Sinhala story Blog

ජනවාරි 5, 2012

අපි ජීවත්වන්නෝ -376 දුර්වල කෙල්ලක් ඉදිරියටම ඇවිද ගියාය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:43 පෙ.ව.

ඇයට උණුසුම දැඩි ව දැනිණ.

හුස්ම ගන්නට අපහසු බවක් දැනිණ. ඇය කබාය ගලවා හිම මත වැටෙන්නට හැරියා ය. ආපහු හැරී නොබලා දිගට ම ඉදිරියට ඇවිද්දා ය.

අහසේ වළාකුළු නිල්, අළු හා තද කොළ පාටින් කැරලි ගැසෙමින් ඈතට පාවී යති. ඇයට ඉදිරියෙන් හිම මත යාන්තම් දැකිය හැකි වූ ඉරක්, විනිවිද පෙනෙන සුදු පැහැයෙන් වූවක් පෙනුණි. ඒත් ඊට උඩින් වූ හිම දිස්වූයේ ඉතා ලා පැහැති කොළ පාටින් ය.

ඇය විසි වී ඉදිරියට ගියා ය. නැවත ගැස්සී පිටුපසට ගියා ය. ඇය දෙනෙත් වලින් කොණ්ඩය පිස ඉවත් කර ගත්තා ය. කකුල් හිර වෙද්දී, ඇය වටා වූ හිම වැනි සුදු ලේස් දිගු මංගල ගවුමක් හැඳගත් වෙව්ලන පැද්දෙන බීමතින් වූ හැඩරුවක් සේ ඇය ඉදිරියට ගියා ය.

ඇයගේ ඉනෙන් ඒ ගවුමේ පිටුපස වූ බිම ගෑවෙන කොටස ගැල වී ගොස් එහි සුදු ලේස් ඇයගේ කකුල් වල හිරවෙමින් ඇය පිටුපසින් ඇදී එයි. ඇය අන්ධ ලෙසින් වැනෙමින් ගියා ය. ඇයගේ කොණ්ඩය සුළඟට හැම අත ගසා යයි. ඇයගේ දෑත් වැනේ. හරියට ඒ දෑත් ද සුළඟට අසු වී වැනෙනවා වැනි ය. ඇය පිටුපස්සට නැවුනා ය. ඇයගේ පියයුරු සුදු ලේස් යටින් මතු වී පෙනුණි. ඇයගේ වම් පියයුර යටින් කුඩා රතු දිය පහරක් සෙමෙන් පහළට ගලා බසී. දිගු තද පැහැති පැල්ලම් ගවුම පුරා දිව ගොස් බිම ගෑවෙන කොටසේ ද පැතිරී ගියේ ය. සියුමැලි ලේස් මල් සුදු සැටින් මත්තේ රතු පාටින් පෙනිණ.

හදිසියේ ම ඇයගේ පෙන වලින් කැටි ගැසී ඇල වී ගිය වියළි තොල් නැවතත් විවර විය. ඇය සුමුදු හඬකින් එක නමක්, උදව් ඉල්ලා කරන ආයාචනාවක්, එහා පැත්තෙන්, මායිමට ඔබ්බෙන් වූ, හරියට පිරිමැදීමක් මෙන්, ඇයගේ හඬ දයාවෙන් හා ප්රීතියකට ළං වූ ස්වරයකින් පිට විය: “ලියෝ! …”

ඇය නැවත නැවතත් මැතිරුවා ය. හඬ තව තවත් වැඩි කරමින්, බලාපොරොත්තු සුන් වූ ලෙසකින් නොව, හරියට ඒ සද්දය, ලෝකයේ වූ ඒ එක සද්දයෙන්, ඇයට ජීවයක් දෙන ලෙසින් කීවා ය: “ලියෝ! … ලියෝ! … ලියෝ! …”

ඇය ඔහුට කතා කරන්නී ය. පවතින්නට හැකි වූ ලියෝ, තමා යන තැන, මායිමට එපිටතින් ජීවත් වන්නට අවස්ථාවක් ලද්දා නම් විය හැකි වූ ලියෝ ට කතා කළා ය. ඇය එනතෙක් ඔහු එහි බලාගෙන සිටියි. ඒ නිසා ඇය යා යුතු යි. එතැන, ඒ ලෝකයේ, මායිමට එපිටත, ඇය වෙනුවෙන් ජීවිතයක් බලාගෙන සිටියි. ජීවත් වූ හැම පැයක ම ඇය අවංක වූ ජීවිතය, කිසිම විටෙක පහතට නොහැර වූ එකම බැනරය, කෙළින් හා ඉහළට ඔසවා ගෙන සිටිය එකම එක, පාවා දිය නොහැකි ජීවිතය, තවමත් ජීවතුන් අතර සිටිය දී පාවා නොදිය හැකි වූව, තවමත් සේවයක් කළ හැකි ජීවිතය වෙනුවෙන්, ඇවිද්දා ය. තව ටික කාලයක් ඉදිරියට, ජීවිතය වෙනුවෙන් තව ටික කාලයක් ඇය ඇවිද්දා ය.

එවිට ඇයට සිංදුවක් ඇසිණ. එහි තාලය මනුෂ්ය හඬක් වන්නට තරමකින් හඬකින් නොයුතු ය. සිංදුව අන්තිම සටන් බිමක පා ගමන් තබන තාලයකි. එය අවමංගල ළතෝනියක් වූයේ නැත. එය ගීතිකාවක් වූයේ නැත. එය යාඥාවක් නොවීය. එය පැරණි ඔපෙරෙට්ටාවක තාලයකි. “කැඩුණු වීදුරුවේ සිංදුව” විය.

සංගීතයේ කුඩා තනු පසු බැස්මෙන් වෙව්ලා ‍ගොස් අනතුරුව පුපුරා ගියහ. ඉක්මණින් පෙරළී, හරියට සියුම් රැළි මෙන්, හරියට වීදුරුවකින් නැඟෙන හඬක් සේ සිහින් හා පැහැදිලි විය. කුඩා තනු උඩ පැන පුපුරා ගොස් හිනා වූහ. හිනා වූයේ සම්පූර්ණ වූ, කොන්දේසි නොමැති වූ, උත්කර්ෂවත් මනුෂ්ය ප්රීතියකිනි.

ගයන්නේ තමන් දැයි ඇය නොදත්තා ය. සමහර විට ඇයට ඒ සංගීතය කොහෙන් දෝ ඇසෙනවා පමණක් ඇති.

එහෙත් සංගීතය පොරොන්දුවක් වූවකි. ඇයගේ ජීවිතය ආරම්භයේ දී වූ පොරොන්දුවකි. එදා ඒ වූ පොරොන්දුව, ඇයට දැන් අහිමි කරන්නට නොහැකි ය. ඇය ඉදිරියට යා යුතු යි.

ඇය ඇවිද ගියා ය. සුදු ලේස් මත රතු පැල්ලම් පැතිර යන, පිම්බී හැම අත විසිරී යන, පූජකවරියකගේ මධ්යකාලීන ගවුමක් හැඳගත්, දුර්වල කෙල්ලක් ඉදිරියට ම ඇවිද ගියා ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.