Sinhala story Blog

ජනවාරි 11, 2012

හැරිසන් බර්ජරොන් -2

Filed under: Uncategorized — sinhalashortstories @ 10:44 පෙ.ව.

“ඔයාට ළඟක දී ඉඳලා ගොඩක් මහන්සියි වගේ,” හේසල් කීවාය.

“මල්ලෙ අග පොඩි හිලක් හදන්න අපිට මොනවා හරි ක්‍රමයක් තිබුණා නම්, ඒ ඊයම් බෝල ටිකක් ඉවත් කරන්න. ටිකක් විතරක්.”

“වසර දෙකක් හිරගෙදර තපින්නයි සහ එළියට ගන්න හැම බෝලයකට ම ඩොලර් දෙදාහක දඩයක් ගෙවන්නයි,” ජෝර්ජ් කීවේය, “ඒක ලොකු වාසියක් කියල මම කියන්නෙ නැහැ.”

“ඒත් ඔයාට වැඩ ඇරිලා ගෙදර ආවම විතරක් වත් බෝල ටිකක් අඩු කරගන්න ඇහැකි නම්,” හේසල් කීවාය. “මම කියන්නෙ, ඔයා ගෙදර ඉන්න කොට කා එක්ක වත් තරඟ කරන්නෙ නැහැනෙ. ඔයා නිකම් වාඩි වෙලා ඉන්නවා විතරයිනෙ.”

“මම ඒකෙන් ගැලවෙන්න හැදුවොත්,” ජෝර්ජ් කීවේය, “එතකොට අනිත් මිනිස්සුත් ඒකෙන් ගැලවෙයි. වැඩි කාලයක් නොගිහින් අපි ආයෙත් අඳුරු යුගයට යයි එතකොට. ඔයා ඒකට කැමති වෙන්නෙ නැහැනෙ, එහෙම නේද?”

“මම ඒකට අකමැති වෙයි,” හේසල් කීවා ය.

“ඔන්න එහෙමයි,” ජෝර්ජ් කීය. “මිනිස්සු නීති වලින් ගැලවෙන්න වංචා කරන්න පටන් ගත්තු ගමන් ඔයා හිතන්නෙ සමාජයට මොකක් ද වෙන්නෙ?”

හේසල්ට ඊට පිළිතුරක් සොයාගන්නට හැකි නොවූයේ නම් ඊට පිළිතුරක් දෙන්නට ජෝර්ජ්ට හැකියාවක් නැතිවුණි. ඔහුගේ හිසේ නලාවක් නාද වෙයි.

“හිතන්නෙ ඒක කඩා වැටේවි කියලා,” හේසල් කීය.

“මොකක් ද?” ජෝර්ජ් ඇසුවේ හිස් ලෙසකිනි.

“සමාජය,” හේසල් කීවේ නිශ්චිත බවකින් නොවේ. “ඒක නෙමෙයි ද ඔයා මේ දැන් කීවේ?”

“කවුදැයි දන්නෙ?” ජෝර්ජ් කීය.

රූපවාහිනී වැඩ සටහන හදිසියේ නවතමින් ප්‍රවෘත්ති නිවේදනයක් පටන් ගති. නිවේදනය කුමක් දැයි මුල දී හරියට වැටහුනේ නැත. මන්ද නිවේදකයා, අනිත් හැම නිවේදකයක් සේ ම, සෑහෙන්න දැඩිව පැවති උච්චාරණ දුර්වලතාවයකින් යුතු විය. මිනිත්තු බාගයක් පමණ, ඉහළ ගිය උනන්දුවකින්, නිවේදකයා උත්සාහ කළේ “නෝනාවරුනි, මහත්වරුනි,” කියන්නට ය.

අවසානයේ දී ඔහු උත්සාහය අත්හැර දැමීය, නිවේදනය බැලේ නාට්‍යාංගනාවකට කියවන්නට දුන්නේ ය.

“ඒකට කමක් නැහැ-” නිවේදකයා ගැන හේසල් කීය, “ඔහුට මහන්සියි. ඒක තමයි ලොකු දේ. ඔහු කරන්න උත්සාහ කළා තමන්ට හැකි පමණින්, දෙයියෝ දීපු තරමින්. ඔහුට ලැබෙන්න ඕන හොඳ පඩි වැඩිවීමක් එච්චර මහන්සි වෙලා උත්සාහ කළාට.”

“නෝනාවරුනි, මහත්වරුනි,” බැලේ නාට්‍යාංගනාව නිවේදනය කියවමින් කීවාය. ඇය වඩාත් ලස්සන රූමතියක් වන්නට ඇත. මන්ද ඇය පැළඳ සිටි වෙස්මුහුණ ඉතා කැත එකක් වුණි. එසේම නාට්‍යාංගනාවන් අතරින් ඇය වඩාත් ම ශක්තිමත් හා වඩාත්ම ලාලිත්‍යයෙන් වූ අය ද බව කිය හැකිය. මන්ද ඇයගේ ප්‍රතිබන්ධන මල්ල රාත්තල් දෙසීයයක් බරැති මිනිසුන් පළඳින තරම් ලොකු වූවකි.

