම වතුර එකතු කරන්න ද? මේ සුප්‍රසිද්ධ පිනෝ වයින් හරියට ප්‍රංශයේ හදන වයින් වගේ බාල වර්ගයේ වයින් කරන්නට දියාරුවාදීන්ට අවශ්‍ය ද? බාල වයින් හදා ඒ වයින් බී ජීවත්වෙන කිසිත් ජාතික ආඩම්බරයක් නැති, ජවයක් නොමැති පිරිමි ඉන්නා ප්‍රංශ ජාතිය වැන්නකට පත්වෙන්නට උවමනා ද?

දියාරුවාදීන්ගේ සැලැස්මෙන් සමස්ත ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට ම අවදානමක් ඇතිවේ. එය එහි පැවැත්ම ස්ථාපිත කරනවා වෙනුවට කාලයාගේ ඇවෑමෙන් එහි අභාවය ළඟා කරනු ඇත.

තවත් කතාබහ සිද්ධ වුණි. වේගවත් කතා පැවැත්වුණි. එහෙත් අවසානයේ විසඳුමක් කරා යෑම අසීරු බව හැමට ම පෙනුණි. දෙපැත්තම සිහසුන වෙත හැරුනේ විසඳුමක් ඉල්ලා ය. ආදිපාදවරිය තම පාලනයේ මුල් ම අර්බූදයට මුහුණ දුන්නා ය.

About these ads

ප්‍රතිචාර 2 »

  1. කරන්න තිබුනේ මිල 10% කින වැඩි කර 10% පමණ වතුර බෝතලයක් වයින් බෝතලයක් ගන්නා විට නොමිලයේ සැපයීමයි. එවිට අය-වැය පරතරයට සමගාමීව ලබා දෙන වතුර ප්‍රමාණය වැඩි කල හැකියි.

    Comment විසින් Subash Dilruk Kannagara — අප්‍රේල් 7, 2012 @ 10:54 ප.ව.

    • Subash Dilruk Kannagara,

      නැහැ ඊට වඩා සාර්ථක වෙන්නෙ ජේ.කේ. රෝලින්ස් ලියපු “හැරී පොටර්” වගේ, නැත්නම් සූසෑන් කොලින්ස් ලියපු “හන්ගර් ගේම්ස්” වගේ පොත් සෙට් එකක් ලියන්න කෙනෙක් ඉදිරිපත් වෙන එක.

      එහෙම නැත්නම් අයිපෑඩ් එකක්, නැත්නම් මුහුණුපොතක් ….

      තවත් විදියකින් කිව්වොත් අළුත් නිර්මාණයක් බිහි කිරීම.

      Comment විසින් sinhalashortstories — අප්‍රේල් 10, 2012 @ 9:41 පෙ.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: