Sinhala story Blog

ජනවාරි 6, 2012

අපි ජීවත්වන්නෝ -377 ඇය සිනාවූයේ කරන්නට හැකි වූ දේවල් බොහොමයක් ගැනයි

Filed under: Uncategorized — sinhalashortstories @ 12:38 ප.ව.

හිමිදිරියේ දී ඇය බෑවුමක ගැට්ටක් මත ඇද වැටුනා ය.

ඈතට යන තෙක් පෙනෙන හිම මිටියාවතක අගිස්සේ නැඟ එන හිරු දක්වා විසිර තිබිණ. හිරු පායා නැත. රෝස පැහැති පටියක්, ලා පැහැති වූ, තුරුණු, හරියට පාටක හුස්මක් සේ, හරියට පාටක උපතක් සේ, හිම මතින් නැඟී දිස්නය පතුරුවයි. වෙව්ලමින් ලා පැහැති නිල් පැහැයෙන් වූ ඉහළට මුසු වී යයි. තුනී වේල් පටක් යටින් නිවි නිවී පත්තු වෙන දීප්තියෙන් නිල් පැහැය පැතිර ගියේ ය. හරියට ගිම්හාන සූර්යාලෝකයක පොකුණක හොල්මනක් නොපෙනී යනවා‍ සේ ය. හරියට සියකිරණ ගැඹුරක කිඳි ගොස් ඇති ‍විලක මතුපිට සේ ය. ඒ පටන් ගන්නා දියරයක් වැනි වූ දැල්ලේ හැම අත වූ හිම පෙනුනේ වෙව්ලා, හුස්ම ගනිමින්, සුමට ව දිළිසෙමින් ඇත්තා සේ ය. දිගු තීරු මිටියාවත හරහා පැතිර තිබුණි. සෙවැනැලි සේ වූයේ එළියයි. බරින් වූ, නිල් පැහැති එළිය අගිස්සේ නටන්නට සූදානම් ගිනිදැල් ඇති ලෙසින් පෙනුණි.

මිටියාවතේ ඈතක කුඩා හුදකලා ගහක් දකින්නට තිබිණි. එහි කොළ තිබියේ නැත. එහි සිහින්, දුලබ අතු අතර හිම රැඳී නොතිබුණි. එය තියුණු ලෙසින් ඇදී තිබුනේ අනාගත වසන්තයක ජීවයෙනි. එහි කළු අතු, අත් මෙන්, කරන්නට හැකි වූ බොහොමයක් දේවල් තිබි අනන්තයට දිවෙන ලෝකයක් මතින් හිමිදිරිය වෙත දිග හැර පා තිබිණ.

ඇය කඳු ගැට්ට මත වැතිර, පහළට හැරී අහස දිහා බලා සිටියා ය. සුදු හා නිශ්චල වූ එක අතක් ගැට්ට මතින් පහතට වැටී තිබිණි. ඉන් කුඩා රතු බිංදු හෙමිහිට පෙරළී හිම මතින් බෑවුමට ඇද වැටුණි.

ඇය සිනා වූවා ය. තමන් මිය යන බව ඇය දත්තා ය. ඒත් තව දුරටත් ඉන් කමක් නැත. කිසිම මනුෂ්ය වචන වලින් කිසිදාක කිව නොහැකි යමක් ඇය දැන සිටි බව ඇය දැන් දත්තා ය. ඇය ඒ වෙනුවෙන් බලාගෙන සිටියෙකි. හරියට එය පැවති විදියට ඇයට දැනුණි. හරියට එය ජීවත් වූ ලෙසින් ඇයට දැනුණි. ජීවිතය, ඇය එය විය හැකි වූ ආකාරය දන්නා නිසා පමණකින්, ඇයට දැනුනේ සද්දයක් නැති ගීතිකාවක් ලෙසිනි. රතු බිංදු රූ රා වැටෙන කුඩා හිල යට ගැඹුරු පතුලක, ඒ රතු බිංදු ආපු තැනේ ඉතා පතුලකින් වූ දැයක් ඇය දත්තා ය. එක මොහොතක්, නැත්නම් සදාකාලයක් -යන්න වැදගත් ද? ජීවිතය, පරාජය නොකරන ලද ජීවිතය පැවතිණ. එයට පැවතිය හැකිය.