ඇයට හනිකට තම කටහඬ ගැන සමාව අයදින්නට විය. කාන්තාවකට පාවිච්චි කරත හැකි කිසිසේත් සමානාත්මතාවයකින් තොර වූ කටහඬකි ඇයට වූයේ. ඇයගේ කටහඬ දයාබරිතය, බැබලෙන්නකි, කාලයකට සීමා නොවූ මිහිරකි. “සමාවෙන්න,” ඇය කීවාය. තම කටහඬ කිසිත් තරඟකාරී නොවන ලෙසකින් වෙනස් කරගෙන නැවතත් ඇය නිවේදනය කියවන්නට පටන් ගත්තාය.

“හැරිසන් බර්ජරොන්, වයස දාහතරක් වූ,” ඇය කීවේ මයිනෙක් මෙන් කර්කශ හඬකිනි, “මේ දැන් සිරගෙදරින් පළා ගිහින්. එයාව එහි රඳවා තිබුනේ ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කිරීමේ සැක පිට. එයා අති බුද්ධි ප්‍රභාවයකින් යුතු අයෙක්. ඒ වගේ ම දක්ෂ ක්‍රීඩකයෙක්. ප්‍රතිබන්ධන ඇති තරමට ලබා නැති අයෙක්. ඒ වගේ ම ඉතා භයානක අයෙක් හැටියට සැලකිය යුතු කෙනෙක්.”

පොලීසිය විසින් ගත් හැරිසන් බර්ජරොන්ගේ පින්තූරයක් තිරයේ වැටුනේ මුලින් ම උඩු යටිකුරුව ය. ඊ ළඟට හරහට ය. අනතුරුව එය නිවැරදිව දිස්විය. පින්තූරයෙන් දිස්වූයේ හැරිසන් අඩි හා අඟල් පෙන්වන තීරුවක් අසල හිටගෙන ඉන්නා මුළු සිරුරම දක්වන්නකි. ඔහු හරියටම අඩි හතක් උස වූයේය.

හැරිසන්ගේ ඉතිරිය පෙනුනේ බියකරු ලෙසින් ලෙසිනි. එවැනි දැඩි ප්‍රතිබන්ධන කිසිවෙක් මීට කළින් කිසිදාක දරා නැත. ප්‍රතිබන්ධන නිලධාරීන්ට හිතන්නට බැරි තරම් ඉක්මණින් ඔහු තම බාධක ඉස්මතු කරගෙන වැඩුණි. මානසික ප්‍රතිබන්ධනය සඳහා කණට දාන පොඩි රේඩියෝව වෙනුවට ඔහු පැළඳ සිටියේ විසල් කන් බනුවන් යුවලකි. ඔහුගේ ඇස් වල වූයේ තඩි කාච වලින් යුතු කණ්ණාඩි යුගලකි. කණ්ණාඩි වල අරමුණ වූයේ ඔහුට බාගෙට ඇස් පෙනීම නැති කිරීම පමණක් නොව හිසට දරුණු හිස් රුදා ඇති කිරීමටත් ය.

පරණ යකඩ කැබලි ඔහු වටේට එල්ලා තිබිණ. සාමාන්‍යයෙන් එවැන්නක යම් සංමිතියක් ඇත. ශක්තිමත් පුද්ගලයන්ට ප්‍රතිබන්ධන නිකුත් කරන ලද්දේ හමුදා සුකෘත බවකිනි. එහෙත් හැරිසන් දිස්වූයේ හරියට ඇවිදින රොඩු ගොඩක් සේ ය. ජීවිතය ගෙන යන්නට හැරිසන් රාත්තල් තුන්සීයයක් ඔසවා ගියේය.

ඔහුගේ කඩවසම් පෙනුන සමානාත්මතාවයෙන් යුතු කරන්නට, ප්‍රතිබන්ධන නිලධාරීන් ඔහුට හැම විටම රබර් බෝලයක් නාසයේ පැළඳ සිටින්නට අණ කර තිබුණි. ඇස් බැමිවල කෙස් බූ ගාන්නට අණ කර තිබුණි. සුදු පේලියට වූ දත් අතරින් පතර කළු කොන් පැළඳ ඉන්නට අණ කර තිබුණි.

“ඔබ මේ තරුණයාව දැක්කොතින්,” බැලේ නාට්‍යංගනාව කීවාය, “එපා -නැවත මම කියන්නම්, එපා කිසි විටෙක ඔහු හා විචාරයට යන්න.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.