කර්ට් වොනගට් (Kurt Vonnegut, Jr.) නැමති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා අතින් 1961 දී ලියැවුනු කෙටි කතාවකි මෙය. කොටස් කිහිපයකින් පළ කරන්නෙමි.
ගෙවී යන්නේ 2081 වසර ය. පරිසමාප්තියෙන් සියල්ලෝම සමානාත්මතාවය අත් කරගෙන ඇත. දෙවියන් හා නීතිය ඉදිරියේ පමණක් ඔවුන් සමානාත්මතාවය ලබා නැත. ඔවුන් සැලකිය හැකි සෑම සියළු විදියකින් ම සමානාත්මතාවය ලබා ඇත. කිසිවෙක් වෙන අයෙකුට වඩා හපනෙක් නොවේ. කිසිම අයෙක් තවත් අයෙකුට වඩා වැඩි ලස්සනකින් යුතු නොවේ. කිසිවෙක් තවත් කිසිවෙකුට වඩා ශක්තිමත් හෝ කඩිසර නොවේ. මේ සියළු සමානාත්මතාවයන් සිදු වූයේ ව්‍යවස්ථා සංශෝධනයේ 211, 212 සහ 213 වැනි පනත් හේතුවෙනි. එසේම ඒවා නොවැරදී සොයා බලා ස්ථාපිත කරන එක්සත් ඇමෙරිකාවේ ප්‍රතිබන්ධන ජනරාල්වරයාගේ ඒජන්තවරු නිසා ය.
ජීවිතයේ සමහර දේවල් ඒත් සම්පූර්ණයෙන් නිවැරදි ව සිද්ධ වූයේ නැත. උදාහරණයක් ගත්තොත්, අප්‍රේල් මාසය වසන්තයක් නොවී මිනිසුන්ව වියරු කරන ලදි. ඒ දහදිය දමපු මාසයේ තමයි ජෝර්ජ් හා හේසල් බර්ජරොන් දෙදෙනාගේ පුත් හැරිසන් ව ප්‍රතිබන්ධන ජනරාල්ගේ මිනිසුන් විසින් රැගෙන යන ලද්දේ.
එය සැබැවින් ම දුක්ඛිත ය. ඒත් ඒ ගැන ජෝර්ජ් සහ හේසල් දෙදෙනාට වැඩි දුර දිගකට සිතන්නට නොහැකි වුණි. හේසල්ට තිබියේ කිසිත් වරදක් නැති සාමාන්‍ය බුද්ධියකි. එනම් ඇයට කෙටි කාලයකට සීමා වූ උත්සාහයන් වල දී හැරෙන්නට කිසිවක් ගැන සිතන්නට බැරි ය. ජෝර්ජ්ගේ බුද්ධිය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් ඉහළ විය. එහෙත් ඔහුගේ කණකට සවි කරන ඇත්තේ මානසික ප්‍රතිබන්ධන රේඩියෝවකි. නීතියෙන් එය හැම මොහොතක දී ම පැළැඳ සිටින්නට ඔහුට නියම වී තිබිණ. රේඩියෝවේ නාලිකාව රැඳී තිබුනේ ආණ්ඩුවෙන් බෙදා හරින තරංගයකට ය. හැම තත්පර විස්සකට වගේ තරංගය විසින් යම් තියුණු ශබ්දයක් බෙදා හරියි. ඒ ජෝර්ජ් වැනි පුද්ගලයන් තම මොළයෙන් අයුතු වාසි ගැනීම නතර කරන්නට ය.
ජෝර්ජ් සහ හේසල් රූපවාහිනය නරඹමින් සිටියහ. හේසල්ගේ කම්මුල් වල කඳුළු බිංදු වුවත් ඒ මොහොතේ දී ඒවා කුමක් නිසා දැයි ඇයට අමතක වී තිබුණි.
රූපවාහිනියේ බැලේ නාට්‍යාංගනාවන් දිස්වුණි.
ජෝර්ජ්ගේ ඔළුව ඇතුලේ සීනුවක් නාද විය. හොරු පැන්නා යැයි දැනුම් දෙන සංඥාවක් නාද වූ විට තැතිගත් මංකොල්ලකරුවන් සේ ඔහුගේ සිතුවිලි පළා ගියහ.
“ඒක හරි ලස්සන නැටුමක්, අර නැටුම ඒ අය ඒ දැන් කරපු එක,” හේසල් කීවා ය.
“හහ්” ජෝර්ජ් කීය.
“අර නැටුම -ඒක හොඳයි,” හේසල් කීවා ය.
“ඔව්,” ජෝර්ජ් කීවේය. ඔහු බැලේ නාට්‍යාංගනාවන් ගැන ඩිංගක් සිතන්නට උත්සාහ කළාය. ඒ අය එතරම් දක්ෂ අය නොවූහ. කෙසේ හෝ අනිත් අයට වඩා දක්ෂ විය හැකි අය වූයේ නැත. ඔවුන්ගේ ඉනවල් වටා කුරුල්ලන්ට වෙඩි තියන උණ්ඩ බර වලින් පිරුණ බඳ පටි එල්ලුනි. ඔවුන්ගේ මුහුණු වැසෙන්නට වෙස්මුහුණු විය. ඒ ඔවුන්ගේ නිදහස් හා සුකුමල හැසිරිල්ලක් දැක හෝ පියකරු මුහුනක් දැකීමෙන්, ලස්සන නැති තවත් අයෙකුට තමන්ව පූසෙක් ගෙට රැගෙන ආ වසරුක් මෙන් සිතෙන්නට ඇති ඉඩ අහෝසි කරන්නට ය. නාට්‍යාංගනාවන් ප්‍රතිබන්ධන නොකළ යුතු යැයි යාන්තමින් හට ගත් සිතුවිල්ලක් ජෝර්ජ් සලකා බලන්නට පටන් ගත්තේ ය. ඒත් ඔහුට ඒ සිතුවිල්ල ඔස්සේ වැඩි දුරක් යන්නට ඉඩක් නොලැබුණි. ඔහුගේ කනේ වූ රේඩියෝවෙන් ඇහුණු සද්දයෙන් සිතුවිලි සියල්ල හැම අතර විසුරුවා හැරිණ.