ඇය සිනා වූවා ය. ඒ ඇයගේ අන්තිම සිනාව ය. ඇය සිනා වූයේ කරන්නට හැකි වූ දේවල් බොහොමයක් ගැනයි.

*********

“අප ජීවත්වන්නෝ” පරිවර්තනය මෙතැනින් නිමාවෙයි. කියවන්න පැමිණි ඔබ සැමට ස්තූතියි.

“අපි ජීවත්වන්නෝ” රචනා තරඟය 10, 11, සහ 12 පංති වල ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා ය. පළමු ත්‍යාගය $3,000; $1000 බැගින් දෙවැනි තෑගි පහකි; $300 බැගින් තෙවැනි තෑගි පහකි, $50 බැගින් තෑගි විසිපහකි; $25 බැගින් තෑගි 80 කි. රචනා බාර ගන්නා අවසන් දිනය මැයි 5, 2012
භාෂාව: ඉංග්‍රීසි
ලෝකයේ ඕනෑම රටක වාසය කරන සිසු සිසුවියන්ට සහභාගි විය හැකියි.

වැඩි විස්තර මෙතැනින්.

ප්‍රතිචාර 2 »

  1. හ්ම්, අවසානෙ නම් ගොඩක් ශොචනීයයි නේද අක්කේ? මම නම් හිතුවෙම කොහොමහරි කීරා ඇයගේ බලාපොරොත්තුව ඉටු කර ගනීවි කියල. කොහොම උනත් තවත් ලස්සන කතාවක් අපි වෙනුවෙන් ගෙන එන්න මහන්සි උනාට ඔයාට ගොඩක් ස්තිතියි

    Comment විසින් mier — ජනවාරි 6, 2012 @ 1:26 ප.ව.

    • mier,

      අයින් රෑන්ඩ් දර්ශනය අනුව අවසානය ශෝචනීය නැහැ නංගි. කතාවේ ප්‍රධාන චරිත වන කීරා ආර්ගුනෝවා, අන්ද්‍රෙ ටැගනොව් සහ ලියෝ කොවැලෙන්ස්කි අතරින් එවක පවතින තත්වය වැඩියෙන් ම අවබෝධය නිසා තමන්ට උවමනා ආකාරයට ජීවත් වෙන්නට වඩාත් ම සමත් වෙන්නෙ කීරා නොවේ ද? ගලීනා වගේ අය ජීවිතය රැක ගන්න හැදියාව වෙනස් කරද්දී, වික්ටර් වගේ අය තත්වය උසස් කරගන්න තම සද්ගුණයන් පාවා දෙද්දී, මරීෂා වගේ අය කිසිත් වටහා ගන්නට බැරිව අන්දුන් කුන්දුන් වී සිටිය දී, ලියෝ සහ අන්ද්‍රෙ වගේ අය උත්සාහය අත්හැර දමද්දී, කීරා පමණක් අවසන් මොහොත වෙන තෙක් තමන්ගෙ උත්කෘෂ්ට පාවා නොදී ජීවත් වෙන්න සටනක යෙදෙනවා. එයම පමණක් ප්‍රමාණවත් නැද්ද හිතන්න හැකියාව ඇති මනුෂ්‍යත්වය ලැබූ අයෙක් ලෙස කීරා ගැන සතුටු වෙන්න?

      අයින් රෑන්ඩ් මේ කතාව ලියන්නෙ 1936 දී. 1922 පටන් ගත්ත සෝවියට් ක්‍රමය නවතින්නෙ 1991 දී. තාම සෝවියට් ක්‍රමයට ආසන්න වෙන්නයි ඇමෙරිකාවත් ඇතුළුව හැම රටක් ම වගේ ප්‍රතිපත්ති හදන්නෙ!!! එහෙම ක්‍රමයක් නිසා මනුෂ්‍ය සිත් වලට වන හානිය දකින්න බැරිව.

      “I am quite sure now that often, very often, in matters concerning religion and politics a man’s reasoning powers are not above the monkey’s.”
      - Mark Twain in Eruption

      Comment විසින් sinhalashortstories — ජනවාරි 7, 2012 @ 9:47 ප.ව.


මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.