දොරක් අගුල් වලින් උදුරා ගැලවෙන දැඩි හඬක් ඇසුණි.
රූපවාහිනියෙන් ගලා ආවේ බලාපොරොත්තු නොවූ යමක් දැකි අයගේ බුරන සේ කෑ ගැසිලි වලින් පිරි කාලගෝට්ටියකි. හරියට භූමි කම්පාවකින් වූ තාලයකට නටනවා මෙන් හැරිසන් බර්ජරොන්ගේ පින්තූරය තිරයේ නැවත නැවත උඩ පැන්නේ ය.
ජෝර්ජ් බර්ජනොන් ඒ භූමි කම්පාව නිවැරදි ව හඳුනාගත්තේ ය. ඔහු එය හරියට හඳුනාගත යුත්තක් විය යුතුය මන්ද බොහෝ අවස්ථාවල දී තම නිවහනේ දී ම ඔහු එම හැප්පෙන තාලයටම නටා ඇති බැවිනි. “මගේ දෙවියනේ-” ජෝර්ජ් කීය, “ඒ ඉන්නෙ හැරිසන් වෙන්න ඕනා!”
ඒ වැටහිල්ල ඔහුගේ මනසින් පුපුරා හැරියේ රිය අනතුරක සද්දයක් ඔහුගේ ඔළුවේ පැතිර ගිය හෙයිනි.
නැවත ජෝර්ජ්ට ඇස් හරින්නට හැකි වූ විට, හැරිසන්ගේ පින්තූරය තිරයෙන් නික්ම ගොසිනි. ජීවත්වෙන, හුස්ම ගන්නා හැරිසන් තිරය පුරවන ලදි.
යකට එකිනෙකට වැදෙන හඬ පතුරවමින්, කවටයෙක් සේ, දැවැන්ත හැරිසන් සිටගෙන සිටියේ මැදිරියේ මැද ය. ඔහුගේ අතේ ගලවා දැමූ මැදිරි දොරේ රවුම් අල්ලුව ඇත. බැලේ නාට්‍යාංගනාවන්, තාක්ෂණික සේවයකයන්, සංගීතය සපයන්නන්, හා නිවේදකයන් ද දණ ගසාගෙන ඔහු දිහා බලාගෙන තමන් මිය යතැයි අපේක්ෂාවෙන් සිටිති.
“මම තමයි අගරජු!” හැරිසන් කෑ ගැසුවේ ය. “ඇහෙනවා ද? මම තමයි අගරජු! හැමෝම මම කියන දේ වහාම ඉටු කරන්න ඕන!” ඔහු කකුල් අඩි බිම හැප්පුවේ ය. මැදිරිය සෙලවුණි.
“මම මෙතැන හිටගෙන හිටිය දී” ඔහු බෙරිහන් දුන්නේ ය, “අතපය බැඳ දමා, හරියට ඇවිද ගන්නට බැරිව, රෝගියෙකු මෙන් හිටියත් -මෙතෙක් ජීවත් වූ හැම මිනිසෙකුට ම වඩා ශේෂ්ඨ පාලකයෙක් තමයි මම! දැන් බලාගෙන ඉන්න මම මට පුළුවන් තරම කරා යන හැටි!”
හැරිසන් ඔහුගේ ප්‍රතිබන්ධන බැඳ තිබූ පටි උදුරා ගැලෙව්වේ හරියට තෙත ටිෂූ කඩදාසි මෙනි. ඒ පටි වලින් සහතික කර තිබුණේ රාත්තල් පන්දාහකට ශක්තිය දෙන්නට ය.
හැරිසන්ගේ යකඩ කැබලි ප්‍රතිබන්ධන බිමට කඩා වැටුණි.
හැරිසන් තම මහපටැඟිලි හිසේ වූ පටි වලට දමා තිබූ ඉබ්බා යටින් ඇතුල් කළේය. එය සෙලරි එළවළු කරලක් සේ කැඩී ගියේය. හැරිසන් තම කන් වලට සවි කර තිබූ ඉස් බණු ගලවා බිත්තියේ ගසා සුනු විසුණු කළේය.
ඔහු තම නැහැයේ වූ රබර් බෝලය ගලවා විසි කළ විට අනාවරණය වූයේ හෙණහඬේ දෙවියන් වන තෝර් ව ද ගෞරවාන්විත විශ්මයට පත් කළ හැකි මිනිසෙක් ව ය.