ජෝර්ජ් වේදනාවකින් ඇස් වසා ගත්තේ ය. බැලේ නාට්‍යාංගනාවන් අතරින් අට දෙනෙකුත් එසේම වේදනාව පෑහ.
ඔහුගේ වේදනා පිළිබිඹු කරන ඇස් වසා ගැසීම හේසල් දැක්කා ය. කිසිත් මානසික ප්‍රතිබන්ධනයක් ඇයට නැති නිසා, ඒ අළුත්ම සද්දය කුමක් දැයි ඇය ජෝර්ජ් ගෙන් විමසුවා ය.
“ඇහුනේ හරියට කෙනෙක් කිරි බෝතලයකට යකඩ මිටියකින් ගහනවා වගේ,” ජෝර්ජ් කීවේ ය.
“ඒ එක එක විදියෙ හඬවල් අහන්න ඇත්නම් හරි සිත්ගන්නා සුළු වෙයි,” හේසල් කීවේ මඳ ඊර්ෂ්‍යාවකින්. “එයාලට හිතන්න පුළුවන් දේවල්.”
“ආ..,” ජෝර්ජ් කීවේය.
“එකම දේ, මම ප්‍රතිබන්ධන ජනරාල්වරයා නම්, ඔයා දන්නවා ද මම මොකද කරන්නෙ කියලා?” හේසල් විමසුවා ය. අපක්ෂපාතීව බලද්දී හේසල් ප්‍රතිබන්ධන ජනරාල්වරයාට ඉතා කිට්ටු පෙනුමකින් යුතු වූවා ය. ප්‍රතිබන්ධන ජනරාල්වරයා කාන්තාවකි. ඇයගේ නම ඩයානා මූන් ග්ලැම්පර්ස් ය. “මම ඩයානා මූන් ග්ලැම්පර්ස් නම්,” හේසල් කීවාය, “මම ඉරිදාට පල්ලියේ ගංඨාර වගේ සද්දයක් තෝරනවා. ආගම සමරන්න.”
“මට හිතන්න පුළුවන්, ගංඨාර සද්දයත් එක්ක,” ජෝර්ජ් කීවේ ය.
“එහෙනම් ඉතින් ඒවා ගොඩක් හඬ වැඩි කරලා,” හේසල් කීවා ය. “මම හිතන්නේ මට පුළුවන් හොඳ ප්‍රතිබන්ධන ජනරාල්වරයෙක් වෙන්න.”
“අනිත් ඕන කෙනෙක් වගේ හොඳ වෙයි,” ජෝර්ජ් කීවේ ය.
“වෙන කවුද දන්නෙ මට වඩා සාමාන්‍යයි කියන්නෙ මොකක් ද කියලා?” හේසල් කීවා ය.
“හරි,” ජෝර්ජ් කීවේ ය. ඔහු ඉතා යාන්තමින් හිරබාරයේ ඉන්නා තමන්ගේ අසාමාන්‍ය වූ පුතා ගැන සිතන්නට පටන් ගත්තේය. එහෙත් ආචාර වෙඩිමුර විසි එකකින් යුත් නාදය එය නවතන ලදි.
“මදැයි!” හේසල් කීවාය, “ඒක නම් අපූරුයි, නේද?”
ඒක කොතරම් අපූරු වූවා දැයි කියතොත් ජෝර්ජ් තවමත් සුදුමැලි බවින් වෙව්ලයි. ඔහුගේ රතු දෑස් කඳුලින් පිරී ඇත. නාට්‍යාංගනාවන් අට දෙනාගෙන් දෙදෙනෙක් නාට්‍ය ශාලාවේ බිම පෙරළී තම නළල් තල අත්වලින් අල්ලා ගෙන සිටිති.
“හිටපු ගමන් ඔයාට හරි මහන්සි පාටයි,” හේසල් කීවාය. “මේ සොපාවේ දිග ඇරෙන්නෙ නැත්තෙ ඇයි? ඔයාගෙ ප්‍රතිබන්ධන මල්ල කොට්ට උඩ තියන්න පුළුවන් එතකොට, ප්‍රයාදරය.” ඇය අදහස් කළේ ජෝර්ජ්ගේ බල්ල වටා අගුල් දමා එල්ලා ඇති රාත්තල් 47 ක් බර වූ කැන්වස් මල්ල ගැන යි. “යන්න ගිහින් මල්ල තියලා ටිකකට නිවාඩු ගන්න,” ඇය කීවා ය. “මට කමක් නැහැ ඔයා මා හා සමානාත්වයක් නැති වූවාට ඩිංග කාලයකට.”
ජෝර්ජ් මල්ල අතේ තබාගෙන එහි බර බැලුවේ ය. “මට කාරියක් නැහැ,” ඔහු කීවේ ය. “මට ඒක වැඩියක් කියලා දැනෙන්නෙ නැහැ. දැන් ඒක මගේ කොටසක් වගේ.”
“ඔයාට ළඟක දී ඉඳල ගොඩක් මහන්සියි වගේ.